අත්දැකීම් නැති බොලඳ
ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි
වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ
ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා.
අගමැතිගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු
කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත්
දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ. නැතිනම් අගමැති
අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ. දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ
ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැති නොසලකා හරිනවා කියන එකයි.
බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිට ඇසුනේ
නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්. බීරි අලින්ට වීණා වාදනය
කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා
දැන් වෙනස් කරන්න වෙනවා.
චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන
කටයුතු සඳහා ණය දුන්නේ 2% සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන්
ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නමුත් වත්මන්
ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ
තිත්ත ඇත්ත තමයි චීන තානාපති කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට
ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති
කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමති චීන තානාපති සමච්චලයට ලක්
කලා. විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ
ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල
කලේය.
චීනයට සතුරු මුදල් ඇමති ඉවත් කරමු
චීනය කියන්නේ වසර 1,500කට වැඩි කාලයක් සමීපව ඇසුරු කරන අපේ ඓතිහාසික
මිතුරෙක්. බුදු දහම තමයි චීන – ලංකා මිත්‍රත්වයේ පාලම වුණේ. අපි ආහාර
අර්බූදයකට මුහුණ දෙන විට රබර් – සහල් ගිවිසුම අත්සන් කරලා ලංකාව බේරා ගත්තේ
චීනය. බටහිර රටවල් කොටින්ට සහය දක්වමින් ලංකාවට ආයුධ විකිණීම ප්‍රතික්ෂේප
කරන විට අපට කොන්දේසි විරහිතව ආයධ දුන්නේ චීනය. බටහිර රටවල් කොටින්
වෙනුවෙන් යුද අපරාධ චෝදනා නගමින් ලංකාවේ යුද ජයග්‍රහණය හෑල්ලු කරන විට
ලංකාව ආරක්ෂා කලේ චීනය. නිදහසින් පසු වැඩිම ආධාර සපයා තිබෙන්නේ චීනය.
ජාතියේ සංකේත බවට පත් වී තිබෙන නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව
අපට චීනයෙන් ලැබුණු තිලිණ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල,
නොරොච්චලේ විදුලි බලාගාරය සහ අධිවේගි මාර්ග යනාදි අපේ රටේ ඇසට පෙනෙන යටිතල
පහසුකම් සියල්ලටම මූල්‍ය ආධාර ලැබුණේ චීනයෙන්. නමුත් අත්දැකීම් නැති බොලඳ
ඇමතිවරු කරන ප්‍රකාශ නිසා අපට කවදත් උදව් කරන මේ ඓතිහාසික මිතුරා අහිමි
වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා.
ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට
ඇඟිලි ගැසීම විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙනවා. අපි මැතිවරණ තියන විදිහ,
බලය බෙදන විදිහ, ආණ්ඩුවයි විපක්ෂයයයි අතර සහ සම්බන්ධය ඒ අයයි තීරණය කරන්නේ.
ඒ විතරක් නොවෙයි මොන මාධ්‍ය ආයතනයටද මාධ්‍ය නිදහස ලැබිය යුත්තේ කියලා
තීරණය කරන්නෙත් දැන් බටහිර තානාපතිවරු. නමුත් කිසිම දිනක චීනය ලංකාවේ කිසිම
අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගහලා නෑ. මේ ආණ්ඩුව බලයට එන්න කිව්ව ප්‍රධාන
බොරුවක් තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිණි පොළියට චීනයෙන් ණය අරන් තියෙනවා.
චීන සමාගම් වලින් ලොකු කොමිස් කුට්ටි ගහලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන
ජනපතිගේ ප්‍රථිපත්ති ප්රකාශනයේ කියනවා ව්යපෘථිවල කොමිස් ප්‍රතිශතය
90% කියලා. චීන තානාපති ප්‍රතිචාර දැක්වූයේ චීනය පිලිබඳ මේ ආණ්ඩුවේ
ඇමතිවරු කියන බොරු වලට. චීනය මෙහිදී පැහිදිලිව ප්‍රකාශ කලා ඔවුන් සංවර්ධන
කටයුතු සඳහා ණය දුන්නේ 2% සහන පොළියට. ශ්‍රී ලංකාව සංවර්ධිත මට්ටමෙන්
ඉදිරියට ආවට පස්සේ අනිකුත් වානිජමය ණය ලබාදුන්නේ 5% පොළියට. නමුත් වත්මන්
ආණ්ඩුව තමුන්ගේ යාළුවෝ කියන යුරෝපීය සංගමයෙන් ණය ගන්නේ 5.8% පොළියට. මේ
තිත්ත ඇත්ත තමයි චීන තානාපති කිව්වේ. චීනයට ලංකාවෙන් අපවාද එල්ලවන විට
ලංකාවේ චීන තානාපතිවරයා චීනය වෙනුවෙන් අදහස් දක්වන්නේ නැතිනම් චීන තානාපති
කුමකටද? ඒකෙන් උරණ වෙලා මුදල් ඇමති චීන තානාපති සමච්චලයට ලක්
කලා. විදේශ ඇමති චීන තානාපති කැඳවා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවාලු.
