ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 23, 2016

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

පළාත්සභාවලට අධික බලතල ලබා දෙමින්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරමින්, රටේ ඒකීයභාවයට හානිකරන බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරගැනීමට ඉඩ නොතබන බවත්,  ජනතා විරෝධය නොතකා ව්‍යවස්ථාව සම්මත කරගැනීමට උත්සහා කළහොත් දහස් ගණනක් දේශප්‍රේමී පිරිස් සමග පාර්ලිමේන්තුව වටලන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.
උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරේ බෞද්ධ සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටවූ “ශාසනාරක්ෂක සභාව“ මඩකලපුවේ පීඩාවට ලක්ව සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ගැටළු සොයාබැලීම වෙනුවෙන් ලබන 3 වනදා සංවිධානය කර ඇති වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේදී අදහස් දක්වමිනි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය වෙනතක යොමු කිරීම සදහා “ශාසනාරක්ෂක සභාව“ ක්‍රියාකාරීව සිටින බවට ඇතැමුන් දුර්මත ප්‍රචාරය කරන බවත් ඥාණසාර හිමියෝ පැවසූහ.වීඩියෝ සහිතයි

මේ අතර නව ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු සහ එයින් රටට සහ ජාතියට වන හානිය සම්බන්ධයෙන් බොහෝ ජාතික ක්‍රියාකාරීන් අතර නිසි පරිදි වැටහීමක් තවමත් නොමැති බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත ඒ පිළිබදව විද්වතුන් කැදවා ජාතික සංවිධාන නිලධාරීන්, භික්ෂූන්වහන්සේ ඇතුළු ක්‍රියාකාරීන්ට මූලික අවබෝධයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ඉන් පසුව දැනුවත් කිරීමේ ව්‍යාපාරය පුළුල් ලෙස ආරම්භ කරන බවත් ශාසනාරක්ෂක සභාවේ ප්‍රකාශකයෙකු අප සමග පවසා සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.