වැට් 15%,ඩොලරය 150යි, කිරිපිටි මිළ ඉහලට...
රජය විසින් සිදු කරන ලද වැට් බදු සංශෝදනය හේතුවෙන් මෙරටට ආනයනය කරන කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් පමණ ඉහල යා හැකි බව කිරිපිටි ආනයනකරුවෝ පෙන්වා දෙනවා.
පසුගිය මාස දෙකක කාලය තුල ලෝක වෙළදපොලේ කිරිපිටි මෙට්රීක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 2600 සිට 3700 දක්වා ඉහල ගොස් තිබේන බවත් ඊට අමතරව ඩොලරයේ අගය සීඝ්රයෙන් ඉහල යැම හේතුවෙන් කිරිපිටි මිළ වැඩි විමට හේතු වි තිබේන බවද එම සමාගම් පෙන්වා දෙනවා.
මේ අතර පසුගියදා මාධ්‍යවේදීන් කිරිපිටි සදහා වැට් බද්ද අයකිරිම හේතුවෙන් කිරිපිටි මිළ ඉහල යැම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායකගෙන් කල විමසිමකදි අමාත්‍යවරයා සදහන් කළේ කිරිපිටි සමාගම් ලබන අධික ලාබය හරහා මෙම වැට් බද්ද අයකර ගැනිමට කටයුතු කරන බවත් එම බදු මුදල ජනතාව මත පැටවිම්ට ඉඩ නොතබන බවයි.