චීන තානාපති කියන්නේ අපේ ඓතිහාසික මිතුරාගේ දේශීය සංකේතයයි කියලා අපි
ආණ්ඩුවට සිහිපත් කරනවා. ගින්දර සමග සෙල්ලම් කරලා පස්සේ පිච්චුනෝ කියලා
බෙරිහන් දෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.
චීන තානාපති අහන ප්‍රශ්නයම තමයි අපිත් අහන්නේ. චීන ණය දෙන්නේ ගිනි
පොලියට නම් ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් ඇයි චීනය පස්සෙන් යන්නේ? වෙන
තැනකින් ගන්න එකනේ ඇත්තේ.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම චීනයට කණගාටුව ප්‍රකාශ කරන අතරේ
අත්දැකීම් නැති බොලඳ ඇමතිවරුන්ගේ ප්‍රකාශ මත අපේ මිත්‍රත්වය තීරණය කරන්න
එපා කියලා ඉල්ලා සිටිනවා.
චුදිත අර්ජුන් තවමත් ආණ්ඩුවේ තනතුරක
කෝප් කමිටුව මගින් වරදකරු කළ අර්ජුන් මහේන්ද්‍රන් තවමත් රැකියා දශ
ලක්ෂයේ ව්‍යාපෘතිය භාර අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ක්‍රියා කරනවා.
අගමැතිගේම ඇමතිවරු වරු අත්සන් කරපු කෝප් කමිටු වාර්ථාව මගින් වරද කරු
කර තිබෙන අර්ජුන් මහේන්ද්‍රන් කොහොමද රටේ ඉහලම වගකිව යුතු තනතුරක් තවමත්
දරන්නේ. එක්කෝ අර්ජුන් සිය තනතුරෙන් ඉවත් වෙන්න ඕනෑ. නැතිනම් අගමැති
අර්ජුන්ව තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ. දෙකම වෙන්නේ නෑ කියන්නේ ආණ්ඩුවේ
ඇමතිවරු අත්සන් කළ කෝප් වාර්තාව අගමැති නොසලකා හරිනවා කියන එකයි.
බැඳුම්කර මගඩිය පිලිබඳ මෙතරම් දැවැන්ත ඝෝෂාවක් කරලාත් අගමැතිට ඇසුනේ
නැත්තේ ඇයි කියලා ජනතාව කල්පනා කරන්න පුළුවන්. බීරි අලින්ට වීණා වාදනය
කරනවා වගේ කියන පරණ උපමාව කොල අලින්ට බැඳුම්කර මගඩිය කියලා දෙනවා වගේ කියලා
දැන් වෙනස් කරන්න වෙනවා.
අර්ජුන්ට නඩු පැවරීම අගමැති බේරීමේ උපායක්
රාජිත සේනාරත්න, පා ච රණවක සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැනලා අර්ජුන්ට බැට දෙනවා. එතකොට කාට හරි
හිතෙන්න පුළුවන්, යහපාලනය අංශු මාත්‍රයක් හරි ආණ්ඩුව තුල තවමත් ඉතිරි වෙලා
තිබෙනවා කියලා. නෑ. මේ අයගේ අරමුණ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දීලා අගමැති
බේරා ගැනීමයි. ඒ නිසා තමයි අර්ජුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න, වෙනම
උසාවි පිහිටු වන්න කියලා බෙරිහන් දෙන්නේ. නීතිපති අර්ජුන්ට නඩු පැවරූ
විගස මෙය සබ්ජුඩිකේ හෙවත් අධිකරණය ඉදිරියේ විනිශ්චයට බඳුන් වූ කාරණයක්
වෙනවා.එවිට අපට ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ පිලිබඳ ප්‍රසිද්ධියේ
අදහස් දක්වන්න බෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරන්න බෑ. එතකොට
අගමැති, ලංකා බැංකුව වගේම අර්ථ සාධක අරමුදල මේ මගඩියට දැක්වූ දායකත්වය
රටට කියන්න අපට බැරි වෙනවා.
අගමැති වරද පිලි ගන්නේ නැති නම් අගමැති වැරදි ඇයි කියලා ඔප්පු
කරන්න අපට බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ කරන්න ඕනෑ. ඒ ගැන සම්මන්ත්රණ
හරහා රටට කියන්න අවස්ථාව ඕනෑ. අගමැතිතුමා වගකීම භාර ගන්නවා නම් කිසිම
ගැටළුවක් නෑ. වහාම නඩු පවරන්න. නැතිනම් නඩු පැවරීම බැඳුම්කර පිලිබඳ
පාර්ලිමේන්තු විවාදය පවත්වන තුරු කල් දමන්න.
