ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

අප සසරේ තවත් ඵක් ආත්ම භාවයකදී අපට හමුවී නැතිවී ගිය ගාන්ධර්වයා...!!!

භව ගමනයි උපතයි විපතයි...මින් වසර අසූ අටකට පෙර ඔහුද කුඩා ළදරුවෙකී.දිනෙන් දින රූපකාය වෙනස් වෙමින් ගොස් අවසන මෙලොව උපන් අප කාටත් උරුම මරණය කරා ගියේය.නැවත ඔහු අපට මේ සසරේ හමුවනු නියතය .නමුත් ඒ මේ හැර දමා ගිය රූප කායෙන් නොවේ. අප ඔහුත් ඔහු අපත් ඵවිට නොහඳුනන බව විශ්වාසය.මේ ජීවිතය ඵසේය අස්ථීරය.ඔබට නිවන් සුව ..!!!  ලංකානිව්ස්

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම තේරුම් ගැනීමට මා දෙසූ දහමේ අවශ්‍යතාවක් තිබේදැයි වරක් විමසා ඇත. මෙවැනි උතුම් සදාතනික සුවයට පත්විය හැකි උපත හා මරණය ජයගත හැකි බව එය මේ මිනිස් ජීවිතයේදීම ලබාගත හැකි උත්තරීතර ඵලය බව දේශනා කොට ඇත්තේ මහා කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. උපත, මරණය නැති සංසාර චක්‍රයට හසුවි හේතුඵල ධර්මතාවයක් බව වටහා නොගෙන අවිද්‍යා අන්ධකාරයේ ගමන් කරන බව පටිට්ච සමුප්පාදයෙන් වටහා ගත හැකිය.
බුද්ධකාලීන භාරතීය සමාජය තුළ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ගැඹුරු විමර්ශනයකට ලක් කළ අවධියකි. විවිධ ශාස්තෘවරුන් මිනිසාගේ ඉපදීම, දිවි පැවැත්ම, මරණය පිළිබඳ ගැඹුරින් පර්යේෂණයට ලක්කොට එහි සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා විවිධ යෝග ක්‍රම භාවනා ක්‍රම අනුගමනය කරමින් සත්‍ය ගවේෂණාත්මක අවධියක් ලෙස ක්‍රියා කළහ.
මෙහිදී ෂඩ් ශාස්තෘවරු ගැනද ඒ අය අනුගමනය කරමින් ජීවිතයේ සත්‍ය කුමක්ද? මරණින් පසු මිනිසාට අත්වන්නේ කුමක්ද? ඉපදීම පිළිබඳ සත්‍ය කුමක්ද? යනාදී වශයෙන් ගැඹුරු ආධ්‍යාත්මික ගවේෂණයක් සිදුකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ ජීවිතය පිළිබඳ ඒ සියලු ශාස්තෘවරුන් අභිබවා අරිය පර්යේෂණයක් කොට මරණය පිළිබඳ සත්‍ය හෙළි කළ සේක. එය ධම්මචක්කපවත්තන සූත්‍රයේ කරුණු සංක්ෂිප්තව අධ්‍යයනය කිරීම තුළින් අපට අවබෝධ කර ගැනීම එතරම් දුෂ්කර නොවේ.
