07 /11/ 2016 දිනට යෙදී ඇති අණුස්මරණය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක වරයෙකු සහ කලා ශිල්පියෙකු වූ හර්බර්ට් රන්ජිත් පීරිස් ගැන මතක සටහනෙකි මේ....

එදා ඔහු හඳුන්වාදුන් පැදුරු සංගීත ක්‍රමය අද ලංකාවේ ප්‍රචලිතය .සිනමාව ගැන විශ්ව දැනුමක් සතුවූ එවන් සොඳුරු මිනිසෙකු නැවත අප රටේ බිහිවේයැයි සිටිය නොහැක .එතරම් මනුෂ්‍ය වර්ගයාට සහ හිත මිතුරනට හදවතින් ලෙන්ගතුවූ සබැ මිනිසෙකු නැවත නොඉපදෙනු ඇත .නමුත් ඔහු සමග කළ කතාබහ සහ ගතකළ මනස්කාන්ත සංගීත සැන්දාවන් තවමත් අප මනසෙහි ඇත .එදා ඔහු සහ සමීපව ඇසුරු කළ ලාල් සේනාධීර ( කොපි කඩේ රත්නේ ) රජ සුමනපාල ( කෝපිකඩේ අලි ජේමිස් ) වැනි ප්‍රවීන රංගධරයන් පවා අද නොමැත .
කාළය බොහෝ සේ වියපත් වෙමින් .අප සතු අගනා මිතුරන් අනු ක්‍රමයෙන් මෙලොවින් සමු ගන්වයි ...පසුගියදා අපෙන් වියෝවූ සිරිල් ධර්මවර්ධන කලා කරුවාද එවන් වූ සාතිශය සුවිශේෂී කලා කරුවෙකි .එකළ කැළණි පාළම වේදිකා නාට්‍ය ඔබ නරඹා ඇත්නම් ඔහුවද ඔබගේ මතකයේ ජීවත් වනු නොඅනුමානය ...ඔහු බොහෝ දුරට ජනතාවගෙන් දුරස් වුයේ දේශපාලනය නිසාය. නමුත් අප හිතවතාණන් හර්බර්ට් රන්ජිත් හට තිබු එකම දේශපාලනය කලාවය..දේශීය සිනමාවේ උත්තරීතර අග්‍රපලයක් ලෙසින් ඔහුගෙන් බිහිවූ (එක්ටැම් ගේ ) හැඳින්විය හැකිය .
මෙම සේයාරුප අපට ලබාදුන් සෙල්සියස් පීරිස් මිතුරානන්ටද අප ස්තුති කරමු ....
චිත්‍ර ශිල්පයේ සහ තිර රචනයේ කෘතහස්ත කුසලතා දැක්වූ ඔහුගේ අතින් ලියැවුණු සාගරයක් මැද වැනි චිත්‍රපට අපගේ දේශීය සිනමාවට ලබා දුන්නේ නොමද තල්ලුවකි ....ඒ හිතවතාණන්ගේ නොනිමි මතකය සහ සමග අප ඔහුට නිවන් සුව පතමු ....
සුමිත් ජයන්ත ඩයස්