හඩුකාරියක්, විශේෂඥ වෛද්‍යවරුන්, ජඩමාධ්‍යකරුවන් හවුල්
භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්
දෙනෙකු අමු අමුවේ මහ දවල් ඝාතනය කර මරණ දඬුවම නියමව හිරේ සිටින මිනීමරු
කුඩු රජා ආර් දුමින්ද සිල්වා නීතිය නවා හෝ හොරෙන් මුහුදු මගින් හෝ රටින්
පිට කිරීමේ සැලැස්මක තොරතුරු වාර්තා වී තිබේ.
අයේෂා ආබ්දීන් හඩුකාරියගේ සම්බන්ධය
මෙහි එක් ප්‍රධාන සැලසුම්කාරියක් වන්නේ මාලිගාකන්ද අධිකරණයේ මහේස්ත්‍රාත්
අයේෂා ආබ්දීන් නමැති හඩුකාරිය වීම විස්මය ජනක ය. මෙම හඩුකාරිය පසුගිය 10
වෙනිදා දුමින්ද සිල්වා හමුවීමට රාත්‍රී 8.30 ට බන්ධනාගාරය වෙත ගොස් ඇත.
ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේදී ඇය බන්ධනාගාරයට ඇතුළු වූ බවට බන්ධනාගාරයේ
වාර්තා වල දැක්වේ. ඇය බන්ධනාගාර රෝහලේ සිටි දුමින්ද සිල්වා හමුවූ බවට එහි
වෛද්‍යවරයෙකුද සාක්ෂි සපයයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලද්දී දැනගන්නට
ලැබුනේ දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කළ දින රාත්‍රීයේද අයේෂා ආබ්දීන්
බන්ධනාගාරයට පැමිණ දුමින්ද සිල්වා හමුවී ඇති බවයි.
මෙය ආකාර
දෙකකින්ම නීති විරෝධී වේ. එකක් නම් සිරකරුවන් බැලීම සවස 4.30 න් පසු අවසන්
වීමෙන් පසු රාත්‍රී 8.30 ට මැය සිරකරුවකු හමුවීමයි. එවැනි නීති විරෝධී
හමුවකට ඉඩදුන් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බන්ධනාගාර
කොමසාරිස් වරයා වග බලා ගත යුතුය. දෙවැන්න නම් දුමින්ද සිල්වා
ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ අවසරයකින්
තොරව මහේස්ත්‍රාත්වරියක වූ අයේෂා ආබ්දීන් සිරකරුවා හමුවීමයි.
අයේෂා ආබ්දීන්ගේ තක්කඩි ක්‍රියාව සම්බන්ධයෙන් ඇයගේ වැඩ තහනම් කර වහාම පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කළ යුතුය.
මැය මීට පෙරද අධිකරණ සේවා කොමිසමේ පරීක්ෂනයකට ලක් වී වරද පිළිගෙන සමාව
ඉල්ලා සිටින තැනැත්තියක් වීම විශේෂය. එවරද ඇය සිදුකර තිබුනේ දුමින්ද
සිල්වාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ගෝලයන්ව ඇප මත නිදහස් කර යැවීමයි. විෂ
වර්ග අබිං සහ අන්තරායකාරී ඖෂධ පනතේ 54 වැනි වගන්තිය යටතේ නඩු පවරා තිබෙන
චුදිතයෙකුට ඇප ලබා දිය නොහැකි නමුත් අයේෂා ආබ්දීන් එවැනි 4 දෙනෙකුටම ඇප ලබා
දෙමින් නිදහස් කර තිබිණ. අවස්ථා කිහිපයකදී මෙය සිදුකර තිබුනු අතර ඒ සියළු
දෙනාම දුමින්ද සිල්වාගේ කුඩු ගෝලයන් ය. මේ නීති විරෝධී ඇප ලබා දීම
සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් අයේෂා කැඳවා පරීක්ෂණ සිදුකළ
අවස්ථාවේදී ඇය පවසා තිබුනේ තමා නීතිය නොදැන එසේ කළ බවත් මින් ඉදිරියට එසේ
නොකරන බවත් තමාට සමාව දෙන ලෙසත් ය. එවර සමාව ලැබූ ඇය දැන් ඉතාමත් බරපතල
වරදක් සිදුකර තිබේ. අයේෂා ආබ්දීන් නමැති හඩුකාරියගේ මත්ද්‍රව්‍ය ජාවාරම්
කරුවන් සමග සම්බන්ධය දැන් ඉතා හොඳින් පැහැදිලි වී තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්බන්ධය
මීනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පැන්නවීමේ එක් සැලසුම් කාරියකගේ
තතු එසේය. තවත් ප්‍රධාන සැලසුම් කරුවෙකු වන්නේ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන
වෛද්‍ය නිලධාරියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්නය. තවත් සැලසුම්
කාරියක් නම් දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනා ඝාතනය කළ
දිනයේදී ම ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සකසා ඔහු සිංගප්පූරුවට
පැටවූ ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ දොස්තරවරිය මහේෂි විජේරත්න ය. තවත්
සැලසුම්කරුවෙකු නම් ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ ය.
