2013
වසරේදී වරක් මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවල, තුන පහ කුඩු
වැනි ලංකාවට ආවේණික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. මෙය
කඩයක් කීවද සුපර් මාර්කට් එකකි. එහි නම එස්. පී.
සුපර්මාර්කට් ය. එස්. පී. සුපර්මාකට් එකේ භාණ්ඩ මිලදී
ගනිමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්නා..... .. කියා ද්‍රවිඩ
ගීතයක් වාදනය විය. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක් බව මම අනුමාන
කළෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා
මිත්‍ර විරාඡ් ප්‍රනාන්දුගෙන් මෙම එස්. පී. සුපර්මාකට් එක
ගැන ඇසුවෙමි. විරාඡ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳසල
එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක් කටයුතු කළ තමිල්
සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඥාතීන්ටය.
තමිල් සෙල්වන් උපත ලැබුවේ 1967 වසරේ මද්දුවිල් ග්‍රාමයේ දුගී
පවුලකය. උතුරේ කරණවෑමි කුලයකට අයත් වීම නිසා ඔවුන් ද්‍රවිඩ
උසස් වෙල්ලාල කුලවතුන්ගේ බොහෝ සමාජ පීඩනයන්ට ලක්වූ අතර
පසුකාලයක ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණේය. ඊට පෙර තමිල්
සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියකු ලෙසටද වැඩ කොට
තිබුණි.
තමිල් සෙල්වන් විවාහ වන්නේ ප්රභාකරන් විසින් නියම කරන ලද
මනාලියක සමඟය. ප්රභාකරන් යාපනයේ කුලවත් පවුලක දියණියක වූ
සසිරේඛා නමැත්තිය තමිල් සෙල්වන්ට විවාහ කර දුන්නේ වෙල්ලාලයන්ට
එරෙහි පහරක් ලෙසටය. තමිල් සෙල්වන් හා සසිරේඛා අතර විවාහයේදී
ප්රභාකරන් හා මදිවදනි මනාලයාගේ දෙමවුපියන් ලෙස ද ඇන්ටන්
බාලසිංහම් හා ඇඩෙලා මනාලියගේ මාපියන් ලෙසද පෙනී සිටි අතර
බ්‍රාහ්මණ චාරිත්‍රවලින් තොරව විවාහය කිරීමට ප්රභාකරන් විසින්
නියෝග කරන ලදී. විවාහය පිළිබඳ තමා දැනගත්තේ විවාහයට දින හතරකට
ඉහතදී බැව් තමිල් සෙල්වන් විසින් පසු කාලයක ප්‍රකාශ කොට තිබේ.
සුප්පයියා පරමු තමිල් සෙල්වන් හෙවත් තමිල් සෙල්වන්
එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළ අතර ඔස්ලෝ සාම
සාකච්ඡා පැවැති 2001-2005 අතර කාලයේ තමිල් සෙල්වන් ප්‍රකට
චරිතයක් බවට පත් විය.
රණ මඟ ඔස්සේ නන්දිකඩාල් පොත ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
තමිල් සෙල්වන් හඳුන්වන්නේ සටකපට සිනහවකින් යුත් තැනැත්තා
වශයෙනි . ඒ කාලයේ "දිවයින" පුවත් පතේ ලියුම්කරුවකු තමිල්
සෙල්වන් හැඳින්වූ අන්වර්ථ නාමය වූයේ "සිනහසෙන ඝාතකයා" වශයෙනි.
2005 වසරේදී මා සමග සංවාදයේ යෙදුනු ශ්‍රී ලංකා යුද හමුදාවේ
ද්‍රවිඩ හමුදා නිලධාරියකු වූ ජෙනරාල් වයි. බාලරත්නරාජා තමිල්
සෙල්වන් කොටහේනේ බාබර් සාප්පුවක කරණවෑමියෙකු ලෙසට වැඩ කළ කාලයේ
තම නිවසේ සේවකයන්ගේ කොණ්ඩා කපා තිබෙන බව කීවේය.