බුද්ධ දේශනාවට අනුව ‘යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති’ එහි සරල අදහස ඉපදීම ඇතිවීමට හටගත් සැම දෙයක්ම නිරෝධයට, මරණයට, නැතිවීමට පත් වන්නේ ය. යන මුඛ්‍ය පරම පවිත්‍ර ධර්මතාවයක් බව ඉන් මතු කෙරේ. මේ පරමාර්ථ ධර්මයෙන් මේ සදාතනික සත්‍ය කිසිවෙකුට වෙනස් කළ නොහැකි සර්ව කාලීන ජීවිතය පිළිබඳ සත්‍ය මඳක් විමසිල්ලට භාජනය කිරීම කාලෝචිතය. සම්මුති ලෙස හෙවත් ලෞකික වශයෙන් මේ දෙස බලන විට අපට දැකිය හැකි වන්නේ යමෙකු යම් සත්වයෙකු යම් මිනිසෙකු ඉපිද අවුරුදු ගණනක් ජීවත්ව මරණයට පත් වන බවකි. දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් උපත හා මරණය පිළිබඳ සත්‍ය ධර්මතාවය මීට වඩා ගැඹුරු අවබෝධයකින් වටහා ගත යුතු දෙයකි. උපත හා මරණය සාපේක්ෂ ධර්මතාවයක් ලෙස බොහෝ දෙනා දකිති. ඇතිවීම, නැතිවීම, හට ගැනීම, එහි විනාශය යමක් ඇතිවී නැතිවීම මේ සියල්ලම ගැන සලකන විට එය සාපේක්ෂව දැකීමෙන් අපට උපත මරණය පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීම අසීරු වියහැකිය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පරම සත්‍ය එසේ දෙකට බෙදාගෙන පිළිතුරු සෙවීම කිසි දිනක යථාර්ථයට ළඟාවීමට නොහැක. බුදුපියාණන් දෙසූ ධර්මයට අනුව ඉපිද මැරෙනවා නොව උපත තුළම මරණය සිදුවන ආකාරය පරමාර්ථ වශයෙන් ප්‍රඥා ඇසින් විමසුම් නුවණින් දැකිය යුත්තක් ඒ බව දේශනා කොට ඇත. එය, ඇස, කන, නාසය, දිව, ශරීරය යන විඤ්ඤාණයකින් වටහා ගැනීම දුෂ්කර වේ. අතින්ද්‍රියඥාන දර්ශනයක් ගැන කියවෙන බුදුදහමේ අප උපත හා මරණය පිළිබඳ සත්‍ය නිරෝධ සත්‍යයක් ලෙස දැක ගත යුතු ය. දර්ශනයට බඳුන් කරගත යුතු ය. එය දැනුමක් නොව දැකුමක් මෙන්ම චින්තනය ඉක්මවා ගිය දර්ශනයකි.
එය තව දුරටත් විමර්ශනයට භාජනය කළහොත් නම් ජීවිතය යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය, නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන අධිවේගි ස්වභාවයකි. මනුෂ්‍ය ශරීරයේ ඉතා සියුම් ලෙස විග්‍රහ කර බැලුවහොත් එහි මුල ස්වභාවය රූප කලාපයක් ලෙස සඳහන් වේ. වර්තමානයේ පරමාණුවක් වශයෙන් දැක්වේ. මේ රූප කලාපයක පරමාණුවක තවදුරටත් විභේදනය කර බලන විට මේ මනුෂ්‍ය ශරීරයේ නිරන්තරයෙන් ඇති වෙමින් නැතිවෙමින් අධිවේගී ස්වභාවයන් තුනක් හෙවත් ඉලෙක්ට්‍රෝන්, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන් නූතන විද්‍යාඥයන් පවා සඳහන් කර ඇත. මෙය තවදුරටත් බැලුවහොත් එහි අන්තර්ගතයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, බීජ යන ශුද්ධාෂ්ටකයක් ලෙස හඳුනාගෙන ඇත.
ඒවායේ ස්වභාවයත් සියුම් වේ. ශුද්ධාෂ්ටකයේ ඉතාම සියුම් ස්වභාවයන් අධිවේගී ලෙස සමුදය හා නිරෝධය හෙවත් උපත හා මරණය පිළිබඳ යථාර්ථය ස්ථිර කෙරෙන සත්‍ය ධර්මතාවයකි. කෙනෙකු මේ ජීවිතයේ දුක නමැති යථාර්ථය තේරුම්ගෙන එයින් මිදීම නම් ඒ සදාතනික සුව විමුක්තිය ළඟා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. සමුදය හා නිරෝධය එකම තැන එක විට අධිවේගයෙන් සිදුවන ක්ෂණ සම්පත්තිය තුළින්ම දර්ශනයට පත්විය යුතු ය. ඒ සඳහා අප යොදාගත යුතු අවිය විදර්ශනා භාවනාව හෙවත් ප්‍රඥා අවබෝධය කර පත්වීමයි. මෙය අතක්කාවචර කර්කයෙන් ගත නොහැක. තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු නිර්මල සදාතනික සත්‍ය දහමකි.
