ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 28, 2016

නෙගටිව් එක තුන් පාරක්‌ සවුත්තු වුණා ට්‍රම්ප් ආයිආයි රගපෑවා...!!!

ඇමරිකානු ජනාධිපතිව චිත්‍රපටයකට ගත්ත චන්ද්‍රන් රත්නම් කියයි...!!!
ට්‍රම්ප් චිත්‍රපට සමාගම 1990 වසරේදී නිෂ්පාදනය කළ ගොස්‌ට්‌ කාන්ට්‌ ඩු ඉට්‌ (Ghosts Can't do it) චිත්‍රපටය මෑතකදී වඩාත් අවධානයට පාත්‍ර වූයේ ඉදිරියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී සිටින ඩොනල් ට්‍රම්ප් එහි කළ රංගනනය හේතුවෙනි. ලාංකික අපට එහි ඇති වැදගත්කම වනුයේ ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සුවිශේෂ භූමිකාවක්‌ නිරුපණය කිරීමයි. මේ එම සුවිශේෂී අවස්‌ථාව හා චන්ද්‍රන් රත්නම්ගේ අන්තර්ජාතික සිනමා අත්දැකීම් පිළිබඳ ඔහු සමග අප කළ සාකච්ඡාවකි.

අසූවෙ දශකයේ තිරගත වූ ඇමරිකාවේ නිෂ්පාදිත "ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌" චිත්‍රපටය පිළිබඳ නැවතත් කතාබහක්‌ ඇතිවෙලා තිබෙනවා. ඊට හේතුව ඇමරිකාවේ මීළඟ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් එහි රංගනයේ නියෑලීමත්, ඔබ එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සාමාජිකයකු වීමත් නිසා. මුලින්ම කියන්න ලාංකිකයකු වන ඔබට ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌ චිත්‍රපටයට සම්බන්ධ වීමට පසුබිම හැදෙන්නෙ කොහොමද...?
ඒ කාලෙ මම ජීවත්වෙලා හිටියෙ ඇමරිකාවේ. එම්.ජී.එම්. චිත්‍රපට සමාගම කියන්නෙ ඇමරිකා චිත්‍රපට කර්මාන්තයේ හොඳ නමක්‌ තිබෙන විශාල සමාගමක්‌. මට දැන ගන්න ලැබුණා ඔවුන් ටාසන් ද ඒප් මෑන් කියල චිත්‍රපටයක්‌ අප්‍රිකාවල හදන්න යනව කියල. මම ඔවුන් හමුවෙලා ඇහුවා ඇයි මේ චිත්‍රපටය අප්‍රිකාවල හදන්නෙ. අපේ රටේත් හරි ලස්‌සන කැලෑවල් තියෙනවා. මේ චිත්‍රපටය අපේ රටේද හදන්න පුළුවන් කියලා. මම ඔවුන්ට විස්‌තර කළා අපේ රටේ පරිසර සුන්දරත්වය ගැන. ඒ අවස්‌ථාවෙ ඔවුන් මට ජෝන් ඩෙරික්‌ සහ බෝ ඩෙරික්‌ව හඳුන්වල දීලා මේ විස්‌තරේ ඔවුන් දෙපළට කිව්වා. බොඩි ඩෙරික්‌ කියන්නෙ ඒ වෙනකොට ඇමරිකාවේ ජනප්‍රියතම නිළියක්‌. ඇයගේ සැමියා වන ජෝන් ඩෙරික්‌ තමයි එම චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේ.
මගේ විස්‌තර කිරීම අහල ලංකාවේ දර්ශනතල බලන්න එන්න ඔවුන් කැමැතිවෙලා මට කිව්වා. පහුවදාට නැවත කාර්යාලයට ඇවිත් හමුවන්න කියල. මම හරි සතුටින් එදා ගෙදර ගිහින් පහුවෙනිදා නැවතත් ඔවුන්ව හමුවෙන්න කාර්යාලයට ආවා. ඒත් ඔවුන් නැවතත් ඔවුන්ගෙ අදහස වෙනස්‌ කරගෙන. ඒ මොහොතෙ ඔවුන් අප්‍රිකාවට යන්න සූදානම්වෙලා "මට ගුඩ් බායි" කියල යන්න සූදානම් වුණා. ඒ සිදුවීමෙන් මගේ හිත ගොඩක්‌ රිදුණා.

