ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 30, 2016

දොස් තොර වරුනි නුඹලාටය....!!! වීඩියෝ සහිතයි


ආදරණීය දොස්තර මහත්වරුණි නෝනාවරුණි මෙනෙවියනි , අනෙකුත් සොඛ්‍ය වෘත්තිකයිනි ,
ලංකා මව් පොළොව මත ඛේදනීය දේශපාලන අර්බුදයක් මේවනවිට නිර්මාණය වී තිබෙන බව ඉතා පැහැදිළිය . ජනතාව මුලා කරන දේශපාලන ක්‍රමයක් දැඩි ලෙස උත්සන්න වී ඇත . නිළවශයෙන් හා නොනිල වශයෙන්ද මර්ධනය ක්‍රියාත්මකය . ඒ ආණ්ඩුවේද වංචනිකයින් මේ ආණ්ඩුවටද තුරුල් වී ඇත . ඒ වංචාවෙන් ගැලවිජ්ජාව වෙත ගාල් වන්නටය . උන්ගේ හැසිරීම අලුත් ආණ්ඩුවේ අයටත් වඩා තුච
්ඡ ය . එකෙකුට ප්‍රශ්න සිල්ලරය .තව කෙනෙකු උද්ධච්ඡ කම තම කටපල්ලෙන් බේරන්නේ බොරු බේගල් ගොන්නක් ද සමගය . මොවූහු වෛද්‍යවරයාගේ සැබෑ ප්‍රශ්න තේරුම්ගැනීමට හෝ ඔවුන්ගේ ගෞවරවය සුරකිමවත් නොසළකති . ඔවුන්ට අවශ්‍ය වන්නේ සුවච කීකරු නපුංසක වෘත්තිකයින් ඔවුන් වටා තබා ගැනීමය . එසේ රටක් මෙහෙයවන්නට හෝ දුවන්නට නොහැකි බව හෝ ඉන් මතුවන අනෙක් සියලු ප්‍රශ්නද ඔවුන්ට වැඩක් නැත . ඒ තරමට අද මේ දේශපාලක පාපතාරයෝ ජාත්‍යන්තර ඉත්තන් - මැක්කන් - බැලයන් වී ඇත . මේ තත්වය ඉදිරියේ ඔබේ ශක්තිය වෘත්තීය දායකත්වය රටේ පොදු මහජනතාවට මහා අස්වැසිල්ලකි .වීඩියෝ සහිතයි

ප්‍රවේසම්වන්න ලිංගික ශ්‍රමික කාන්තාවන් 9947කට ඒඩ්ස්‌...!!!

අද (01දා) ට යෙදෙන ලෝක ඒඩ්ස්‌ දිනය නිමෙත්තෙනි..
 
මේ රජයේ සමලිංගික ප්‍රතිපත්තිය මත මෙන්ම අගමැතිවරයාගේ සිට ප්‍රධාන මැති ඇමතිවරුන් ද සම ලිංගිකයන් වීම මෙයට වඩාත් බලපාන බව බොහෝ දෙනෙකුගේ මතයයි.
"එච්. අයි. වී./ඒඩ්ස්‌ වෛරසය ශරීර ගතවූ ගැබිනි මවුවරුන්ගෙන් දරුවාට වෛරසය පැතිරීම ලබන වසර (2017) අවසානයේදී සම්පූර්ණයෙන් නතර කෙරේ.
දැනට ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති දිවයින පුරා විසිරී සිටින බවට ඇස්‌තමේන්තු කර ඇති එච්. අයි. වී/ඒඩ්ස්‌ ආසාධිතයින් 1386 දෙනකු දැනුවත් කිරීමේ වැඩසටහන් හා රුධිර පරීක්‍ෂණයන් හරහා ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීම.
ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් ඇතුළු එච් අයි වී වෛරසය පැතිරවීමේ අවදානමක්‌ සහිත අවදානම් කණ්‌ඩායම් රෝගය පැතිරීම වැළැක්‌වීම පිළිබඳව දැනුවත් කරලීම.

