ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

අම්මාගේ අප්පාගේ බූදලයද මේ ? ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති කියා බිලියන ගණන් ගසා කාලා …!!!

පරණ හොරු වෙනුවට අලූත් හොරු අද බලයට පත්ව රට කරගෙන යන බව ,ජනතා විමුක්ති පෙරමුණේ නායක ,අනුර කුමාර දිසානායක පවසයි .කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

මහනුවර අධිවේගී මාර්ගය ව්‍යාපෘතිය. සැලැස්ම වෙනස් කළා මේ ආණ්ඩුව. කිලෝමීටර් 5ක දුර වැඩිවුණා. පරණ සැලැස්ම අනුව කිලෝමීටරයකට බිලියන 2.7යි. අලූත් සැලැස්ම අනුව කිලෝමීටරයකට රුපියල් බිලියන 4.3යි. කිරිඇල්ල මේවට උත්තර දිය යුතුයි. කිරිඇල්ල දැන් වෙන වෙන ඒවා කියනවා. කෝප් කමිටුවේ සභාපති ධුරයට හඳුන්නෙත්ති සුදුසු නැහැ කියනවා. කිරිඇල්ල දන්නවා ළඟදිම මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවනවා කියලා.

ඇත්තටම වෙලා තියෙන්නේ පරණ හොරු වෙනුවට අලූත් හොරු ඇවිල්ලා. රේගුවේ වංචාවලට රවී කරුණානායක සම්බන්ධයි. කෘෂිකර්ම අමාත්‍යංශයට බිල්ඩින් එක් ගන්නකොට මාසික කුලිය ලක්ෂ 210 යි. මාස 24ක අත්තිකාරම් දුන්නා. මිලියන 424යි. කොන්දේසිය තමයි ගිවිසුම අවුරුදු 5කටම අත්සන් කරන එක. මහජනයාගේ ධනය. කවුද කැබිනට් පත‍්‍රිකාව දැම්මේ රනිල් වික‍්‍රමසිංහ. කැබිනට් පත‍්‍රිකාවේ තිබෙනවා 210ට ගත්තට තක්සේරුව මිලියන 13.5යි. පේන්නම හොරකම් කරනවා. විගණකාධිපති වාර්තාවේ හොරකම සඳහන් වෙනවා. ගල් අඟුරු මගඩියෙන් රටට විශාල මුදලක් නැති කළා. නාමල් රාජපක්ෂලාගේ හිතවතුන් කලින් කළා. මේ ආණ්ඩුව ආවට පස්සේ නැවත ටෙන්ඩර් දැම්මා. වැඩිම මිල තියෙන වැඩිම මිල ඉදිරිපත් කරපු කෙනාට ටෙන්ඩර් එක දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා හදවත කම්පාකරන ගනුදෙනුවක් කියලා. මිස්ටර් ක්ලීන්ගේ යහපාලනයද මේක. ඒ හොරු වෙනුවට මේ හොරු කෙළියේ නිරත වෙලා. ආණ්ඩුව මාරු වෙලා මාස දෙකක් යනවිට අර්ජුන මහෙන්ද්‍රන් කෙළියේ.
ජනතාව ආණ්ඩුව මාරු කරලා දුෂිතයින්ට දඩුවම් දෙයි කියලා බලාගෙන ඉන්නකොට ඒ ආණ්ඩුව මාස දෙකක් යන්න කලින් මහ බැංකු බැඳුම්කරවලින් හොරකම් කරනවා. මේක සරල ගනුදෙනුවක් නෙවෙයි. ගනුදෙනුව සිදුවූ මොහොතේ පාඩුව කෝටි 167යි. විනාඩි 10 ඇතුළත වෙනස් කරන්න තිබුණා. බැඳුම්කරවල ආයෝජනය කිරීම කිසිම අවදානමක් නැහැ. ඒනිසා පොලී අනුපාතිකය අඩුයි. පොලී අනුපාතිකය 9.7% තිබුණේ. 11.7%ට ගියා. අනෙක් බැංකුවල පොලී අනුපාතිකය වැඩිවෙනවා. සමස්ත ආර්ථික දේහයට වසර 30ක් බලපානවා. කෝප් වාර්තාව ආවා. ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මහ බැංකු අධිපතිවරයා මැදිහත්වීමක් සිදුකර තිබෙනවා කියලා. සමහරු කියනවා වංචනිකයා කියලා නැහැ කියලා. කෝප් කමිටුව නිර්දේශ ලබාදෙනවා. කෝප් සභාවට නඩු අහන්න බලය නැහැ. කෝප් වාර්තාව ලියන ක‍්‍රමයක් තිබෙනවා. ඒ විදියට තමයි ලියලා තියෙන්නේ. ඒ ගැන නොදන්න මහත්තුරු කියනවා. වංචනිකයා කියලා ලියලා නැහැ කියලා. මීටත් වඩා හොරා කියලා කියන්න ඕනැද? බෑනාගේ සමාගම අයුතු ලෙස ලාබ ලබා තිබෙනවා. නමුත් කෝප් සභාවට පුද්ගලික ආයතන ගැන හොයන්න බලයක් නැහැ. පර්පර්චුවල් එක ගැන හොයන්න බලයක් නැහැ. ලියකියවිලි ගෙන්නගන්න අයිතියක් නැහැ.