අගමැති සුද්ද කරන්න කොසු ඉදල් ඔසවා ගෙන මුලින්ම ඉදිරිපත් වුණේ පා ච
රණවක ඇමති. අගමැති මේ බැඳුම්කර සිද්ධියට වගකිව යුතු ද කියා තීරණය
කිරීමට මා සමග විවාදයට එන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කලා. මට පුළුවන් පා
ච ගේ ප්‍රකාශ හරහාම අගමැති වරදකරු බව ඔප්පු කරන්න. මම අභියෝග කලා විතරයි
සිංහ නාද හකුලා ගෙන නිහඬ වුණා. පා ච රණවක , ඔබ තවම ප්‍රමාද
නෑ. අගමැති වරදකරුවෙකු නොවේ කියා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා
සමග විවාදයට.
බුද්ධි අංශ විනාශයෙන් යුද හමුදාව ආබාධිත වෙලා
බුද්ධි අංශ කියන්නේ හමුදාවක ඇස් සහ කන්. බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත
තමයි හමුදාවක මෙහෙයුම් ඉදිරියට යන්නේ. හමුදාවක් මෙහෙයුම් කරන්නේ යුද සමයේ
විතරයි. බුද්ධි අංශ යුද සමයේ දී වගේම පශ්චාත් යුද සමයේත් අඛණ්ඩව සක්‍රිය
සේවයේ යෙදෙනවා. බුද්ධි අංශ වලට පින් සිදු වෙන්න තමයි 2009 මැයි මාසයෙන්
පස්සේ කොටි සංවිධානයේ කෙඳිරිල්ලක් වත් උතුරෙන් ඇහුනේ නැත්තේ. ඒ වගේම ලෝකයේ
තිබෙන විශිෂ්ටතම බුද්ධි අංශයක් විධියට අපි ලෝකයේ නමක් දිනා ගත්තා.
වේළුපිල්ලේ පිරබාහරන් මිය ගියාම කොටි සංවිධානය කේපී නව නායකයා ලෙස පත් කර
ගත්තා. ඊට මාස කිහිපයකට පස්සේ කේපීව කුදලා ගෙන එන්න තරම් අපේ බුද්ධි අංශ
ප්‍රබල වුණා. එවැනි දේවල් මින් පෙර ලෝකයේ සිදුකලේ ඊශ්‍රායලයේ මොසාඩ් වැනි
බුද්ධි අංශ විතරයි. නමුත් අද කොටින්ගේ මන දොල සපුරන්න බුද්ධි අංශ අඩපණ
කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදිලා ඉන්නවා.
පදනම් විරහිත චෝදනා නගමින් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට අර ගෙන
වසරකට වැඩි කාලයක් සිර කර ගෙන හිටියා. සමහරු නිදහස් වුණා. තවමත් සමහරු
බන්ධනාගාරයේ. දකුණේ දී බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගන්න අතරේ උතුරේ
දී මැර කල්ලි වල ප්රහාරයන්ට ගොදුරු වෙනවා. බුද්ධි අංශ වලට වැදුනු ලොකුම
හෙණය තමයි වසර 29ක් බුද්ධි අංශ වල කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ
බුද්ධි අංශ අධ්යක්ෂ තනතුරෙන් ඉවත් කරලා මේ ක්ෂේත්රය පිලිබඳ කිසිම
අත්දැකීමක් නැති අයෙකු ඒ තනතුරට පත් කරලා.
බුද්ධි අංශ වැඩ කරන්නේ අනෙකුත් බලකායන්ට වඩා වෙනස් ආකාරයකට. නිල ඇඳුම්
අඳින්නේ නෑ. කොණ්ඩය රැවුල් කපන්නේ නෑ. වෙලාවක් කලාවක් නෑ. අනෙකුත්
බලකායන් සතුරා සමග සටන් කරන විට බුද්ධි බලකායට සතුරා සමග මිතුරුව වැඩ කරන්න
වෙනවා. මේ වෙනස නොදන්නා අයෙකුට බුද්ධි අංශ වලට නායකත්වය දෙන්න බෑ.
මේ ආකාරයට බුද්ධි අංශ අඩපණ කරනවා කියන්නේ හමුදාවේ ඇස් කන් විනාශ කරනවා
කියන එකයි. ඒ නිසා අනාගත යුද්ධයක දී හමුදාවට යුද වදින්න වෙන්නේ ඇස් පේන්නේ
නැති කන් ඇහෙන්නේ නැති අඳ බිහිරි ආබාධිතයෙකු විධියටයි.
– අරවින්ද අතුකෝරල
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, November 8, 2016
චීන-ශ්‍රී ලංකා සබදතා සහමුලින්ම බිද වැටීමේ අවදානමක්..
Posted by
lankanews
at
November 08, 2016
Labels: corruptions ravi, fake ravi, lankanews, udaya gamman pila, yahapalanaya, yahapalanaya china
චීන-ශ්‍රී ලංකා සබදතා සහමුලින්ම බිද වැටීමේ අවදානමක්..
2016-11-08T17:06:00+01:00
lankanews
corruptions ravi|fake ravi|lankanews|udaya gamman pila|yahapalanaya|yahapalanaya china|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...