මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. ඇමරිකානු රාජ්‍ය යාන්ත්රණයට හිස නොනැමූ යුග පුරුෂයන්ගෙන් ඔහු ප්‍රමුඛයකු විය.
පිදෙල් කස්ත්‍රො ඝාතනය කිරීම සඳහා ඇමරිකානු සී.අයි.ඒ. බුද්ධි සේවාව උත්සාහයන් රැසක් දැරූ නමුත් ඒ සියලු උත්සාහයන්වලින් ඔහු ගැලවුණි.
වරක් කස්ත්‍රො නිව්යෝර්ක් නුවරට පැමිණි අවස්ථාවේ කියුබාවේ නිපදවූ සුරුට්ටුවකට සමාන සුරුට්ටුවක් නිපදවා ඊට විෂ ඇතුළත් කර කස්ත්රොව මරා දැමීමට සී.අයි.ඒ. සංවිධානය උත්සාහ කළේය.
එහෙත් අවසාන මොහොතේ සුරුට්ටුව දීමට නොහැකි විය. තවත් වරක් කස්ත්‍රො මුහුදේ ස්නානය කරමින් සිටි අවස්ථාවේ ඝාතකයකු එවා ඔහුව ඝාතනය කිරීමට සී.අයි.ඒ. ඔත්තු සේවාව දියත් කළ මෙහෙයුමද අසාර්ථක වේ.
එම ඝාතන උත්සාහවලින් පසු කස්ත්‍රො පැවසුවේ "අපි සියලු දෙනාටම වේලාව එනවා - ඒ වෙලාව එනකම් සිටිය යුතුයි" යන්නයි.1959 දී කස්ත්‍රො කියුබාව පාලනය කරමින් සිටි බැටිස්ටා නමැති ඇමරිකානු හිතවාදී පාලකයා පලවා හරිනු ලැබීය. මේ නිසා 1961 දී ඇමරිකානු රජය කියුබාව සමග පැවැති සියලු සබඳතා අත්හිටුවා ඇමරිකාවෙන් එවන භාණ්ඩ නතර කරනු ලැබීය. බැටිස්ටා පලවා හැරීමට අර්නස්ටෝ ෙච් ගුවේරාද කස්ත්‍රොaට සහාය විය.
1961 දී කස්ත්‍රො කියුබානු මිසයිsල අර්බුදය නමැති අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.
ඒ වන විට ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය ඇමරිකාවේ සිටින කියුබානු සංක්‍රමණිකයන් පිරිසක් පුහුණුකර කස්ත්‍රොaගේ රජය පෙරළා දැමීමට කියුබාවට යවනු ලැබීය.
ඒ සඳහා ඇමරිකානු නාවුක හමුදාව සහාය විය.කස්ත්‍රොගේ රජය පෙරළා දැමීමේ මෙහෙයුම සී.අයි.ඒ. සංවිධානය දියත් කර තිබුණි. එවකට ඇමරිකාවේ ජනාධිපති වූයේ ජෝන් EF. කෙනඩිය.
මේ සමයේ කියුබාව තුළ සොවියට් මිසයිල ස්ථානගත කර තිබුණි. ඒ බව ඇමරිකානු යූ. 2 ඔත්තු සේවා යානාවක් විසින් ඡායාරූපගත කර තිබුණි.
මේ මිසයිල අර්බුදය එවකට සෝවියට් නායකයාව සිටි නිතිනා කෲස් සහ කෙනඩි අතර පැවැති සාකච්ඡාවෙන් පසු සමථයකට පත්විය.
සෝවියට් දේශය කියුබාවේ තිබූ මිසයිල ඉවත්කර ගනු ලැබීය.
මේ වාතාවරණය මැද කස්ත්රොව පළවා හැරීමට දියත් වූ පිග්ස් බොක්කේ මෙහෙයුම අසාර්ථක විය. කස්ත්‍රොගේ හමුදාව ඊට සම්බන්ධ වූවන් රැසක් අල්ලා ගැනීමෙන් පසු සී.අයි.ඒ. මෙහෙයුමේ රහස් හෙළිවිය.

1956 සිට 1976 තෙක් කියුබාවේ අගමැති ලෙසද 1976 සිට 2008 තෙක් ඔහු ජනාධිපති ලෙසද ක්‍රියා කළේය.
වසර 50 කට අධික කාලයක් කියුබාව පාලනය කළ කස්ත්‍රො ඇමරිකානු හා එක්සත් ජාතීන්ගේ සම්බාධකවලින් සැලුණේ නැත.
මම කිසි දිනෙක ඇමරිකාව කෙරේ විශ්වාසය නොතබන්නේයි යෑයි ඔහු කියා සිටියේය.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා කියුබාවට පැමිණියත් කස්ත්‍රො ඔහු හමුවීමට ගියේ නැත.
ඇමරිකාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ දමා ලක්ෂ ගණනක් මරා දැමුවා දැන් ඔබාමා හිරෝෂිමාවට යන්නේ සමාව ඉල්ලන්නද යෑයි කස්ත්‍රො ප්‍රකාශ කළේය.
කස්ත්‍රොගේ අභාවය ගැන රුසියානු ජනාධිපති වැලැඩ්මිර් පුටින් පැවසුවේ කස්ත්‍රො සැබෑ යුග පුරුෂයෙක් බවයි. ඔහු තම පිළිවෙත පාවා දුන්නේ නැහැ. එදා සිටි ස්ථාවරයෙන්ම මියයනතුරුත් සිටියාය යන්නයි.
දිගු කලක් තිස්සේ ඇමරිකානු විරෝධී පිළිවෙතක් අනුගමනය කළ පිදෙල් කස්ත්‍රො 1953 මොනකාඩා හමුදා බැරැක්කයට එල්ල කළ ප්‍රහාරය නිසා වසරක් තිස්සේ සිරගතවිය. එහෙත් ඔහු සිය උත්සාහය අත්හැරියේ නැත.
එසේම සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු කස්ත්‍රො සැලුණේ නැත. අපමණ දුෂ්කරතා සහ සම්බාධක මැද ඔහු කියුබාව පාලනය කළේය. මේ නිසා බටහිර මාධ්‍ය කස්ත්‍රො හඳුන්වනු ලැබුවේ භීෂණය අපනයනය කරන්නෙකු ලෙසිනි.
එහෙත් කස්ත්‍රො වෙනත් රටවල රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඔහු ඇමරිකාවේ ලෝක පොලිස් කාරයා පිළිවෙතට සෘජුවම අභියෝග කළේය.
පනස් එක් වසරකට අධික කාලයක් තිස්සේ කස්ත්‍රො ආරක්ෂා වූයේ ඔහුගේ විශ්වාසනීය බුද්ධි සේවාව නිසාය.
ඇමරිකානු සී.අයි.ඒ. බුද්ධි සේවාව කියුබාවට චර පුරුෂයන් එවා කස්ත්රොට එරෙහිව දියත් කළ සියලුම මෙහෙයුම් සොයා ගැණිනි.
ඝාතන සැලසුම් 638 කින් තමා ගැලවුන බව කස්ත්‍රො පැවසුවේ එබැවිනි.
කියුබාවේ හිටපු ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානියා වූ ජෙබ්සන් එන්කාලන් පැවසුවේ සී.අයි.ඒ. සංවිධානය පුපුරණ හවානා සුරුට්ටුවක් විෂ පෑනක්, ගුවන් විදුලි මධ්‍යස්ථානයක සජීවී වැඩසටහනට කස්ත්‍රො සහභාගි වන අවස්ථාවේ එම ගුවන්විදුලි මධ්‍යස්ථානයට බෝම්බ දැමීම සහ මරිමා ලොරෙන්සෝ නමැති සී.අයි.ඒ. කාන්තාව ලවා කස්ත්‍රො ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.
එහෙත් ඒ සෑම ඝාතන උත්සාහයකින්ම කස්ත්‍රො දිවි ගලවා ගත්තේය.
පිදෙල් කස්ත්රොට එල්ල වූ චෝදනාවක් වූයේ ඇන්ගෝලාවේ ගරිල්ලා යුද්ධයට කියුබානු භටයන් යෙදවීමයි.
සෝවියට් දේශයේ සහය මත ඇන්ගෝලා යුද්ධයට කියුබාව සහාය වූ අතර ඊට එරෙහිව සී.අයි.ඒ. සංවිධානයද ගරිල්ලා සංවිධානයකට උදව් කළේය.
මේ අතර නව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ පිදෙල් කස්ත්‍රො ආඥදායකයකු බවයි.
කෙසේ වෙතත් සී.අයි.ඒ. නමැති ඉතා බලවත් ඇමරිකානු බුද්ධි සේවාවේ තර්ජන හමුවේ කස්ත්‍රො දණ ගැසුවේ නැත. කියුබාවෙන් සීනි අපනයනය කිරීමට පවා සම්බාධක පනවා තිබියදී කස්ත්‍රො සැලුණේ නැත.
කියුබාවේ සිට ඇමරිකාවේ ප්‍රිඩා ප්‍රදේශයට ඇත්තේ සැතපුම් 90 කි.
මේ අතර කස්ත්‍රොගේ අභාවයෙන් සතුටට පත්වී ඇත්තේ ඇමරිකාවේ පුරවැසිබව ලත් කියුබානු සංක්‍රමණිකයන් පිරිසක් පමණි. කියුබාවේ වත්මන් ජනාධිපති රාවුල් කස්ත්රොයි. ඔහු පිදෙල් කස්ත්‍රොගේ සොහොයුරයි.
පිදෙල් කස්ත්‍රොගේ අභාවයත් සමගම කියුබාවේ තත්ත්වයද අවිනිශ්චිත බව වාර්තා වේ.
කීර්ති වර්ණකුලසූරිය