40000 මහපාරේ අයවැයෙන් විසඳුම් දියව්..!!!
නොවැම්බර් 10 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය තුල රැකියාවිරහිත උපාධිධාරී ගැටළුවට විසඳුමක් බලාපොරෝත්තු වන අතර විසඳුමක් නැතොත් සමස්ථ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අරගල කිරීමට සිදුවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයාට අවධාරණය කර සිටි.
ගරු මුදල් අමාත්‍ය,
රවී කරුණානායක ,
මුදල් අමාත්‍යංශය.
ගරු මුදල් ඇමති.
රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා හිමිවන ස්ථීර විසදුමක් මෙවර අය වැයෙන් අවශ්‍යයි.
ආණ්ඩුව අවසන් වරට රැකියාවිරහිත උපාධිධාරීන් බඳවාගනු ලැබුවේ 2012/03/30
දිනට උපාධිය සහිත පිරිස පමණි. 2012/07/01 සිට අද දක්වා ජාතික
විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වූ අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් විශාල
ප්‍රමාණයක් මේ වන විට රැකියාවිරහිත භාවයෙන් සිටින බව අපි ඉතා වගකීමේන්
පෙන්වා දෙමු. එම ප්‍රමාණය 40000 කට ආසන්න බව වාර්ථා වේ.
අද අපේ රට ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බව පිළිගත යුතුව
ඇත. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවට යැපුම් ආර්ථිකයක ගොදුරක් බවට රටත්,
ලාංකීය සමාජයත් පත්වෙමින් සිටි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ආර්ථිකය ගොඩ නඟන
බවට විවිධ ප්‍රසිද්ධ දේශපාලන කථා පැවැත්වුවත් අපේ රටේ ආර්ථිකය ගොඩනැගිය
හැකි සැබෑ සම්පත් හඳුනා නොගැනීම අභාග්‍යයකි. රටේ සිටින උගත් බුද්ධිමත්
දියුණු මානව ප්‍රජාව දැවැන්ත මානව සම්පතක් ලෙස යොදා නොගන්නේ මන්ද යන්න
ගැටළුවකි. අපේ රටේ උගත් බුද්ධිමත් මානව ප්‍රජාව බුද්ධිගලනය හරහා විදේශීය
රටවල සංවර්ධනය උදෙසා සිය බුද්ධිමය දායකත්වය ලාබාදෙමින් සිටි.
එම නිසා ඇතිවී තිබෙන අර්බුධයද සැලකිල්ලට ගනිමින් 2017 වර්ෂය සඳහා
ඉදිරිපත් කරනු ලබන අය වැය යෝජනා අතරට අප මධ්‍යස්ථානය මගින් පහත සඳහන් යෝජනා
ඉදිරිපත් කරමු. නොවැම්බර් 10 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය තුල
රැකියාවිරහිත උපාධිධාරී ගැටළුවට විසඳුමක් බලාපොරෝත්තු වන අතර විසඳුමක්
නැතොත් සමස්ථ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් අරගල
කිරීමට සිදුවන බවත් වගකීමෙන් ප්‍රකාශ කරමු.
අය වැය යෝජනා
01. දැනට මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවය තුල සංවර්ධන නිලධාරී
සේවාවේ ඇතිවී තිබෙන පුරප්පාඩු රැකියාවිරහිත උපාධිධාරීන්ගෙන් පිරවීම සඳහා
භාණ්ඩාගාර අනුමැතිය ලබාදීම.
02. ජාතික පාසල්/පළාත් පාසල්වල තවදුරටත් පවතින ගුරු පුරප්පාඩු
රැකියාවිරහිත උපාධිධාරීන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි බඳවා ගැනීමට අනුමැතිය
ලබාදීම.
03. විශ්වවිද්‍යාල මගින් පිටවන අභ්‍යන්තර හා බාහිර උධිධාරීන්ගේ
තොරතුරු රැස්කිරීම සඳහා ජාතික කාර්යංශයක් ඇති කිරීම හා දේශීය විදේශීය
රැකියා අවස්ථාවන්ට සුදුස්සන් බවට පත්කිරීම සඳහා ජාතික පුහුණු කාර්ංශයක් ඇති
කිරීම.
04. රැකියාවිරහිත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.
ස්තූතියි,
මෙයට විශ්වාසී,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.