කෝප් කමිටුව පැහැදිලිව කියනවා සමාගම අයුතු ලාබයක් ලබා තියෙනවා කියලා.ඒ ගැන පරීක්ෂණයක් කරන්න එෆ්.සී.අයි.ඞීයට, මහබැංකුවට පුළුවන්. අජිත් පෙරේරා කියනවා පර්පර්චුවල් හමගහන්න කතා කරන්නේ නැහැ කියලා. ඒ අය හැදුවේ පර්පර්චුවල් හමගහලා අර්ජුන මහේන්ද්‍රන් බේරන්න. කෝප් එක කරන්නේ මහ බැංකුවේ ක‍්‍රියාවලිය ගැන පරීක්ෂණයක්. පෞද්ගලික ආයතන ගැන පරීක්ෂණ කරන්න වෙන ආයතන තියෙනවා. තව කියනවා රනිල්ගේ නම නැහැ කියලා. අගමැති වෙන්දේසි ක‍්‍රමයට යන්න කියලා උපදෙස් දුන්නා කියලා කටඋත්තරයක් තියෙනවා. අගමැතිගේ වාක්‍ය දේව වාක්‍ය නෙවෙයි. ඔහු උපදෙස් දුන් පලියට මුදල් මණ්ඩලයේ තීරණයක් නැතිව ක‍්‍රමය වෙනස් කරන්න බැහැ. අගමැතිගේ දුරකතන ඇමතුම මත තීරණ ගත්තා කියලා බේරෙන්න බැහැ. රනිල්ගේ නම දැම්මා නම් රනිල් කියනවා ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා කියලා. මොකද ආණ්ඩුවට ප‍්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන්. රනිල්ගේ නම දැම්මා නම් එකෙන් බේරෙනවා. හොරත් සුද්දයි. හොරාගේ අම්මත් සුද්දයි. ඒකයි කරන්න උත්සහ කළේ. අපි ඒවට අහු වුණේ නැහැ. නමුත් අපි ඇල්ලූවේ මහ බැංකුවේ වංචාවේ සැලසුම්කරුවා. උඩින් සැලසුම්කරුවෙක් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ. අධිපතිවරයා අධිකරණයේදී ඒ බව කියයි. ඒ නිසා මේ කෝප් වාර්තාව ගැන වැරදි අර්ථකතන හදන්න උත්සහ කරනවා. මේකේ ක‍්‍රියාවලිය ගැන, නීතිමය තත්වය ගැන නොදැන රනිල්ගේ නම නෑනේ, පර්පර්චුවල් නෑනේ, වංචාකාරයා කියලා නෑනේ කියලා මත හදනවා. මෙතනින් ඔබ්බට යා හැකි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෝ පරීක්ෂණ දියත් කළ යුතුව තිබෙනවා. අනෙක් හැම තැනම හොරු හැංගෙන කොට කෝප් කමිටුවේ හොරුන්ට හැංගෙන්න බැරි වුණේ ඇයි? අනෙක් හැම සභාවකම මුලසුන දරන්නේ හොරුන්ගේ ආරක්ෂකයෝ. කෝප් කමිටුවේ මුලසුන දරන්නේ හොරුන්ට දඩුවම් දෙන්න දේශපාලනය කරන අය. ඒක තමයි වෙනස. බලපෑම් කරලා, ඞීල් දාලා, කප්පම් දීලා ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් කෝප් කමිටුවේ බලය තිබෙන්නේ එවැනි වරදාන වරප‍්‍රසාදවලට යටකරන්න බැරි කෙනෙක් අතේ.
මීට කලින් හිටපු කෝප් සභාපතිවරු මතකද ජනතාවට. ඉදිරිපත් කරපු වාර්තා මතකද? අද කෝප් එක ගැන පැමිණිලි අරන් යනවා. කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද. කවුද මේ. වංචාවේ දුෂණයේ පීතෘවරු. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය හිටියනම් මේ අය නතර කරගන්නවා. කටඋත්තර ටික ගන්න. වංචාවට එරෙහිව රනිල්ට, අර්ජුන් මහේන්ද්‍රන්ට දඩුවම් කරන්න කියන්න බැසිල්ට, කෙහෙලියට, මහින්දානන්දට, මහින්දට, නාමල්ට, හොරු රැුළට සුජාත අයිතියක් නැහැ. තිස්ස විතාරණගේ කතාව කොහොමද? හොරකම් කරනකල් බලාගෙන හිටපු අය අද හොරු ගැන මහ ලොකුවට කතාකරනවා. හැමදාමත් වුණේ මේ ටික

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.