දැනට එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය මෙරට පතුරුවන ප්‍රධාන අවදානම් කණ්‌ඩායම් හතර ලෙස ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් හා වෙරළාශ්‍රිතව විදේශිකයන්ට සේවය සපයන ළමුන් (බීච් බෝයිස්‌) හඳුනා ගෙන තිබේ. අනෙක්‌ අතට සංක්‍රාන්තික ලිංගිකයන් හෙවත් "ට්‍රාන්ස්‌ජෙන්ඩර්"(පිරිමින් බවට පරිවර්තනය වූ කාන්තාවන් හා කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්) ප්‍රජාව ද මෙහිදී අවදානම් කණ්‌ඩායමක්‌ සේ සැලකිය හැකි වන්නේ ඔවුන් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක සේ ඇසුරු කිරීම හේතුවෙනි.වීඩියෝ සහිතයි

ජනතා මුදලින් හොර අඹුවගේ රෝහල් බිල් ගෙවූ ඇමති සජිත්....!!!

එක්සත් ජාතික් පක්ෂයේ නී.නායක සජිත් ප්‍රේමදාසගේ අනියම් ප්‍රේමය හේතුවෙන් ප්‍රේමදාස පවුලේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.දැනට මාස කිහිපයකට පමණ පෙර අහබු ලෙස හටගත් මෙම සබඳතාවය මේ වනවිට නතරකර ගැනිමට නොහැකි තත්ත්වයක් දක්වා ගොස් ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වනුයේ අදාළ කාන්තාව සජිත්ගේ සාහසීක ලිංගික ක්‍රියාකාරකම් සදහා ඉහල රුචියක් දැක්විම බවයි සජිත්ගේ පවුලේ සමාජිකයන් අනාවරණය කර ඇත්තේ. අදාල සමීප කාන්තාවගේ පීයා පසුගිය කාලසිමාවේ රෝගාතුරව සිටි අතර පසුව ඔහුව  ප්‍රතිකාර ගැනිම සදහා කොළඔ ප්‍රධාන පෙළේ පෙෘද්ගලික රෝහලක සති 3ක කාලයක් නතර කර සිටි අතර පසුව එම රෝහල් ගාස්තුව වු රු.ලක්ෂ 12 කට අධික මුදල සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශය හරහා පියවිමටද කටයුතු කර තිබේ.මෙම කාන්තාව සජිත්ගේ  බිරිද සමගා අවස්ථා කිහිපයකදී උණුසුම් වචන හුවමාරු කරගෙන ඇති අතර ඒ හේතුවෙන් සජිත්ගේ අනියම් සම්බන්ධය මේ වනවිට පවුලේ අවුලක් මතුකිරිමට සමත්ව තිබේ.

ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද...?

VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු අඩු කිරීමේ පොරොන්දුවේ දී ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද...?

ගංවතුර නායයාම් අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීම සිදුවෙද්දී VAT හුටපටයක් ඇති විය. ඒ සමගම අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන්  ආරක්ෂාකිරීම සඳහා වූ   ජාත්‍යන්තර සම්මුතිය”නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තැබීමත් සිදුවිය. මෙරට ඇතැම් දේශපාලකයන් VAT හුටපටයේදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ද VAT වැඩිකිරීම නීති විරෝධීයැයි කියමින් නීතියේ සහන පතන්නට විය.දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව VAT විරෝධී උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය.වීඩියෝ සහිතයි

යහපාලනය යටතේ නීතිය සාධාරණද....???

මහජන දේශණයක් අතරේ රටේ පොලිස්පති වරයාට ඉහළ දේශපාළු අපතයෙකුගෙන් ලැබෙන දුරකථන ඇමතුමක්...!!! ඊට අවනතව කීකරු බලු කුක්කෙකු සේ නීතිය නවන පොලිස්පති....!!! මේකද ජනතාවනී ඔබ පැතූ සාධාරණ සමාජය...!!!

සුවහසක් ළදරුවන්ගේ තිඹිරිගෙය.. ‘කාසල් රෝහල’ විකුණා දමන්න සූදානම්..