නිමන්තිය සූත්‍රයේ දැක්වෙන පරිදි මෙහි සඳහන් ඉපදිලා මැරෙනවා නොවෙයි. මේ සත්‍ය ඉපදී මැරෙන හේතුඵල ධර්මතාවයක් නොවන බව අපට අවබෝධ නොවිය යුතු ය. ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි’ යන අයුරින් දම්සක් පැවැතුම් සූත්‍රයේ සඳහන් වුවත් උපත මරණය ජය ගැනීමේ සැබෑ ධර්මතාවය තමන් වහන්සේ තුළින්ම පහළ වූ බවයි. අමරණීයයි. මරණින් ගැළවීමයි. සංසාර දුකින් නිදහස්වීමයි. ශාන්තියේ පරම විමුක්තිය අවබෝධ වූ බවයි. “ඛයං විරාගං අමතං පණිතං” යනුවෙන් රතන සූත්‍රයේ සඳහන් වන්නේ මෙවැනි උතුම් දහමේ පණිවිඩය නොවේදයයි අප මඳක් බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම තේරුම් ගැනීමට මා දෙසූ දහමේ අවශ්‍යතාවක් තිබේදැයි වරක් විමසා ඇත. මෙවැනි උතුම් සදාතනික සුවයට පත්විය හැකි උපත හා මරණය ජයගත හැකි බව එය මේ මිනිස් ජීවිතයේදීම ලබාගත හැකි උත්තරීතර ඵලය බව දේශනා කොට ඇත්තේ මහා කරුණාවෙනි. මහා ප්‍රඥාවෙනි. උපත, මරණය නැති සංසාර චක්‍රයට හසුවි හේතුඵල ධර්මතාවයක් බව වටහා නොගෙන අවිද්‍යා අන්ධකාරයේ ගමන් කරන බව පටිට්ච සමුප්පාදයෙන් වටහා ගත හැකිය.
අවිද්‍යාවෙන් ආරම්භ වී අවසානයේ දී ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස යන සංසාර චක්‍රයේ ගමන් කරමින් කල්ප කෝටි ගණනක් දුකින් එතෙර වීමට නොහැකිව අසරණව ඉපදෙමින් මැරෙමින් භව ගමනේ යෙදෙන්නේ ඇයි දැයි බුදුරදුන් දෙසූ මෙම ගාථාවෙන් පෙනේ. ‘කෝනුහාසො කිමානන්දෝ නිච්චං පජ්ජලිතී සති අන්ධ කාරෙන ඕනද්ද? පදීපන්න ගවෙස්සථ’ ධම්මපදයේ සඳහන් මේ ගාථාව පැහැදිලිව අර්ථ විග්‍රහ කොට බලතොත් උපත මරණය පිළිබඳ සැබෑ දහම අවබෝධකර ගැනීමට ආලෝකයක් ලබාගත හැකිය. අප අඳුරේ සිටිනතාක් කල් අවිද්‍යා නමැති අන්ධකාරයේ සිටින බව දැන ගන්නාතුරු කිසිදිනක අපට ආලෝකයක් කරා යාමට නොහැක.
ඒ උපත විපත ජය ගැනීමෙන් පරම විමුක්තිය ළඟා කර ගැනීමට නම් අප විසින්ම කළ යුත්තේ අප නොදන්න මේ භව මෝහනේ සිටින බවයි. අවිද්‍යාවේ සිටින බව වටහා ගැනීමයි. සාමාන්‍ය මනුෂ්‍යයා එකොළොස් ගින්නකින් දැවි දැවී ඉපිද ඉපිද මැරි මැරී ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉන් වේදනා විඳින බව මෙමඟින් අනාවරණය වේ. ලෝභ ගින්න, ද්වේශ ගින්න, මෝහ ගින්න, ව්‍යාධි ගින්න, ජරා ගින්න, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යන ජීවිතයක් උරුම කරගෙන සිටිද්දිත් එය තාවකාලිකව සිනහවෙන් හා ආනන්දයෙන් වසාගෙන සිටියත් සැබෑ ධර්මය සමුදය තුළම නිරෝධය වටහා ගනිමින් සසර සංසාර චක්‍රය කඩා දමා අමෘතයේ ප්‍රණීත නිර්වාණ ශාන්තිය ළඟාකර ගැනීම නොවේදැයි අප සැමත් උපරිම බුද්ධියෙන් විමර්ශනයට ලක්කරගැනීම අත්‍යවශ්‍ය දෙයකි. ලෝභ, ද්වේෂ, මෝහ නමැති සියලු කෙලෙස් දුරුකොට වීතරාගි ප්‍රණීතවූ අමෘත නිර්වාණ ශාන්තියෙන් උපත විපත ජයගමු.
 දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති,
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.