ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 13, 2016

ඵදා නාමල් නිල් බළකායක් අටවා කළ ඵක් හොරකමක්....!!!


මේ සේරම වෙන්න ගියේ පැය ගානයි. ඊට පස්‌සෙ 'නිල් බළකායෙන්' කියලා ඇවිත් හමුදා ආරක්‍ෂාව දාගෙන පස්‌ කපාගෙන අරගෙන ගියා...!!!
 කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇවිත් 'මගේ සේරම ප්‍රශ්න විසඳලා ගෙයක්‌ හදා දෙනවා කියලා ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා (  වසළයා  _ අප භාෂාවෙන් පාහර වසළයන් මුන්වේ ) වලව්වට එන්න කියන්න' කිව්වා. මම බැහැලා වලව්වට ගියාට පස්‌සෙ අද නිළමේතුමාට හදිස්‌සි මීටින් එකක්‌ හෙට එන්න කියලා ලේකම්වරයෙක්‌ මාව හරවලා යෑව්වා. ඊට පහුවෙනිදා ගියා. ඒ කතාවම කිව්වා. ඔය විදිහට දවස්‌ පහ හයක්‌ ගියා. එක දවසකවත් ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා මාත් එක්‌ක වචනයක්‌වත් කතා කළේ නෑ.
 ඵදා සිටි පාහර දේශාපාළුවන්ගේ සැබෑ පැටි කිරියෙන් බිඳකි ඒ..
 මට අයිති ඒ නිධානය දේශපාලනඥයෝ කොල්ල කෑවා
ගමේ අයට යන්න එන්න වුණේ හමුදාවේ බස්‌වල
තල, මුංඇට, බඩඉරිඟු හැදුණු ඉඩම්වල දැන් වල් ගහක්‌වත් හැදෙන්නෙ නෑ...

 කතරගම තම්මැන්නාවේ මැණික්‌ නිධානය මතකද...?

 (  විශේෂයෙනි ...අප රටේ අහිංසකයන් රවටා ඡන්ද ලබාගෙන ජනතාව සූරා කන කවර තරමේ ඵකකු වුවද අප දකින්නේ පාදඩයන් ලෙසටයි...අප භාෂාවෙන් පාහර වසළයන් උන්වේ .මේ කථාවේදී මේ තැනැත්තා පැවසූ ආමන්ත්‍රණ ඵසේම අප සඳහන් කර ඇති බැව් සළකන්න.)
 'මගේ ඉඩමෙන් මුළු ගමම ගොඩ ගියා. ඒත් මම මහ පාරට වැටුණා...' ඔහුගේ කතාවෙන් අපි තුෂ්ණිම්භූත වීමු. තම්මැන්නාව ගම්මු මග දිගේ පොදි කමින් මැණික්‌ අහුලන අයුරු රූපවාහිනියෙන් පෙන්නූ හැටි දැනුදු මට මැවී පෙනේ. එහෙත් අප ඉදිරියේ සිටින මේ තරුණයා කියන කතාව තවම මට අපභ්‍රංසයකි. මන්ද කතරගම තම්මැන්නාව ප්‍රදේශයේ මැණික්‌ නිධිය මතු වූ ස්‌ථානයේ පැල් කොටයක අවුරුදු දහයකට වැඩි කාලයක්‌ ජීවත් වූයේ ඔහුය. රුවන් චන්දනය. ඔහුගේ දරු පවුලය. එහෙත් ඒ අසරණ දරු පවුල තවමත් ජීවත් වන්නේ අනත දුගී පැල්පතකය. ඒ මැණික්‌ නිධිය මතු වූ ස්‌ථානයට පෙනෙන දුරින් වෙනත් ඉඩමකය. දැන් අප සිටින්නේ චන්දනගේ ඒ පුංචි පැල්පතේය.