ඉතින් ඔබ උත්සාහය අත්හැරියා...?


නැහැ. ඒ වෙනකොට ඔවුන් මට චිත්‍රපටයෙ ස්‌ක්‍රිප්ට්‌ එක දීල තිබුණෙ. මම ඔවුන් දෙපළට කීවා ඔබ ලංකාවට යන්න ආවේ නැතිවුණාට මම ලංකාවට යනවා. ගිහින් මම පෙන්වන්නම් අපේ දර්ශන තල මේ චිත්‍රපටයට කොච්චර සුදුසුද කියල. එහෙම කියල මම ලංකාවට ඇවිත් පිටපත අරන් "සීන් නම්බර් වන්" ඉඳන් එකින් එක අරන් ඒ "සීන්" රූගත කරන්න ගැළපෙන ස්‌ථාන ගැන වෙන වෙනම විස්‌තර කරල ලිව්වා. මම හිතන්නෙ ඒ වගේ දිග ටෙලෙක්‌ස්‌ එකක්‌ කවුරුත් ලියල නැතිව ඇති. ඊට පස්‌සෙ මට මේ විස්‌තර ඉක්‌මනින්ම ඔවුන්ට යවන්න ඕන වුණා. ඒත් දැන් වගේ ඒ කාලේ FACS, ඊමේල් නෑ. මම එම්.ජී.එම්. සමාගමට කතා කරල ඇහුව ජෝන් ඩෙරික්‌ලා අප්‍රිකාවල ඉන්නෙ කොහේද කියල. ඒත් ඩෙරික්‌ යුවළ සිටින තැන ගැන සඳහන් කිරීම ඔවුන් ප්‍රතික්‌ෂේප කළා. මම වැඩේ අත්හැරියෙ නෑ. කෙන්යාවල තියෙන හොඳම හෝටල් තුන හොයාගෙන ඒ හෝටල් තුනටම ජෝන් ඩෙරික්‌ලගෙ නම සඳහන් කරල අපි සියලු විස්‌තර මම ටෙලෙක්‌ස්‌ කළා. මම අනුමාන කළා වගේම ඒ එක ටෙලෙක්‌ස්‌ එකක්‌ ඔවුන්ට ලැබුණා. ඒ මොහොතෙම ඔවුන් මට කතා කළා. "ඔයා මහ පුදුම මිනිහෙක්‌නෙ..." ගත් කටටම ජෝන් ඩෙරික්‌ මට කිව්වෙ එහෙමම මම ඔවුන්ට ඒ අවස්‌ථාවෙ කිව්වෙ මම කිව්ව දේ. පොරොන්දු වුණ දේ ඔන්න මම කළාය කියල. ඒ සිදුවීමෙන් ඔවුන් බොහොම සතුටුවෙලා ලංකාවට ඇවිත් උඩවත්ත කැලේ ආශ්‍රිතව දර්ශන තල පසුබිම් කරගෙන චිත්‍රපටය රූගත කළා. එදා ඉඳන් ජෝන් ඩෙරික්‌ සහ බෝ ඩෙරික්‌ මගේ ඉතා කිට්‌ටු යහළුවන් බවට පත්වුණා. ඔවුන් දෙපළ තමයි මාවත් සම්බන්ධ කරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපෑව ගොස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌ චිත්‍රපටය හැදුවෙ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගොස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ගොස්‌ට්‌ කාන්ට්‌ චිත්‍රපටයෙ බොහෝ රූගත කිරීම් සිදුකළේ අසියානු කලාපයේ. මේ චිත්‍රපටයට අපිට අවශ්‍ය වෙලා තිබුණා කෝටිපතියෙකුගේ චරිතයක්‌. මට මතකයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ යහළුවෙක්‌ තමයි යෝජනා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ව මේ චරිතයට සුදුසුයි කියලා. මාලදිවයින්වල රූගත කිරීම් කරන අතරතුරේදී තමයි ට්‍රම්ප්ව එම චරිතයට තෝරා ගැනීම ගැන සාකච්ඡා වුණේ. ඒක ස්‌ථිර වුණ ගමන් අපි ඇමරිකාවට ගියා ඩොනල්ඩ් ට්‍රම්ප්ව යොදාගෙන රූගත කිරීම සිදු කරන්න.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගන්නකොට ඊට කලින් ඔහු වෙනත් නිර්මාණයක රඟපාල තිබුණාද?

