ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 29, 2016

අපතයන්ට රනිල් ගෙන් තවත් ලොතරැයියක්...!!!

ආසනවල කාර්යාල පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ට මසකට දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌...!!!
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාට සිය ආසනවල කාර්යාල පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌ ලබාදීමට ඊයේ (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇත.
මීට අමතරව මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්‌වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සීයක දීමනාවද රුපියල් දෙදහස්‌ පන්සීය දක්‌වා වැඩි කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව එක්‌ මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් විසිදහසක මුදලක්‌ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්‍ෂයක්‌ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්‍ෂයක දීමනාවක්‌ද හිමිවනු ඇත.

කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මන්ත්‍රීවරුන්ට මෙම දීමනා ලබාදීමේ යෝජනාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ බැව් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා විසින් ප්‍රකාශ කරනු ලැබිණි.

මහජන සේවකයන් ලෙස පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව උදෙසා සේවය කිරීමට නම් අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද එසේ නොමැති වූවොත් සිදුවන්නේ මහජනතාවගේ අවශ්‍යතා වෙනුවට මුදලාලිලාගේ අවශ්‍යතා ඉටුකිරීම බවද චන්දිම වීරක්‌කොඩි මහතා මෙහිදී කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.