අසුන් ගැනීමට තරම්වත් පුටුවක් නැති ඒ පුංචි නිවසට හිස එබූ විට මගේ හද, ගින්නෙන් දැවුණු හේනක්‌ සේ පාළු විය. එහෙත් මම හිස නොගත්තෙමි. තව, තවත් නිවස ඇතුළත විපරම් කළෙමි. නිවසටම ඇත්තේ කෑලි දෙකකි. එකක්‌ මුළුතැන්ගෙයයි. අනෙක නිදන කාමරයටත්, සාලයටත් දෙකටම ඇති පුංචි කාමරයයි. කඩතොලු වූ සිමෙන්ති පොළව පුරා රෑ නිදා ගත් පැදුරු කඩමාලුය. තවත් තැනක ඇඳුම් කඩමලුය. නිවස තුළ හරියට නටලා ඉවර වූ තොවිල් පොළක්‌ වැනිය. මම නිවස තුළින් හිස එළියට ගෙන මිදුලට බැස්‌සෙමි.

තම්මැන්නාව වට වූ කඳු ශිඛර මීදුම් සළුවෙන් වැසී ගොස්‌ය. තවමත් පිනි වැස්‌ස අවට තෙමන්නේය. කැලෑ රොද අතරින් නැඟෙන කුරුල්ලන්ගේ මිහිරි නාදය සිත මන්මත් කරන සුලුය. එහෙත් තම්මැන්නාවේ සොබාසිරිය රිසි සේ විඳගැනීමට නොහැකි තරමට සිත තෝන්තු වී ගොස්‌ය. මගේ සිත රුවන්ගේ නිවස වටා යමින් ඈත කඳු අතර සිර විණි. තම්මැන්නාව මැණික්‌ නිධිය සහ ඔහු ගැන විස්‌තර පළ වූ පරණ පත්තර පිටු ගොන්නක්‌ උස්‌සාගෙනැවිත් අප ඉදිරියෙන් තැබීමත් සමඟ නැවත මම රුවන් අසල නතර විමී. පුංචි කොලු පැටව් දෙන්නෙක්‌ රුවන්ගේ අතේ එල්ලී අප දෙස බලා සිටින්නාහ. තවත් දරුවන් තිදෙනෙක්‌ සමඟ රුවන්ගේ බිරිඳ නදීෂා ගෙයි උලුවස්‌ස උඩය. අප දෙසට මඳහසක්‌ පා ලී බංකුවට බර තැබූ රුවන් අපව තම්මැන්නාව මැණික්‌ කතාවේ ආරම්භයට රැගෙන ගියේය.

''මමයි, අයියයි මුලින්ම ඔය ඉඩමේ ගඩොල් කැපුවා. මම කසාද බැන්දට පස්‌සෙ එතැන මැටි ගහලා පැලක්‌ අටව ගත්තා. ලුණුගම්වෙහෙර කතරගම පාර හදන්න ගත්තට පස්‌සෙ පාර හදපු ඉංජිනේරු මහත්තෙයකුට මම කිව්වා ගේ ටිකක්‌ ලොකු කර ගන්න මගේ ඉඩමෙන් පස්‌ කපා ගන්න කියලා. ඒ මහත්තයා ඒකට කැමැති වෙලා පස්‌ ට්‍රැක්‌ටරයකට මට රුපියල් 50 ක්‌ දෙන්නත් පොරොන්දු වුණා. මාස හතරක්‌ පහක්‌ එක දිගටම පස්‌ කැපුවා. මටත් රුපියල් අසූදාහක්‌ විතර හම්බ වුණා. එහෙම කපාගෙන යනකොට පොල්මන්ඩිය හරියට පස්‌ ගිහින් දානකොට තමයි පස්‌වලින් මැණික්‌ මතු වෙන්න පටන් ගත්තෙ. පාට, පාට ගල් දිලිසෙනකොට මුලින්ම ගල් කැට එකතු කළේ ගමේ පුංචි උන්. ඊට පස්‌සෙ තමයි ලොකු අය එන්න පටන් ගත්තෙ. ආරංචි වෙලා ඇවිත් බලනකොට තම්මැන්නාවෙ විතරක්‌ නෙමෙයි අහලගම්වලත් මිනිස්‌සුන්ගෙන් පාර පිරිලා. මමත් පුංචි ගල් කෑල්ලක්‌ අහුල ගත්තා. එතකොටත් මැණික්‌ ටික එහා, මෙහා වෙලා ඉවරයි...