නෑ.. ඊට කලින් ඔහු රඟපාල තිබුණෙ නෑ. ගොස්‌ට්‌ කාන්ට්‌ තමයි ඔහුගෙ පළවැනි රංගනය වුණේ.

ව්‍යාපාරිකයෙක්‌ ලෙස ඔහු ඒ වෙනකොටත් ජනප්‍රියද?

ඔව්. අපි චිත්‍රපටය රූගත කළේ 1989 කාලේ. ඒ වෙනකොටත් තරුණ කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනප්‍රිය චරිතයක්‌. කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ විදියට පෙනී සිටීමට තිබූ චිත්‍රපටයෙ චරිතය අපි ඔහුට දුන්නෙ ඔහුගෙ සැබෑ නමින්ම පෙනී සිටින්න.

රූගත කිරීමේදී ඔහු සමඟ වැඩ කිරීම අපහසු වුණේ නැද්ද?

නැහැ. ඇත්තෙන්ම ඔහු ඉතා හොඳ මනුස්‌සයෙක්‌. ඒක දවසක රූගත කිරීමක්‌. ඔහු හොඳින් තමන්ගෙ වැඩේ ඉටුකළා. ඒත් ලැබ් එකට ගිහින් බලද්දී ඒ රූගත කිරීමට අදාළ නෙගෙටිව් එක සවුත්තුවෙලා. පාවිච්චි කරන්න බෑ.

මේ විදියට ට්‍රම්ප් රඟපෑ දර්ශනය තුන්පාරක්‌ රූගත කරන්න වුණා. ඒත් ඔහු ඊට මුහුණ දුන්නේ ඉතාම සැහැල්ලුවෙන්....

අපි නැවත ට්‍රම්ප්ට කතා කරල ඇහුව නැවතත් ඔහුට එම දර්ශනයට පෙනී සිටින්න පුළුවන්ද කියල. "ඔව් කිසි ප්‍රශ්නයක්‌ නෑ..." ඔහු දුන්නෙ ඒ වගේ සරල පිළිතුරක්‌. ඊට පස්‌සෙ තවත් දවසක්‌ අරන් අපි ඒ රූගත කිරීම සිදුකළා. මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේනත් රඟපෑවා.

චිත්‍රපටයටත් ට්‍රම්ප්ගෙ රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණද?

