පාර්ලිමේන්තුවට පැමිණ කෝටි ගණන් හම්බ කල
පට්ට හොරුන්ට අවුරුදු 05 ගියාට පසු විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ නම් ,
ජාතිය වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන්ට , විශ්‍රාම වැටුප් නොගෙවා ඉන්නේ ඇයි
දැයි රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්ද්දේ සද්ධාතිස්ස
හිමියන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා .
ආණ්ඩුව මේ ඉල්ලීම් ඉටු කරන්න ඕනෑ .දැන් මේ දවස්වල වහිනවා .අපි කියන්නේ නෑ හෙණ ගහන්න ඕනෑ කියලා මුන්ට .ඒත් හෙණ වදිවී .
දැන් මේ ඉන්නේ අබාධිත රණවිරුවෝ .මේවා පෙන්නේ නැත්තම් රටේ පාලකයන්ට පෙන්නේ මොණවාද ? මේක අපි කොහොම හරි ඉවර කරනවා. බැරිම වුණොත් ගිනි තියාගෙන හරි වැඩේ ඉවර කරලා ඔයාලට අවශ්‍ය දේ කරලා දෙනවා . ඒක තමයි අපි මේ රණවිරුවන්ට කරන්න ඕන එකම දේ හැටියට අපි දකින්නේ .
විශාමික අබාධිත රණවිරුවන්ට අදාළ සේවා විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛය වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් ආබාධිත රණවිරුවන් විසින් මේ දිනවලදී දැවැන්ත විරෝධතා පවත්වනවා . ඒ රණවිරුවන්ට ආශිර්වාද කිරීම සදහා මහා සංඝරත්නය එම ස්ථානයට පැමිණි අතර එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියා.
සිය සේවා කාලය වසර 12 කට අඩුවීමේ පදනම මත විශ්‍රාම වැටුප් තමන්ට අහිමිවන බවට ආබාධිත රණවිරුවන් චෝදනා කරනවා . රජය හැකි ඉක්මණින් අබාධිත රණවිරුවන්ට අදාළ සේවා විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛය ක්‍රියාත්මක කල යුතු බවයි ඔවුන් දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටින්නේ .