එතැන මැණික්‌ නිධියක්‌ නෙමෙයි තිබිලා තියෙන්නෙ නිධානයක්‌... ලොකු මුට්‌ටියක තමයි මැණික්‌ ගල් පොදිය තිබිලා තියෙන්නෙ. පස්‌ කපාගෙන යටට යනකොට ඩෝසර් දත්වලට මුට්‌ටිය බිඳිලා මැණික්‌ සී, සී කඩ ගිහිල්ලා. බිඳිච්ච මුට්‌ටියේ කෑලිත් පාර දිගේ විසිරිලා තිබුණා. එතැන පස්‌ කපපු ඩෝසරේ කෙනා ගැන අදටත් ආරංචියක්‌ නෑ. මිනිහා තමයි හොඳම මැණික්‌ ටික අරගෙන ගියේ. ඩෝසර්වල, පස්‌ කපපු අනිත් අයයි, කැන්ටර්වල වැඩ කරපු අයත් මදි නොකියන්න මැණික්‌ ගල් ටිකක්‌ යටි මඩි ගහ ගත්තා. තිස්‌ස, කතරගම දේශපාලනඥයොත් දඩි, බිඩි ගාලා බැහැලා පස්‌ කැන්ටර් ගණන් ගෙවල්වලට ඇදගත්තා. ආරංචිය පැතිරිලා ගියාට පස්‌සෙ හමුදා ආරක්‍ෂාව දාලා ගමේ මිනිස්‌සුන්ව එලෙව්වා. අධි ආරක්‍ෂිත කලාපයක්‌ කරලා පස්‌ කපන එකත් නතර කළා. හරියට යුද්දෙ කාලෙ උතුරේ වගෙයි. ගම වට කරලා හමුදාව. අඩියෙන්, අඩිය චෙක්‌ පොයින්ට්‌. මේ සේරම වෙන්න ගියේ පැය ගානයි. ඊට පස්‌සෙ 'නිල් බළකායෙන්' කියලා ඇවිත් හමුදා ආරක්‍ෂාව දාගෙන පස්‌ කපාගෙන අරගෙන ගියා. අන්තිමේ ගමේ මිනිස්‌සුන්ට ගමට එන්න වුණේ හමුදාවෙන් දලා තිබුණු බස්‌වල. මිනිස්‌සුන්ට මැණික්‌ ඉඩම බලන්න යන්න බස්‌ දෙකක්‌ දාලා තිබුණා. ඒ බස්‌වල එක්‌කෙනකුට ටිකට්‌ එක රුපියල් 1000 යි. දවස්‌ පහක්‌ බස්‌ දෙක වැඩ කළා. අපි ගමට ගියෙත් රුපියල් දාහක්‌ දීලා ටිකට්‌ එකක්‌ අරගෙන. එහෙම ගිහිල්ලත් කිලෝ මීටර් 7 ක්‌ යන්න පැය තුනක්‌ විතර ගියා. මඟ දිගට මැණික්‌ මුදලාලිලාගේ වාහන පිරිලා. ඒ මදිවට තැරැව්කාරයෝ. ලංකාවේම තැරැව්කාරයෝ ටික කතරගමට ආවා. හරියට කාක්‌කො වගෙයි.