ජෝන් ඩෙරික්‌ කියන්නෙ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්‌. ඒ වගේම දක්‍ෂ කැමරා ශිල්පියෙක්‌. ඔහුගෙ චිත්‍රපටවල පිටපත, අධ්‍යක්‍ෂණය, කැමරාකරණය කරන්නෙ ඔහු. ඔහු කෙළින් කතා කරන පුද්ගලයෙක්‌. ඩොනල්ඩ් ට්‍රම්ප්පුත් කියන දේ මූණටම කියන පුද්ගලයෙක්‌. මේනිසා මාධ්‍ය මේ දෙන්න එක්‌කම තරහයි. මොන දේ කළත් මේ දෙන්නවම විවේචනය කරනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාම මාධ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ව වරක්‌ සපෝර්ටින් ඇක්‌ටර් විදියටත්, බොඩි ඩෙරික්‌ වර්ස්‌ ඇක්‌ට්‍රස්‌ විදියටත් හඳුන්වල මාධ්‍යයෙන් පහර දුන්නා. හැබැයි චිත්‍රපටය ලාබ ලබමින් ජනතාව අතර ජනප්‍රිය වුණා.

ට්‍රම්ප් සමඟ පැවති දැන හැඳුනුම්කම තාමත් තියනවද?

දර්ශනය රූගත කළෙත් ට්‍රම්ප්ගේම කාර්යාල ගොඩනැගිල්ලේ... ඔහු ඒ සඳහා පහසුකම් සලසන්න පැකිළුනේ නෑ...

චිත්‍රපටයෙන් පස්‌සෙ ඇසුරක්‌ පැවතුණේ නෑ. ඒත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල දැන ගත්තම මම ඔහුගෙ විද්යුත් ලිපිනය සොයාගෙන ලිව්වා. ඔබ ජයග්‍රහණය කළාම අපේ රටටත් ඇවිත් යන්න එන්න මේ රට හරි ලස්‌සන රටක්‌ කියල.

ඒ කාලෙ ඔබවත්, ජෝන් ඩෙරික්‌වත් නිකමට හරි හිතුවද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවෙ ජනාධිපති වෙයි කියලා?

මමවත් ජෝන් ඩෙරික්‌වත් නෙවෙයි. ඒ කාලේ මිනිස්‌සු එයාගෙන් අහළ තියනවා ජනාධිපතිවරණයට තරග කරනවද කියල. ඔහු ඒ අවස්‌ථාවේ මාධ්‍යයට කදිම පිළිතුරක්‌ දීල තියෙන්නෙ. ඔහු කියල තියෙන්නෙ මෙන්න මෙහෙම. මම ජනාධිපතිවරණයට තරග කරනව නම් එන්නෙ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මොකද රිපබ්ලිකන් ඡන්ද දායකයෝ ඔක්‌කොම ගොන්නු. මම ඕන බොරුවක්‌ කිව්වොත් ෙක්‌ස්‌ නිව්ස්‌ අහල රිපබ්ලිකන් අපේක්‍ෂකයෝ ඒවා පිළිගනියි. හැබැයි මගේ ඡන්ද වැඩිවෙයි.

මේ වගේ ලෝකයේ තවත් කොපමණ සුවිශේෂී චරිත සමඟ ඔබ වැඩ කරල, ආශ්‍රය කරල තියනවද?

මම වසර තිස්‌අටක්‌ ජීවත් වුණේ ඇමරිකාවේ. හොලිවුඩ්වල වැඩ කළේ. ඉතින් බොහෝ ප්‍රසිද්ධ චරිත මට හමුවෙලා තියෙනවා. මගේ හොඳම යහළුවා ස්‌ටීවන්සන් ස්‌පිල්බර්ග්. ඔහු "ඉන්ඩියානා ජෝන්ස්‌" හදන්න ලංකාවේ දර්ශනතල යොදා ගත්තෙ මා සමඟ පවතින මිත්‍රත්වයත් එක්‌ක. චාලි චැප්ලියන්, ටෝනි කර්ටිසන්, ජොන් වෙන්, රිචඩ් නික්‌සන්, ජෝන් කෙනඩි, ජැක්‌ නිකල්සන්, බිලි බයිමන්, SOFIA ලොරෙන්ස්‌, අලහරා මාන්, බිලි මඩිමන්, ටොම් ජෝන්, මාලන් බ්‍රැන්ඩෝ වගේ සුවිශේෂී චරිත මට මොහොතකට හෝ හමුවී ඒ අය සමඟ පැවති කතාවක්‌ තිබෙනවා. මේ වගේ සුවිශේෂී චරිත 150 කට වඩා මා සමඟ මොහොතක්‌ ගතකළ මතකය ගැන මම දැන් පොතක්‌ කරමින් හිඳින්නෙ.