මොවුන්ගේ සැලසුම අනුව දුමින්ද සිල්වා මාසයකට ආසන්න කාලයක් උණ රෝගයට
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යැයි කියා බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටියේ ය.
ඉන්පසුව බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්නගේ ව්‍යාජ නිර්දේශ
මත ඔහුව ජයවර්ධනපුර රෝහල වෙත යැවීම සිදු කරන්නේ පසුගිය 11 වෙනිදා වන ඊයේ ය.
ජයවර්ධනපුර රෝහලට යැවීමට කරන ලද නිර්දේශ වන්නේ මිනීමරුවාට අමතකවීම ,
කරකැවිල්ල, දිගටම පවතින හිසරදය සහ කල්පනාව නැතිවීම ආදී රෝග තත්ත්වයන් තිබෙන
බවයි. ඇඳ ඉහ පත් වාර්තාවේ ඒ බව දැක්වේ.
තක්කඩි ලක්ෂ්මන් ජයමාන්නගේ
අපූරු නිර්දේශයක් නම් දුමින්ද ගේ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට
ඔහුට මෙයට පෙර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වෙතම යැවිය යුතු
යැයි නිර්දේශ කිරීමයි. වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් අහවලාගෙන්ම ප්‍රතිකාර
ලැබිය යුතුය කියා නිර්දේශ කරන්නේ නැති නමුත් ලක්ෂමන් ජයමාන්නලාට ඒවා ගැටළු
නොවේ.
ඉන්පසුව (11) ජයවර්ධන පුර රෝහල වෙත යැවූ දුමින්ද සිල්වා
යලි හරවා එවනු ලබයි. ශ්‍රී ජයවර්ධපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳ ලියනගේ
නමැත්තා ඊට හේතු ලෙස දක්වන්නේ එදා දුමින්දට ව්‍යාජ වෛද්‍ය වාර්තා සකසා
සිංගප්පූරුවට යැවූ විශේෂඥ වෛද්‍යවරිය මහේෂි විජේරත්න රටේ නොමැති බැවින්
ඔහුට ප්‍රතිකාර ලබා දිය නොහැකි බවයි. මෙය නම් අපූරු නිගමනයකි. රෝහලකට
රෝගියෙකු ඇතුලු කළ විට එහි සිටිනා වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාර ලබා දෙනවා
විනා නිශ්චිත වෛද්‍යවරයා නැතැයි කියා රෝගියා හරවා යවන්නේ කුමන රටක කුමන
රෝහලක් ද ? මෙහිදී සිදුවන්නේ වෙනත් වෛද්‍යවරයෙකු දුමින්දට ඉහෙන් බහින
රෝගයක් නොමැති බව සටහන් කළහොත් කුමන්ත්‍රණය අසාර්ථක වන නිසා හරවා යවනු
ලැබීමය. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි (12) සවස මහේෂි විජේරත්න
ලංකාවට පැමිණ තිබේ.
කුමන්ත්රණයේ ඉතිරි කොටස සිදුවන්නේ මෙසේය.
මහේෂි විජේරත්න නමැති තක්කඩි විශේෂඥ වෛද්‍යවරිය විසින් දුමින්ද සිල්වාට යලි
සිංගප්පූරුවේ ඔහු ප්‍රතිකාර කළ රෝහලටම යැවිය යුතු යැයි නිර්දේශ කරනු ඇත. ඒ
අනුව ඔහු සිංගප්පූරු යාමට අධිකරණ අවසරය පතනු ඇත. ජාවාරම් කරුවන්ගේ මුදලට
ගිජුව 1833 සිට තිබූ නීතියට පයින් ගසා ටිරාන් අලස් නිදහස් කර යැවූ ලංකාවේ
හොරාධිකරණය විසින් දුමින්ද සිල්වා නමැති මරණ දණ්ඩනය ලබා සිටින මිනීමරුවාට
වෛද්‍ය ප්‍රතිකාර සඳහා යයි කියා සිංගප්පූරුවට යෑමට අවසර නොදුන්නොත් පමණක්
පුදුම විය යුතුය. ලෝකයේ දැනට මරණ දණ්ඩනය නියම වී ඇති සිරකරුවෙකුට වෛද්‍ය
ප්‍රතිකාර තබා කුමන හේතුවකටවත් තම අධිකරණ කලාපයෙන් පිටතට යැවීමට නොහැකි
නමුත් අවනීතියට කප් ගසා ඇති ලංකාවේ අධිකරණය ලෝක වාර්තාවක් තබමින් මරණ
දණ්ඩනය ලබා සිටින දුමින්ද සිල්වා නමැති සමූහ ඝාතකයාට, කුඩු රජාට වෛද්‍ය
ප්‍රතිකාර ලැබීමට කියා සිංගප්පූරුවට යෑමට අවසර දීමට ඉඩ තිබේ.
