යක්කල කිරිඳිවැල මාර්ගයේ කිලෝ මීටර් එකේ කණුව අසලදී ඉකුත් 13 වැනිදා අලුයම් කාලයේදී මරණකරු වූ වාකිරිගල ගෙදර සරත් බණ්ඩාර නමැති 44 හැවිරිදි අය පදවාගෙන ගිය යතුරුපැදිය පාරෙන් ඉවතට පැන මාර්ගය අසල වූ කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ලැබූ ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම මියගොස් තිබේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය 14 දා ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර භාර ගැනීමට බිරින්දැවරුන් තිදෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් ගම්පහ පොලිසිය ඊයේ 1(5 දා) අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. මළ සිරුර ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මියගිය පුද්ගලයා රඹුක්කන, කොටුවැල්ල ප්‍රදේශයේ කාන්තාවක 1996 වර්ෂයේදීද, දැරණියගල මහවතැන්න සහ මල්වතුහිරිපිටිය, අඹගස්පිටිය යන ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු 2005 වර්ෂයේදීද නීත්‍යානුකූලව විවාහ කරගෙන ඇති බවත් එක් බිරිඳකට දරුවන් දෙදෙනා බැගින් බිරින්දැවරුන් තිදෙනාට දරුවන් 06 දෙනකු සිටින බවක් එම පවුල් තුනටම හොඳින් සලකා ඇති බවත් අධිකරණයේදී සඳහන් විණි.
මියගිය අය කටුනායක ප්‍රදේශයේ රැකියාවක් කරන අයකු වූ අතර එකිනෙකාට හොර රහසේ පවුල් ජීවිත ගතකර ඇති බවටද අධිකරණයේදී සඳහන් වුණි. අඹගස්පිටියේ පදිංචි දෙවැනි වරට විවාහ වූ කාන්තාවගේ අවසාන ඉල්ලීම වූයේ වසර 10 ක් පවුල් කෑ තම සැමියාගේ මළ සිරුර පැයක කාලයකට හෝ තම නිවසේ තබා ගැනීමට අවසර ලබාදෙන ලෙසය. මේ සම්බන්ධව මහෙස්ත්‍රාත් නියෝගය අද (16 දා) ලබාදීමට නියමිතය.