ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 23, 2016

රටට හෙටක් නැති නිවට ව‍යවස්ථාව ගැන ටී.ඵන්.ඒ සතුටු කඳුළු....!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පූජනීය කාර්යයක් බැවින් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන්  පවසයි.
ඔහු මෙසේ පැවසූයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනිවාර්යයෙන්ම සම්මත කර ගැනීමට අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී (19) තීරණය කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිය.
මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, මහජන ආරක්ෂාව නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත යන අනුකාරක සභා හයේ වාර්තා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

එමෙන්ම බලය බෙදා හැරීමේ මූලධර්ම පිළිබඳවද ‍පොලිස් බලතල හා ඉඩම් පිළිබඳවද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියමින් අගමැතිවරයා අනුකමිටු වාර්තා ඉදිරිපත් කළේය.
මෙම වාර්තා පිළිබඳ විවාදය ජනවාරි 09, 10 සහ 11 යන දිනවල පාර්ලිමේන්තුවේදී සිදුකරන බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත විවාද කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි බවද කීවේය.
මධ්‍යම රජය සහ පළාත්සභා අතර බලය බෙදීම සම්බන්ධයෙන් වූ “මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත“ අනුකාරක සභා වාර්තාව අනුව ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට පැවරීම, පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම, දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම, මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම, පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම ආදී කරුණු ගණනාවක් නිර්දේශ කර ඇත.
එහි සම්පූර්ණ වාර්තාව මෙතැනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.