මවුවරුන් හා ලදරුවන් සදහාම මෙරට ප‍්‍රධානතම රජයේ රෝහල වූ කාසල් රෝහල පුද්ගලික අංශයට විකුණා දැමීමේ සූදානමක් ඇති බවට නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.
2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියේ අඩංගු යෝජනාවකින් එය හෙලි වූ බවද ඔවුහු පෙන්වා දෙති.
‘නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව මත කාසල් රෝහල ඉදිරි වසරේදී නවීන තාක්ෂණයට අනුකූලව මිලියන 3000 ක් යොදා වැඩි දියුණු කරනු ලබයි’ යනුවෙන් යෝජනාවක් අයවැයේ සදහන් බවද පෙන්වා දෙන එම සංවිධානය නිදහස් සෞඛ්‍ය සේවය ඇති ලංකාවේ කාසල් රෝහල මේ ආකාරයෙන් පුද්ගලීකරණය කිරීම දැඩිව හෙලි දකින බවද කියා සිටී.වීඩියෝ සහිතයි

‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ ...පීඩිත ජනතාව කියයි...!!!

‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]
 මෛත‍්‍රීට ආණ්ඩුව කරන්න බැරිනම් මහින්දට ආණ්ඩුව බාර දී යන්නැයි ඊයේ පැවති වෛද්‍ය වැඩ වර්ජනයෙන් අපහසුතාවට පත්ව රෝහල් පෝලිමේ සිටි රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් පල කලේය...

උන් උඩ ගියා...!!! රට නැතිවුනා ...!!!

පීඩිතයන් 225 කට සහන සැලසීම පුණ්‍යකර්මයකි
ජීවන බරින් පීඩාවට පත්වූවෝ බහුතර ලක්‌වැසියෝ වෙති. 

 2015 ජනවාරි 08 වැනිදා සටන් පාඨත් අද ආණ්‌ඩුවේ ක්‍රියා පටිපාටියත් අහසට පොළොව මෙනි.

30 දෙනාගේ කැබිනට්‌ මණ්‌ඩලය එක්‌ සිහිනයක්‌ පමණකි. එය චිත්‍රයට ඇඳිය හැකිද යන්නත් ප්‍රශ්නයකි. මන්ත්‍රී දීමනාව වැඩි කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය විරුද්ධ බව කියයි. නමුත් පඩි වැඩිවූ විට ආණ්‌ඩුපක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේම පඩිපත වැඩිවන බව පැහැදිලිය. ඇමැතින් 27 දෙනෙකුට හා විපක්‍ෂ නායකවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 79 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ සම්මත වුණේ පසුගිය සෙනසුරාදාය. අයවැය සහන කෙසේ වෙතත් මැති ඇමැති සහන නම් දෝරේ ගලා යන බව පෙනේ.

ජාතික රෝහලේ හෘද රෝගීන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ බාල බෙහෙත් නිසා..

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය (28) දින හදවත් සැත්කම්වලට ලක් කෙරනු රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම පිළිබදව කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වූ  (Non Ionic contrast media for cardio angiography for adult –100 ml) නැමැති ඩයි වර්ගයේ කාණ්ඩය භාවිතය තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
ඒ අනුව හෘද රෝග සැත්කම සදහා භාවිතා කරන මෙම ඩයි වර්ගය පිළිබදව රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. . – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි..

උතුරු පලාතේ බුදු පිලිම හමුදා කදවුරුවල පමණයි.. පිට කිසි තැනෙක එපා.. – ආරක්‍ෂක ලේකම් නියෝග කරයි.. උතුරු පළාත තුල හමුදා කදවුරුවලින් පිට කිසිම තැනක බුදු පිළිම ස්ථාපිත නොකරන ලෙස උතුරේ සියළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.

