ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම මසකම භාණ්ඩාගාර බිල්පත් අලෙවි කොට මගින් විශාල මුදලක් ලබා ගන්නා අතර අයවැය පැවත්වෙන නොවැම්බර් මාසය තුල පමණක් අද දක්වා රුපියල් බිලියන 165 කට වැඩි ප්‍රමානයක් ශ්‍රීලංකා මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳන්ගෙන් ලබාගෙන ඇත.
තවත් බිලියන 31.5 ක් සඳහා මෙම මස 23 දින මිල ගණන් කැඳවා ඇති අතර එහි විශේෂත්වය වනුයේ මහ බැංකුව විසින් පලකරන දැන්වීමේ කෝප් කොමිටිය මගින් රජයට කෝටි ගණනක අලාභයක් සිදු කල හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පචුවලස් ට්‍රෙසරීස් ආයතනය හරහා මුදල් මහා බැංකුවට ලබාදීමට අවසර දී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුවද රජයට සේවාවන් සපයන ආයතනයක් සම්බන්ධයෙන් නිර්නාමික පෙත්සමක් ලැබුණ අවස්ථාවකදී පවා තාවකාලිකව එම සැපයුම්කරු ගේ සේවය අත්හිටුවීමෙන් පසු පරීක්ෂා කොට බලා අවශ්‍ය පියවර ගැනීම රජයේ මෙතෙක් පැවති සම්ප්රදාය හා සාමාන්‍ය රීතියක් වන අතර මෙසා විශාල අලාභයක් ශ්‍රී ලංකා ආර්ථිකයට කල සමාගමක් සම්බන්ධයෙන් යහපාලන රජය නිහඩව ක්‍රියා කිරීම හරහා සියලුම රාජ්‍ය ආයතනවලට දෙන ඉතා නරක පූර්වාදර්ශයකි.
නොවැම්බර් 23 දිනට වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 31500 ක් සඳහා මහාබැංකු වෙබ් අඩ්වියේ පලකර ඇති දැන්විමේ 7 වෙනියට ප්‍රශ්නගත හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පචුවලස් ට්‍රෙසරීස් ආයතනය සඳහන්ය.