ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ (24 දා) ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්ව එහි සාමාජිකත්වය ලබාගත්හ.
එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන නියෝජිතයන් අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු, ප්රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු බහුතරයක් වූහ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල කටයුතු කළ මන්ත්රීවරුගෙන් සියයට 75 ක් පමණ ඊයේ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම අවස්ථාවට එක්වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ( සාටක සුණඛ ) පැවැසීය.

නව පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලය වෙත ඊයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු නගර සභා, ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.
පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ( සාටක සුණඛ ) අතින් සිදුවිය.
ඡායාරූපය
බැසිල් රාජපක්ෂ ( සාටක සුණඛ )පසුගිය රජය පරාජයවූ වහාම සිය බිරිඳද සමග සිය සාටක ගලවා හොර රහසේ ගුවන් තොටුපළින් පැන ගිය අයුරු