ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 23, 2016

16 ට අඩු වයස් ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට සිදු වෙනවා..!!!

කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ සතියකට ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ සිදු වෙනවා; සියලු දෙනා 16 ට අඩු අය..
 කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට ස්‌ත්‍රී දූෂණ පහක්‌ හෝ හයක්‌ සිදු වන බවත් කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු 14 ක දැරියක්‌ මේ වන විට මාස අටක ගැබිනියක්‌. මේ වගේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින්, ඇතැම් බාලිකාවන් වැඩිවියට පත්වෙනවා කියන්නේ මොකක්‌ද කියාවත් දන්නේ නෑ.
 එසේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින් බවත් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා  පවසයි.
"හිංසනයෙන් තොර ප්‍රීතිමත් සංචාරයක්‌ හිසින් බ්‍රිතාන්‍ය කොමසාරිස්‌ කාර්යාලය කාන්තා පිහිට සංවිධානයේ දායකත්ව ඇතිව වාද්දුව පොලිස්‌ කොට්‌ඨාසයේ සංචාරක මහ පෙන්වන්නන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සඳහා පැවැත් වූ එක්‌ දින වැඩමුළුවේදී කළුතර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ බව කීවේය.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු 14 ක දැරියක්‌ මේ වන විට මාස අටක ගැබිනියක්‌. මේ වගේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින්, ඇතැම් බාලිකාවන් වැඩිවියට පත්වෙනවා කියන්නේ මොකක්‌ද කියාවත් දන්නේ නෑ.

ලංකාව පාලනය කළ සුදු ජාතිකයන් විසින් 1866 දී පොලිසිය ආරම්භ කළේ ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහායි. 1948 අපට නිදහස ලැබුණායින් පසු සිංහල පොලිස්‌පති කෙනෙක්‌ පත්වුණා. 1983 වනතුරු එය දෙපාර්තමේන්තුවක්‌ව තිබුණා. 2005 දී පොලිස්‌ සේවය වුණා. එදා පොලිසියෙන් කෙනෙකුව අත්අඩංගුවට ගත්තාම කුමක්‌ වේ දැයි කියා ලොකු බියක්‌ තිබුණා අද එහෙම නෑ, අද පොලිසිය කියන්නේ ජනතාව සමඟ සිටින ජනතාවගේ බොහෝ අවශ්‍යතාවන් ඉටු කර දෙන ආයතනයක්‌.

රටේ අපරාධ මර්දනය කිරීමේ දී ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන් බොහෝ සේවයක්‌ ලබාගත හැකියි. පානදුර සිට බෙන්තර දක්‌වා සංචාරක හෝටල් රාශියක්‌ තියනවා. ඒවා හා සම්බන්ධ සංචාරක මග පෙන්වන්නන්ටද අපරාධ අඩු කිරීම සඳහා විශාල කාර්ය භාරයක්‌ ඉටු කළ හැකියි. සහයෝගය පොලිසිවලට ලබා දෙන්න කියා ඉල්ලනවා.

අප රටට ලැබී තිබෙන කීර්ති නාමයට කැළලක්‌ වෙන්න දෙන්න එපා කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

සංචාරක කොට්‌ඨාස භාර ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් විදානගම හා වාද්දුව සුපරීක්‍ෂණ කමිටු ලේකම් බ. උ. රො. රාජපක්‍ෂ  සහ කාන්තා පිහිට සංවිධානයේ අධ්‍යක්‍ෂිකා නයනා නිරෝෂණීද කතා කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.