ජඩමාධ්‍ය කරුවන්ගේ සම්බන්ධය
දැනටමත් ඒ සඳහා අවශ්‍ය පූර්ව ප්‍රචාරය ලබා දෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂගේ
ඔත්තුකරුවා වූ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තාට අයත් මාධ්‍ය විසින් දුමින්ද
සිල්වාට ප්‍රතිකාර කළ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය
විශේෂඥයින් ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඒවා ඇතැයි ද මේ
අවස්ථාවේ දී නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දුමින්දගේ ‘ජීවිතය අවදානමක‘ පවතින
බව එම වෛද්‍ය වාර්තා මගින් අනතුරු හඟවා ඇතැයි ද ප්‍රචාරය කරයි. මෙහි ඇති
විකටරූපී තත්ත්වය නම් මරණ දණ්ඩනයට නියම වී ඇති මිනීමරුවෙකුගේ ‘ජීවිත
අවදානම‘ ගැන කතා කිරීමට තරම් රුවන් ෆර්ඩිනැන්ඩස් තක්කඩියෙකු වී තිබීමයි.
කුමන්ත්රණයේ ඉතිරි කොටස
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇති පරිදි කුමන්ත්රණයේ
ඉදිරි කොටස මෙසේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට විභාග වීමට නියමිත දුමින්දගේ
අභියාචනය ඇසෙන තුරු මොහු සිංගප්පූරුවේ සිටිනු ඇත. ඉන් සහනයක් ලැබුනහොත් යලි
ලංකාවට පැමිණෙනු ඇති අතර එසේ නොමැති වුවහොත් ඔහු සිංගප්පූරුවෙන් වෙනත්
රටකට පලා යනු ඇත.
යම් හෙයකින් සිංගප්පූරු යෑමට අවසරය නොලැබුනහොත්
දුමින්ද සිල්වා ජයවර්ධන පුර රෝහලට ගෙන යන, ගෙන එන විටෙක බන්ධනාගාරය භාරයෙන්
පන්නා ගෙන මුහුදු මගින් හොරෙන් බෝට්ටුවකින් රටින් පිට කිරීමට ද දුමින්දගේ
කුමන්ත්‍රණ කරුවන් සැලසුම් කර ඇති බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු
සේවය වෙත වාර්තා වී තිබේ.
රටක නීතියේ ආධිපත්‍යය පවතිනවා නම් මෙවැනි
දෑ කිසිසේත්ම සිදුවිය නොහැක. තමන් අධිකරණ ඇමැතිව සිටින තුරු අපරාධකරුවෙකු
ලෙස චෝදනා ලත් ගෝඨාභයව අත් අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රසිද්ධියේ
කියන අධිකරන ඇමැතියෙකු සිටින තුරු ඒ රටේ නීතියේ ආධිපත්‍යය ගැන කතා කිරීම
විහිළුවකි.
ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප්‍රධාන වගකීමක් වන්නේ නීතියේ ආධිපත්‍යය රට තුල සහතික කිරීමය.
ලංකා ඊ නිව්ස්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, November 13, 2016
මිනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පිට කිරීමේ සැලසුම් දෙකක තොරතුරු මෙන්න....!!!
Posted by
lankanews
at
November 13, 2016
Labels: drugs dealer duminda silva, Gotabhaya Rajapakse, kudu duminda, lankanews, murder duminda, ranil wickramasinge, reynor silva, yahapalanaya
මිනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පිට කිරීමේ සැලසුම් දෙකක තොරතුරු මෙන්න....!!!
2016-11-13T20:15:00+01:00
lankanews
drugs dealer duminda silva|Gotabhaya Rajapakse|kudu duminda|lankanews|murder duminda|ranil wickramasinge|reynor silva|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
