ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 29, 2016

හිටපු ඇමැති කරුණා රිමාන්ඩ් වෙඩි නොවදින රියක්‌ පාවිච්චි කර කෝටි 9ක්‌ අවභාවිත කළැයි චෝදනා...!!!

ජනතා මුදලින් සුරසැප විඳ අවසන රිමාන්ඩ් අත් අඩංගුවට යනුයේ දෑත් ඔසවා පට්ට වීරයන් ලෙසිණී...!!!
වෙඩි නොවදින මෝටර් රථයක්‌ පාවිච්චි කරමින් රුපියල් කෝටි නවයකට අධික මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්  ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ නැගෙනහිර සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී කරුණා අම්මාන් මෙම වෙඩි නොවදින මෝටර් රථය පාවිච්චි කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට පැමිණෙන ලෙස හිටපු ඇමැතිවරයාට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් දැනුම්දී තිබිණි.
ඒ අනුව හෙතෙම ඊයේ පෙරවරුවේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර පැය හතරකට ආසන්න කාලයක්‌ ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ කරුණා අම්මාන් අධිකරණය වෙත රැගෙන යන ලදි.
පසුව හිටපු ඇමැතිවරයා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ සවස 2.00 ට පමණය.
ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ කරුණා අම්මාන් විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ සවස රැගෙන යන ලදි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.