රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල
දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්
ආර්.එම්.එස්. සරත් කුමාර දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.මෙම
ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා
ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක ගේ නම නිර්දේශ කරමින්
කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනය පහතින්,
රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට....?
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමෙ
යෝජිත විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රධානය
හේතුවෙන් මෙම ගැටුම මතුවී ඇත.එම දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ
නිලධාරින්ගෙන් සැදුම් ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාල ටෙන්ඩර් මිළ
ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැදුනුම්පත් සඳහා ලැබී ඇති
අවම ටෙන්ඩරය රුපියල් 40.00 කි. නමුත් එම ටෙන්ඩරය රුපියල් 80.00 මිල සඳහන්වූ
අයදුම්පතක් සඳහා ලබාදෙන දේශපාලන බලපෑම් එල්ල වී ඇත. ඒ සදහා පුද්ගලයින්
ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර් එම් එස් සරත් කුමාර දැඩි ලෙස
විරෝධය පළ කර ඇත.
මෙම ගැටුමේ ප්රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්
ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක ගේ නම නිර්දේශ
කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා
වෙයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල්
හා සීඑම්ඊවී ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග එක් වී හැදුනුම්පත් නොමැති
පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරත විය.
ගල් අඟුරු වංචාව සහ බැඳුම්කර වංචාව ආදී වත්මන් යහපාලන රජයේ ඉස්මතුවී ඇති
වංචා දූෂණ මාෆියාව විසින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් දුෂණයට එරෙහි නිළධාරීන්
පන්නා දැමීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ
අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වනු ඇතැයි කැෆේ සංවිධානය අපේක්ෂා
කරයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, November 25, 2016
හැඳුනුම්පතින් ගසා කෑ යහපාලන බල්ලෝ…
Posted by
lankanews
at
November 25, 2016
Labels: lankanews, tax increase, unp corruptions, yahapalanaya
හැඳුනුම්පතින් ගසා කෑ යහපාලන බල්ලෝ…
2016-11-25T15:35:00+01:00
lankanews
lankanews|tax increase|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...