ගමේ සමහර මිනිස්‌සුන්ට පාරේ තිබිලා හම්බ වෙච්ච මැණික්‌ ගල් මුදලාලි තුට්‌ටුවට දෙකට ඩැහැගත්තා. තුට්‌ටුවට විකුණලත් ගමේ ගොඩක්‌ අය වෙන පළාත්වලින් ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන ගියා. පස්‌සෙ මම අහුල ගත්ත ගල් කෑල්ල රුපියල් ලක්‍ෂ දෙකකට විකුණුවා. මහ විශාල මැණික්‌ නිධානයෙන් මට ලැබුණේ එච්චරයි. අන්තිමේ හමුදාවේ අය මාව ඉඩමෙනුත් පන්නලා දැම්මා. ටික දවසකට පස්‌සෙ මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරිය අපේ ඉඩම්වල තිබුණු වටිනා ගස්‌ කොළන් කපා දාලා සේරම නූල් ඇදලා පර්චස්‌ 10 කෑලිවලට කඩල වෙන්දේසි කළා. මගේ ඉඩමේ පොල්, කජු, අඹ වගා කරලා තිබුණා. ඒ සේරම ගලවලා දැම්මා. ඉඩමේ පදිංචි වෙලා හිටිය මට අඩුම තරමින් පර්චස්‌ 10 ක්‌වත් දුන්නෙ නෑ. අයියා ගේ හදාගෙන හිටපු තැන පර්චස්‌ 16 ක්‌ වෙන් කරලා දුන්නා. ඒ දවස්‌වල පර්චස්‌ 10 ක ඉඩම් කෑල්ල කෝටි තුන, හතරට වෙන්දේසියේ විකුණුනා. ඒ එක්‌කම රත්නපුරේ මැණික්‌ මුදලාලිලා විකුණ ගන්න බැරි ගල් කෑලි මෙහෙට ගෙනත් අපේ ගමේ මිනිස්‌සු දම්මලා ලක්‍ෂ ගණන්වලට ඒ ගල් ව්‍යාපාරිකයන්ට විකුණුවා. පැය භාගෙ බිස්‌නස්‌ එකට බ්‍රොaකර් වැඩේ කරපු කෙනාට පනස්‌දාහ, හැත්තෑ පන්දාහ දුන්නා. ඕක නොදන්නා මැණික්‌ මුදලාලි හිතුවේ තව මැණික්‌ හම්බවෙනවා කියලා. වැඩි, වැඩියෙන් මැණික්‌ ඉඩම් සල්ලිවලට ගන්න පටන් ගත්තා.

අපේ අයියගේ ඉඩම් කෑල්ල ගන්න මැණික්‌කාරයො පොර කෑවා. අපි හිතුවා මේ ඉඩමේ ලොකු වටිනාකමක්‌ තියෙනවා කියලා. රත්නපුරේ ප්‍රසිද්ධ මැණික්‌කාරයෙක්‌ අපිට කිව්වා ඕක කීයකට ඉල්ලුවත් දෙන්න එපා ටික දවසක්‌ ගිහිල්ලා අපි දෙකෙන් පංගුවට ගරමු කියලා. අපි ඒකට කැමති වෙලා ඉඩම විකුණුවේ නෑ. පස්‌සෙ ඉඩම් ගත්ත මැණික්‌කාරයො බැකෝ දාගෙන මැණික්‌ ගරන්න පටන් ගත්තා. ආසාවට මැණික්‌ ගල් කෑල්ලක්‌ හම්බවුණේ නෑ. අඩු තරමින් ඉල්ලමක්‌වත් පෑදුනේ නෑ. අන්න අතන විතරයි මැණික්‌ තිබුණේ. එතැනිනුත් හම්බ වුණේ ඔප දාපු ගල් ටිකක්‌. ස්‌වාභාවිකව මැණික්‌ හම්බ වෙනවා නම් ඔප දාපු ගල් මතු වෙන්නෙ නෑනෙ...' කියා රුවන් මහා විශාල වළක්‌ පෙන්නුවේය.

''මේ වළ තියෙන තැන හරි මැද තමයි අපේ ගේ තිබුණේ. මැණික්‌ හම්බ වුණෙත් වළ මැදින්...'' රුවන් දිගු සුසුමක්‌ පිට කර හද සැහැල්ලු කර ගත්තේය.

මහා විශාල වළකි. ඒ අවට ද තැන, තැන විශාල වළවල්ය. යකඩ දත්වලින් පහුරු කෑ පස්‌ කඳු ඈතට විහිදෙන්නේය. ඇස්‌ මානයම ගහක්‌ කොළක්‌ නැති වළ ගොඩැලි සහිත මුඩු බිමකි.

''ඉස්‌සර මේ පැත්තෙ හේන් ගොවිතැන් කළේ. තල, මුංඇට, බඩඉරිඟු සරුවට හැදුණා. වෙන්දේසි කරලා කැණීම් කරලා පස්‌ ටික ගෙනිච්චට පස්‌සෙ දැන් කිසිම බෝගයක්‌ හරියන්නෙ නෑ. සමහර තැන් අඩි පනහ, හැට හෑරුවා. පුංචි වැව් වගේ. ඒත් පාට තිරිවාන ගලක්‌වත් ලැබුණේ නෑ. අන්තිමේ මැණික්‌ කැණීම් කරපු අය වළවලුත් වහන්නෙ නැතුව යන්න ගියා. ඉඩම් ගත්ත මැණික්‌ මුදලාලිත් රැවටුණා... අපිත් රැවටුණා. අයියගේ ඉඩමේ දෙකෙන් පංගුවට මැණික්‌ ගරමු කියලා කියපු මැණික්‌ මුදලාලි දුරකථනයට සම්බන්ධ වෙන්නෙත් නැතුව ගියා. අන්තිමේ අපිට ඒ ඉඩම විකුණ ගන්නත් බැරි වුණා. දැන් නම් ඒ ඉඩම ලක්‍ෂ දෙකකටවත් දෙන්න බෑ. පැත්තම පාළු වෙලා කිසිම බෝගයක්‌ හැදෙ
න් නෑ.

