මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාර රෝහලේ මේ වන විට රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍ය නිර්දේශ කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මේ අතර පෙරේදා දිනයේ දිසා විනිසුරුවරියක් බන්ධනාගාර රෝහලට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසා ටික වේලාවක් එහි ගතකර පිටත්ව ගොස් ඇතැයිද එහා දැක්වෙයි.
බන්ධනාගාරයට ඇතුළුවන ගේට්ටුවේද මෙම විනිසුරුවරිය පැමිණීම ගැන සටහන් වී ඇතැයිද සදහන් වන අතර බන්ධනාගාර කොමසාරිස්වරයාද මේ බව තහවුරු කරයි.
කෙසේ වෙතත් ජාතික රෝහලට යොමු නොකර ජයවර්ධනපුර රෝහට දුමින්ද සිල්වා යොමු කරන ලද්දේ කිනම් හේතුවක් නිසාදැයි වාර්තාවක් ඉදරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙත දන්වා තිබේ.