එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්රී පාදස්ථානය අවට ඉඩමක හෝටලයක් ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපසත් තවත් ඉඩම් ගනුදෙනු රැසක් පිටුපසත් සිටින්නේ ඇමැති ෆයිසර් මුස්තාපා බවත් අලුත්කඩේ උසාවිය පැත්තේ ගැවසුණහොත් ඒ පිළිබඳ දැනගත හැකි බවත් උන්වහන්සේ කීහ.
නීතිඥ ලෝගුවට මුවාවී ඔහු දිගින් දිගටම මේ වංචාවන් සිදු කරන බවටත් ඔහු මුල මැද අග නැති ‘ගනුදෙනු’ කර ආයෝජකයන් මුලා කර ඇති බවටත් ඥනසාර හිමියෝ චෝදනා කළහ.