කුලීන ද්‍රවිඩයන් අම්බට්ටන් හෙවත් කරණවෑමි කුලයේ පුද්ගලයන්ට
අවඥාවෙන් සලකන බව නොරහසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී
සිංහලයන්ට විරුද්ධව සටන් කොට ද්‍රවිඩ ප්‍රජාව අතර තමන්ට
ගරුත්වයක්, පිළිගැනීමක් ලබා ගැනීමට තමිල් සෙල්වන්ට ඇතිවූ
අභිප්‍රේරණය වෙනම අධ්‍යයනය කළ යුතු දෙයකි.
2007 වසරේදී මා විසින් වෛද්‍යවරුන් සඳහා සංවිධානය කරන ලද
තරුණයන් ගේ ගැටලු වැඩමුළුව ඇමතීමට පැමිණි වික්ටර් අයිවන්
තමන් වරක් තමිල් සෙල්වන් හමුවූ අවස්ථාවේදී කුඩා දරුවකු මෙන්
තමිල් සෙල්වන් ඔහුට අලුතින් ලැබුණු පැජරෝව අතගාමින් එහි උපාංග
අගය කරමින් කළ හැසිරීම දුටු අයුරු විස්තර කළේය. තමිල් සෙල්වන්
ගේ එම ළාමක හැසිරීම දුටු විට ඔවුන්ගේ අරගලයේ මහා හිස් බවක්
තමන්ට දැනුණු බව වික්ටර් අයිවන් ප්‍රකාශ කළේය.
2007 වසරේ නොවැම්බර් 2 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
ප්‍රහාරයකට ලක් වී තමිල් සෙල්වන් මිය යන ලදී. මරණින් පසු
තමිල් සෙල්වන් බ්‍රිගේඩියර් තනතුරකට පත් කිරීමට ප්රභාකරන්
විසින් ක්‍රියා කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ
"බ්‍රිගේඩියර්" තනතුරට පත් ප්‍රථම සාමාජිකයා ලෙස සනිටුහන්
වන්නේ තමිල් සෙල්වන් ය. තමිල් සෙල්වන් එල්.ටී.ටී.ඊ. සංවිධානය
තුළ උසස්ම නිලයකට පත් කිරීම තුළින් ප්රභාකරන් තම ප්‍රජාවට
තවත් පණිවිඩයක් ලබා දුන්නේය.
ප්රභාකරන් ජීවත්ව සිටි කාලයේ පවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ
ප්‍රධාන නායකයන් සංවිධානයේ නම යොදාගෙන විදෙස්ගත ද්‍රවිඩ
ප්‍රජාවගෙන් එකතු කරගත් මුදල් වලින් යම් ප්‍රතිශතයක් තමන්ගේ
පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගත් බව පෙනෙන්නේ එකතු කරගත්
මුදල් වලින් සමහර නායකයන් මිලට ගත් ව්‍යාපාර දෙස බැලීමෙනි.
එස්. පී. සුපර්මාර්කට් එක මෙන්ම ටොරොන්ටෝහි පෙට්‍රල් ෂෙඩ්
ගණනාවක් තමිල් සෙල්වන් සතුව තිබුණු අතර ඒ පිළිබඳව හමුදා
බුද්ධි අංශ පවා දැන සිටියේද යන්න සැකය.
කෙසේ නමුත් දුගී සහ කුලහීන ජන්මයක් ලැබුවද අරගලයක් හරහා
තමිල් සෙල්වන් බොහෝ දේවල් අත්පත් කර ගත්තේය. බලය, මුදල්,
කීර්තිය, වෙල්ලාලයන් ගේ ගරුත්වය යනාදී මේ සියල්ල ඔහු ලබා ගත්තේ
තුවක්කුව හරහාය. එසේම ද්‍රවිඩ ප්‍රජාවට ඔහු තවමත් තමිල්
සෙල්වන් අණ්නා ය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, November 28, 2016
සිනහව පිටුපස කතාව...!!!
Posted by
lankanews
at
November 28, 2016
Labels: Former LTTE arms procurer, LTTE agenda, thamil selkvam, TNA politicians, wife of Thamilselvan, yahapalanaya
සිනහව පිටුපස කතාව...!!!
2016-11-28T20:30:00+01:00
lankanews
Former LTTE arms procurer|LTTE agenda|thamil selkvam|TNA politicians|wife of Thamilselvan|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...