ඉඩම් වෙන්දේසි කරලා ලැබුණු මුදලින් ගමේ හැම පවුලකටම අඩු ආදායම්ලාභී කියලා රජයෙන් රුපියල් එක්‌ලක්‍ෂ දහඅටදාහ ගානේ බෙදලා දුන්නා. මා ළඟ කෝටි දෙකක මැණික්‌ ගල් තියෙනවා කියලා ප්‍රාදේශීය ලේකම්තුමා මම අඩු ආදායම්ලාභියෙක්‌ නෙමෙයි කියලා ඒ මුදල දුන්නෙත් නෑ. පස්‌සෙ මම කතරගම නගරයේ Telephone  කණුවකට නැඟලා පැය විසි නවයක්‌ උපවාස කළා. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇවිත් 'මගේ සේරම ප්‍රශ්න විසඳලා ගෙයක්‌ හදා දෙනවා කියලා ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා වලව්වට එන්න කියන්න' කිව්වා. මම බැහැලා වලව්වට ගියාට පස්‌සෙ අද නිළමේතුමාට හදිස්‌සි මීටින් එකක්‌ හෙට එන්න කියලා ලේකම්වරයෙක්‌ මාව හරවලා යෑව්වා. ඊට පහුවෙනිදා ගියා. ඒ කතාවම කිව්වා. ඔය විදිහට දවස්‌ පහ හයක්‌ ගියා. එක දවසකවත් ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහත්තයා  (  වසළයා  _ අප භාෂාවෙන් පාහර වසළයන් මුන්වේ ) මාත් එක්‌ක වචනයක්‌වත් කතා කළේ නෑ. පස්‌සෙ මම බැරිම තැන ජනාධිපතිතුමාව මුණගැහිලා මට වෙච්ච ආසාධාරණය ගැන කියන්න කොළඹ ආවා. ඒත් ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් මට යන්න දුන්නෙ නෑ. කරන්නම දෙයක්‌ නැති තැන වෙඩි කාලා මැරෙන්න හරි කියලා කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයේ කණුවට නැග්ගා. පැය එකහමාරක්‌ විතර ඉන්නකොට හමුදාවේ හතර දෙනෙක්‌ උඩට නැඟලා 'අපිත් උඹ වගේ අසරණ කොල්ලො තමයි දැන් බහිමු' කියලා කතා කළා. එතකොට මම කිව්වා එහෙම මට බහින්න බෑ. මට ලොකු අසාධාරණයක්‌ වෙලා තියෙනවා කියලා. ඊට පස්‌සෙ කුළුණට නැඟපු හතරදෙනාගෙන් එක්‌කෙනෙක්‌ කෑම්ප් එකේ ලොකු මහත්තයාට කෝල් එකක්‌ අරගෙන මට දුන්නා. ඒ මහත්තයා කිව්වා කෑම්ප් එකේ අයගෙන් සල්ලි එකතු කරලා ගෙයක්‌ හදා දෙනවා දැන් බහින්න කියලා. ඊට පස්‌සෙ මම බැස්‌සා. මාව කොම්පඤaඤවීදිය පොලිසියට ගෙනිහින් කටඋත්තර ගත්තා. හමුදාවේ අය වෙනම කටඋත්තර ගත්තා. සී.අයි.ඩී. අය වෙනම ගත්තා. ඊට පහුවෙනිදා අලුත්කඩේ උසාවියට දාලා මට ඇප දුන්නා. ඊට පස්‌සෙ අවුරුදු දෙකක්‌ විතර ඒ නඩුවට මම කොළඹ ගියා. පස්‌සෙ මට උසාවියෙන් රුපියල් දෙදහක දඩයක්‌ ගහලා අවුරුදු දහයකට ඇඟ බැඳලා නිදහස්‌ කළා.