ජාත්‍යන්තර සිනමා කර්මාන්තයේ අත්දැකීම් සමඟ ලංකාවේ සිනමා කර්මාන්තය ඔබ දකින්නෙ කොහොමද?

මේ තියන ක්‍රමය හරි නෑ. අපේ හොඳ දක්‍ෂ ළමයි ඉන්නවා. ලංකාවේ ජාත්‍යන්තර නිෂ්පාදන කරන්න පුළුවන්. හැබැයි අපි චිත්‍රපට හදන්න ඕන ජාත්‍යන්තර වෙළෙඳ පොළටත් එක්‌ක. එහෙම නැතිව විශාල නිෂ්පාදන කරල ගොඩ එන්න බෑ. අපේ සිනමා කර්මාන්තයේ මිනිස්‌සු හරි දුප්පත්. හේතුව මේ කුඩා වෙළෙඳපොළට චිත්‍රපට හදල රැකෙන්න බෑ. ඉලක්‌කය වෙන්න ඕන ජාත්‍යන්තර වෙළෙඳපොළක්‌. නැත්නම් වෙන්නෙ අධ්‍යක්‍ෂ සම්මානයත් අරන් ගෙදර යනවා. නිෂ්පාදකයාට මොනවත් නෑ. එතකොට මේ දෙන්න එකතුවෙලා ආයෙ චිත්‍රපටයක්‌ හැදෙයිද?


ජාත්‍යන්තර සිනමා කර්මාන්තයට සම්බන්ධ වීමට ඔබට මුලින්ම පාර සැකසුණේ කොහොමද?

බ්‍රිඡ් ඔන්ද රිවර් ක්‌වායි නමැති චිත්‍රපටය හැදුවෙ ලංකාවේ කිතුල්ගල. මට එතකොට වයස 17 ක්‌ ඇති. මම ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමට සම්බන්ධවෙලා වැඩ කළා. බඩු භාණ්‌ඩ එහාට මෙහාට අදින්න. තේ හදන්න. දර්ශන පසුතල හදන්න උදව් වෙන්න. ඒ හැම දේකින්ම. ඒ දැන හැඳුනුම්කමත් එක්‌ක චිත්‍රපටය අවසන්වෙලා ඔවුන් යද්දි මට කිව්වා එහෙට ආවොත් රැකියාවක්‌ දෙන්නම් කියලා. මම ඊට පසු සතියෙම ඇමරිකාවට ගියා. ගිහින් වැඩ කළේ හොලිවුඩ්වල. එහෙම තමයි ටිකෙන් ටික මම නැගිට්‌ටේ.

ඔබේ දෙමාපියන් ආර්ථීක අතින් සවිමත් පුද්ගලයන් නිසා චිත්‍රපට නිෂ්පාදකයන් වීමට ඔවුන්ගෙන් සහයෝගයක්‌ ලැබුණද?

මගේ අම්මා තාත්තා පොහොසත් උදවිය. අම්මා සිංහල. තාත්තා දෙමළ. මේ දෙන්නගෙ කතාව තමයි ආදර කතාව කියල මම හැදුවෙ. මේක කරන්න ඉද්දි ඒ ගොල්ලො කිව්වෙ ඔය පිස්‌සු වැඩ අල්ලලා දාන්න කියල. ඒත් ටාසන්ද ඒප් මෑන් චිත්‍රපටයෙ වැඩ කරල එයින් ලැබුණු සල්ලිවලින් මම ආදර කතාව චිත්‍රපටය හැදුවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.