(මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත)
බළලා මල්ලෙන් එළියට පැන තිබේ. තේරෙන භාෂාවෙන් කීවොත්
ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට වාහන
මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කර තිබේ. කජු ඇට කොස් ඇට නොව රුපියල් කෝටි 79 කි. මේ
ඇස්තමේන්තුව මීට පෙරද ඉදිරිපත් කළ එකකි. ඒ 2016 වර්ෂයේ ජුනි
මාසයේදීය. එවර ඇමැතිවරු 30 දෙනෙක් සඳහා කෝටි 118 ක පරිපූරක
ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. එම පරිපූරික ඇස්තමේන්තුව
එදා ඉදිරිපත් කළේ ලක්ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාය. මෙවර ඇමැතිවරු
27 දෙනකු සඳහා කෝටි 79 ක් ඉල්ලා තිබේ. මුලින් ඉදිරිපත් කරන ලද
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අත්හිටුවූයේ
පසුගිය මැයි මාසයේ සිට ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූවන්ටත්, සාලාව
- කොස්ගම පිපිරීම නිසා අවතැන් වූ ජනතාවටත් සහන සැලසීමෙන් පසු
එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලෙස කියමිනි. ආණ්ඩුවේ
මේ සද්ක්‍රියාව මේ වනවිට සාලාව ප්‍රදේශයේ ඉන්නා ගුණමකු
මිනිසුන්ද, අරණායක රාමසර කන්දේ පදිංචිව සිට අවතැන්වූ මිනිසුන්ද
කෝචොක් කරමින් සිටිති. ඒ අනුව මේ කමකට නැති මිනිස්සු තැන්
තැන්වල කූඩාරම්වල (තවමත්) ළඟිමින් සහන ලැබුණේ නැතැයි ආණ්ඩුවට
බැන වදිමින් සිටිති. සාලාව ප්‍රදේශයේ විපතට පත්වූවා යෑයි කියන
පිරිසක් පිටකොටුවේදී ද අඩව්වක් අල්ලන්නට සූදානම් විය. මේවා
රටේ ජනතාව පිළිගන්නවා යෑයි ඒ ගුණමකු මිනිසුන් කල්පනා කරනවා විය
යුතුය. සහන සැලසුවේ නැත්නම් මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත්
කරන්නට තරම් ආණ්ඩුව මෝඩවේදැයි අප අසන්නට කැමතිය.පටිත් තද කරගෙන, සොච්චම් වැටුපකුත් ගෙන හිඟා නොකා හිඟා කමින්
දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවා උන්ටම බනින රටේ මෝඩ මිනිසුන්ට
මේවා තේරෙන්නේ නැතආණ්ඩුව ම කියන පරිදි මේ හිඟන පඩිවලින් මැති ඇමැතිවරුන්ට කළ
හැකි කඡ්ජක් නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකම වැට් බදු සහන
ලබාදී මදිපාඩුවට ගුවන් යානා ඉන්ධනවලට ද ඒ සහනය ලබාදී රජයේ
සේවයේත් පෞද්ගලික අංශයේත් සේවක වැටුප් වැඩි කළ පසු ඇමැති
වැටුප් වැඩි කිරීමට ඊර්ෂ්‍යා කරන උදවිය ගැන ආණ්ඩුව දැහැමින්
කොහොම වෙතත් "සෙමෙන්" කල්පනා කරන බව පෙනේ. ප්‍රතිඵල පසුවටය. මේ
රටේ ජනතාවට ආණ්ඩුවේ පළමු අයවැයේදීම රට බරපතළ ආර්ථික උගුලක
සිරවී සිටින බවත්, මේවාට පහුගිය ආණ්ඩුවේ උදවිය වගකිව යුතු
බවත් කීවා යෑයි අමතකව තිබේ. නොමැතිනම් පසුගිය ආණ්ඩුවේ
කුමන්ත්‍රණ නිසා ඒ බව බලෙන්ම අමතක කර දමා තිබේ.
අපට (රටේ ජනතාවට) පටි තද කරගන්නට කී බව මෙතරම් ඉක්මණින් අමතක
කර දැමූ මේ රටේ ජනතාව මොන තරම් ගුණමකුදැයි අපි යළිත් අසමු.
මැති ඇමැතිවරුන්ට කාර් ගන්නවාට මෙතරම් ඊර්ෂ්‍යා කරන උදවිය අපේ
රටට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් පැමිණීමට නියමිත බව අමතක
නොකළ යුතුය. එවිට රටේ තොග ගණනට වොක්ස්වැගන් තිබේ. මේ පරිපූරක
ඇස්තමේන්තුව ඉදිරිපත් නොකරන්නට මේ මැති ඇමැතිවරුන්ට ගමන්
බිමන් යන්නට වෙන්නේ බක්කි කරත්තවලය. නොඑසේනම් හතරපස්පොලකදී
බ්‍රේක්ඩවුන් වන වාහන අලුත්වැඩියා කරමින් මජං නාන්නට වන්නේ
බැකප් වාහනවලින් රක්ෂාවට යන අහිංසකයන්ටය.
පටිත් තද කරගෙන, සොච්චම් වැටුපකුත් ගෙන හිඟා නොකා හිඟා කමින්
දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවා උන්ටම බනින රටේ මෝඩ මිනිසුන්ට
මේවා තේරෙන්නේ නැත
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, November 28, 2016
ඇමැතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක්....!!!
Posted by
lankanews
at
November 28, 2016
Labels: lankanews, meithreepala sirisena, ranil wickramasinge, ravi karunanayake, ravi karunanayake family, tax increase, unp corruptions, yahapalanaya
ඇමැතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක්....!!!
2016-11-28T22:26:00+01:00
lankanews
lankanews|meithreepala sirisena|ranil wickramasinge|ravi karunanayake|ravi karunanayake family|tax increase|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...