එතකොට මට දරුවො තුන්දෙනයි. දැන් මට දරුවො හතරදෙනයි. තව ළමයෙක්‌ අරන් හදා ගන්නවා. ඒ දරුවගේ තාත්තට පිළිකාවක්‌. අම්මටත් වැඩක්‌ පලක්‌ කර ගන්න බෑ ලෙඩ. ගෙවල් තියෙන්නෙත් මහා කැලේ. පස්‌සෙ මම ඒ දරුවා අපේ ගෙදරට ගෙනත් මට පුළුවන් විදිහට කන්න බොන්න දීලා උගන්වනවා. දැන් අවුරුදු හයක්‌ විතර වෙනවා. දැන් මට දරුවො පස්‌ දෙනයි. ලොකු දරුවට නවයයි, දෙවැනි දරුවට හතරමාරයි. තෙවැනියට තුනයි. චූටිම දරුවට අවුරුද්දයි. අරගෙන හදාගන්න දරුවට දහහතරයි. මගේ බිරිඳට අවුරුදු විසිහයයි. මට වයස අවුරුදු විසි අටයි. අපේ පවුල තවම ළාබාලයි. ඒත් නැඟිටින්න ශක්‌තිය නෑ. අපි සේරම ජීවත් වෙන්නෙ වන්දනාවේ එන අයට පූජා වට්‌ටි කපලා දීලා ඒකෙන් හම්බ වෙන මුදලින් තමයි. බොන වතුර ටිකත් අපි සල්ලිවලට ගන්න ඕනා. අඩුම තරමින් හරියට අපිට රජයෙන් වතුර ටිකක්‌වත් දෙන්නෙ නෑ. දැනට අපේ ගමේ ගෙවල් තිහක්‌ විතර තියෙනවා. ඒ සේරම වතුරවලට පුදුම දුකක්‌ විඳින්නෙ...

මට වෙච්ච අසාධාරණයට වගකියන්න ඕන රාජපක්‍ෂ ආණ්‌ඩුව... ශෂින්ද්‍ර රාජපක්‍ෂ... පස්‌ කපන්න ඉඩ දීලා මම තමයි ඔය නිධානය මතු කළේ. රාජපක්‍ෂවරු මගේ නිධානය මංකොල්ලකෑවා. අන්තිමේ මට උන්හිටි තැනත් නැති කරලා පාරටම ඇදලා දැම්මා... රුවන් චන්දනගේ ස්‌වරය උස්‌ වී කතාව නතර විය.

තම්මැන්නාවට වාසනාව කැන්දූ මැණික්‌ නිධානය මතු වූයේ පසුගිය 2012 පෙබරවාරි මාසේ දිනකය. දැන් ඒ සිද්ධියට අවුරුදු හතරක්‌ ගත වී හමාරය. එමෙන්ම එම නිධානය තිබූ ඉඩම සහ ඒ අවට වෙන්දේසියේ විකුණා මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරියට රුපියල් කෝටි විසිඅටකට ආසන්න ආදායම ලැබිණි. නිල් බළකායේ නිලධාරීහු ඇතුළු කතරගම දේශපාලුවෝ මැණික්‌ නිධිය ඔවුන්ට නිධානයක්‌ කර ගත්හ. එහෙත් කාලයක්‌ මැණික්‌ නිධිය මත ජීවත් වූ රුවන් ඇතුළු දරු පවුල පැදුරෙන් පිලට වැටිණි. මැණික්‌ කැණීම් කිරීමත් සමඟ සරු පස්‌ තට්‌ටුව ඉවත් වී කිසිදු වගාවක්‌ කිරීමට නොහැකි තරමට පස නිසරු විය. අවසානයේ තම්මැන්නාව ගම්මුන්ට ඉතිරි වූයේ වළ ගොඩැලි සහිත කාන්තාර බිමකි. එදා වාසනාව කැන්දූ මැණික්‌ නිධානය අද තම්මැන්නාවට සාපයක්‌ වී ඇත්තේ එසේය.

තරංග රත්නවීර
ඡායාරූප කේ. ඩී. දේවප්‍රිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.