මන්ත්‍රීවරුන් පනස් අට දෙනාට මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු රහිත වාහන ආනයන කිරීමේ හිමිකමට අමතරව බව ද කී දිසානායක මෙසේ කුලී පදනම මත ලබාදෙන එක් වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් හාරකෝටි විසිලක්ෂයක් පමණ වන බව ද කීවේය.
මෙතරම් මුදලක් ගෙවූවද නියමිත වසර පහ අවසානයේදී මෙම වාහන පනස් අටේ අයිතිය රජයට නොලැබෙන බව කී දිසානායක මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස බරපතළ අක්‍රමිකතාවක් හා මූල්‍ය වංචාවක් සිදුවන බවට සාධාරණ සැකයක් මතුවන බවද ප්‍රකාශ කළේය.
මෙම වාහන ලබාදෙන මන්ත්‍රීවරුන්ට දැනටමත් ප්‍රවාහන දීමනාවක් යෑයි කියමින් රුපියල් ලක්ෂ දෙක බැගින් අමතර මාසික දීමනාවක් ගෙවමින් සිටින බවද කී දිසානායක ඔවුන් දැනටමත් තීරු බදු රහිත වාහන වරප්‍රසාදය භුක්ති විඳින බවද ප්‍රකාශ කළේය.