ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 25, 2016

මහ කුඩ්ඩෝ තාම ඵළියේ....!!!

මෙසේ මත්ද්‍රව්‍යය ගෙන ඒම පසුපස සිටින දේශපාළුවන් සහ තක්කඩි පාහරයන් අල්ලා නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කරති.

සීනි කන්ටේනරයේ කෝටි 200ක කොකේන්
* ගෙන්වූයේ බ්‍රසීලයෙන්
* ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අල්ලයි...!!!

බ්‍රසීලයෙන් ආනයන කරන ලද සීනි කන්ටේනරයක්‌ තුළ සඟවා තිබූ රුපියල් කෝටි දෙසියයකට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක්‌ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින්  (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කොකේන් තොගය කිලෝ 200 කට වැඩි බරකින් යුක්‌ත බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ආරංචි මාර්ග පවසයි.
බ්‍රසීලයේ සිට ආනයනය කරන සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් තොග පිටින් රැගෙන එන බවට හෙළිවීමත් සමග මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනර් 50 ක්‌ දැඩි පරික්‍ෂාවට ලක්‌ කිරීම සඳහා රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් රඳවා ගෙන තිබිණි.

මාසයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම කන්ටේනර් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ රඳවා ගෙන පරීක්‍ෂා කර ඇති අතර, ඊයේ දහවල් 12 ට පමණ මෙම කන්ටේනර් තුළ තිබී කොකේන් තොගය හමුවී ඇත.
කිලෝ 25 බැගින් වූ ගමන් මලු අටක මෙම කොකේන් තොගය ගබඩා කර තිබී ඇත.
මෙම සීනි ආනයනය කරන සමාගමේ අනුදැනුමකින් තොරව කොකේන් තොග කන්ටේනර් තුළ ගබඩා කර සංවිධානාත්මක පිරිසක්‌ විසින් මෙරටට එවන බව මත්ද්‍රව්‍ය නාශක අංශය කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් සීනි ආනයනය කරන සමාගම් හිමිකරුවන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
පසුගිය මාස කිහිපය තුළ අවස්‌ථා කිහිපයකදී සීනි කන්ටේනර් තුළ සඟවා මෙරටට ගෙන්වන ලද කොකේන් තොගයක්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින් සොයාගෙන තිබේ.
පෑලියගොඩ ගබඩාවක සීනි කන්ටේනරයක තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 301 ක්‌ මීට ඉහතදී සොයාගෙන තිබූ අතර තවත් කොකේන් කිලෝ 31 ක්‌ සහ 85 ක්‌ ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම කොකේන් වැටලීම් 3 න් 2 ක්‌ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණේ සීනි ආනයනය කරන එම සමාගම් විසින් බවද මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
සීනි ආනයනය කරන සමාගම්වලට සම්බන්ධයක්‌ නැති පිටස්‌තර සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් ඉතා සූක්‍ෂම ලෙස සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් තොග පිටින් මෙරටට එවනු ලබන බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම සංවිධානාත්මක පිරිස්‌ සීනි ගෙන්වන සමාගම්වල හිමිකරුවන්ට හොරෙන් කොකේන් තොග හොර රහසේ මෙරටදී ලබා ගන්නා බවද හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.