මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු
මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්
අගමැතිවරයා,ජනාධිපතිවරයා ඇතුලු යහපාලන වංචා නඩයේ පවු සේදිම සදහා යන එන මං
නොමැතිව වැලේ වැල් නැති දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින ස්වර්ණවාහිනී
නාලිකාව මිලට ගැනිම සදහා වු අවසන් තින්දුව ගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු
අනාවරණය කළා.
පසුගිය කාලසිමාවේ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ස්වර්ණවාහිනී
නාලිකාව පසුගිය මාසයේ සේවකයන්ගේ පඩි ගෙවා ගැනිමට නොහැකිව දැවැන්ත අර්බුදයකට
මුහුණ දුන් අතර පසුව මලික් සමරවික්‍රම ගේ මැදිහත් විමේන් වාණිජ
බැංකුවකින් අවශ්‍ය මුදල් ලබාදිමට කටයුතු කර තිබුනා.
පසුගිය කාලසීමාව තුල යහපාලනයේ අසමජ්ජාති කුණු කතා සිය අසමජ්ජාති මාධ්‍ය
භාවිතය සදහා යොදවා ගැනිම කිසිවිටකත් නොගැලෙපෙන බව ශ්‍රී ලාංකීය අභිමානය
විකුණමින් යහපාලන අගුපිලේ ලැග්ග ස්වර්ණවාහිනී මේ වන විට නෛතිකවම එජාපයේ
හොරුන්ට ලියා දිම සදහා සුදානම් වෙමින් සිටි.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන්
ඇලෝසියස් විසින් දැවැන්ත මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට
පසුගිය කාලසිමාවේ ආරංචි මාර්ග පැතිර ගිය අතර මෙම මාධ්‍ය ජාලය ඇරඹීම සඳහා
රුපියල් බිලියන ගණනක වියදමක් දැරීමට නියමිත බවද වාර්තා වුනා.
මේ අතර අර්ජුන් ඇලෝසියස් ආරම්භ කිරිමට යන නවතම මුද්‍රිත පුවත් පත් 5 සහ
වෙබ් අඩවි 4ක් සදහා අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදි ගැනිම සදහා මේ වනවිට කටයුතු
ආරම්භ කර තිබේන අතර ඒ සදහා බියගම සහ කඩුවෙල යන ප්‍රදේශ වලින් එකක් තොරා
ගැනිම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කරමින් තිබේන බවද අනාවරණය වි
තිබේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් දිනපතා සහ ඉරිදා ජාතික පුවත්පත් ලබන
වසරේ ජනවාරියේ එළිදක්වමින් මෙම මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට නියමිත බවත්
රූපවාහිනී සහ ගුවන්විදුලි සේවා දෙකක් මෙන්ම වෙබ් අඩවි ජාලයක්ද නුදුරේදීම
ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබු අතර ඒ අනුව රූපවාහිනී නාලිකාව
ලෙස ස්වර්ණවාහිනීය මිළදි ගැනිමට තිරණය කර තිබේ.