ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 3, 2016

රජයේ රැකියාවක් නම් දැන් සිංහල බැරි වුනත් දෙමළ අනිවාර්යයි ...!!!

රාජ්‍ය අංශයේ රැකියා සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී , ද්වි භාෂා හැකියාව ඇති , අයදුම්කරුවන්ට විශේෂ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව , ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් පවසයි .ඔහු මේ බව කියා සිටියේ , මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් .
මින් ඉදිරියට රාජ්‍ය භාෂා අමාත්‍යංශයට බදවා ගැනීම් කිරීමේදී සිංහල සහ දෙමළ ද්වීභාෂා හැකියාව ඇති අයදුම්කරුවන් පමණක් බදවාගැනීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කලා .

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ , ජාතිය, ආගම හා භාෂාව පදනම්කරගෙන රටේ ජන කොටස් අතර ප්‍රශ්න ඇති වීම වැලැක්වීමට කටයුතු කරන බවයි . රටේ භාෂා ප්‍රශ්නය විසදු විට ජාතීන් අතර සංහිදියාවට ඇති බාධක ඉවත් වන බවත් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඉදිරියට යාමේ යුගය උදාවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ .
රජයේ ආයතන වලින් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට දෙවන භාෂාව සදහා භාෂා පරිවර්තකයන් බදවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.