උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට
ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර
මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී
ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ
බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.
උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී
ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.
උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආර් 2 පී නැමති ක්‍රමවේදයකට අනුවය.
මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට
ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත්
ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.
මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත්
ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින්
පිටුවහල් කර තිබේ.
මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර
අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ
ක්රියාකාරිකයෙකුද සිටින බවයි.