ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 26, 2016

උතුරු මැද මහ ඇමතිට මිලියන 42 වාහනයක් ගෙන්වයි...!!!


ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක්

ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවෙන් වාර්තා වෙයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව උතුරු මැද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට මසකට පමණ ඉහතදී එම අධිසුඛෝපභෝගී ජීප් රථය ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඇණවුම් කර ඇති අතර තවත් සති තුනක පමණ කාලයකදී එය මෙරටට ගෙනඒමට නියමිතය.
මේ පිළිබඳව උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාරගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය.
" මම දැනට භාවිතා කරන වාහනය 2008 වසරේදී එවකට මහ ඇමති බර්ටි ප්‍රේමලාල් ගෙන්වා භාවිතා කොට අනතුරුව පත්වූ රංජිත් සමරකෝන් මහ ඇමතිවරයාත් භාවිතා කළ වාහනයක්. එය එක් වතාවක් අනතුරටත් පත්ව තිබෙනවා.එය මේ වෙද්දී කිලෝමීටර් 550,000ක් ධාවනය කොට තිබෙනවා.
අලුතෙන් ගෙන්වන රථයට පළාත් සභාවේ කිසිදු මුදලක් වැය කළේ නැහැ. ඒ සඳහා මුදල් ලබාදුන්නේ මහා භාණ්ඩාගාරයයි.මේ වාහනයේ සාමාන්‍ය වටිනාකම ලක්ෂ 70ක් පමණ වනවා. ලක්ෂ 350ක් රජයේ බදු ලෙස අයවූ පසුවයි එහි වටිනාකම ලක්ෂ 420ක් බවට පත්ව තිබෙන්නෙ"

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.