වර්ජකයන්ට පහර දී එළවන්න කාටවත් අයිතියක්‌ නෑ… – විජේදාස

වර්ජකයන්ට පහර දී ඉවත් කිරීමට කිසිවකුට අයිතියක්‌ නැති අතර අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය කාටත් තිබෙනවා යයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ  පැවසීය.
නීතිගරුක යහපත් සමාජයක්‌ වශයෙන් අප අණපනත් පිළිපැදිය යුතු බව පැවසූ ඇමැතිවරයා වාහන නීති උල්ලංඝනය කරන රියෑදුරන් වෙනුවෙන් දඩ මුදල් වැඩි කළ යුතු බව ද පැවසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය. දඩ මුදල් වැඩි කළා සේම වාහන අල්ලන නිලධාරීන් ද විනයගරුක විය යුතුයි.
සමහර පොලිස්‌ නිලධාරීන් පාරේ අහුමුලුවල සැඟවී සිට ග්‍රීස්‌ යකුන් වගේ එක්‌වරම වාහන නැවැත්වීමට කඩාපනිනවා.

Tuesday, November 29, 2016

ගංවතුරින් හානි වු එක් පුද්ගලයකුට රුපියල් 2808යි… ජනපතිට, අගමැතිට කාර් ගන්න ඊට වැඩියි.. UN වාර්තා මෙන්න..

පසුගිය මැයි මස දිවයිනේ ඇති වූ ගංවතුරින් ප්‍රදේශ ගණනාවක විශාල හානි සිදු වූ විය. මේ නිසා කොලොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය, අවිස්සාවේල්ල, හෝමාගම යන ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක්ම ජන ජීවිතයට හානි විය.
එම අවස්ථාවේ ගංවතුරින් පිඩාවට පත් අසරණ ජනතාව බැලිමට රටේ බලධාරීන් තරගයට මෙන් ගියහ. රටේ ජනතාව රූපවාහිනි නාලිකාවල මග පෙන්වීම සහ දායකත්වය මත හැකි පමණින් පිඩාවට පත් අසරණ ජනතාව උදව් උපකාර කලහ.
රජය ඉල්ලා සිටියේ මෙම විශාල ගංවතුර රටේ ජනතාවගෙන් 301,602 දෙනෙකුට බලපා ඇති බවත් හැකි පමණින් විදේශ මිත්‍ර රටවලින් ආධාර ලබාදෙන ලෙසත්ය. ඒ අනුව නොයෙකුත් රටවලින් අධාර උපකාර මේ රජයට නොඅඩුව ලැබුණි.

25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය

හෙට බස්‌ වර්ජනය ස්‌ථිරයි
- අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති
ගැමුණුගේ තීරණය අද


හෙට (01 දා) දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර  පැවසීය.
වාහන වැරදි සම්බන්ධයෙන් පැනවූ රුපියල් 25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගැමුණුගේ බස්‌ සංගමය හැර අනෙක්‌ බස්‌ සංගම් ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ සංගම් ද සහාය දක්‌වන බව හෙතෙම සඳහන් කළේය.

හිටපු ඇමැති කරුණා රිමාන්ඩ් වෙඩි නොවදින රියක්‌ පාවිච්චි කර කෝටි 9ක්‌ අවභාවිත කළැයි චෝදනා...!!!

ජනතා මුදලින් සුරසැප විඳ අවසන රිමාන්ඩ් අත් අඩංගුවට යනුයේ දෑත් ඔසවා පට්ට වීරයන් ලෙසිණී...!!!
වෙඩි නොවදින මෝටර් රථයක්‌ පාවිච්චි කරමින් රුපියල් කෝටි නවයකට අධික මුදලක්‌ අවභාවිත කිරීමේ චෝදනාව මත පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්  ලබන 7 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

අපතයන්ට රනිල් ගෙන් තවත් ලොතරැයියක්...!!!

ආසනවල කාර්යාල පවත්වාගෙන යැමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ට මසකට දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌...!!!
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාට සිය ආසනවල කාර්යාල පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌ ලබාදීමට ඊයේ (29 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර ඇත.
මීට අමතරව මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තු රැස්‌වීමකට පැමිණීම වෙනුවෙන් දිනකට ගෙවූ රුපියල් පන්සීයක දීමනාවද රුපියල් දෙදහස්‌ පන්සීය දක්‌වා වැඩි කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව එක්‌ මන්ත්‍රීවරයකුට මසකට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව ලෙස රුපියල් විසිදහසක මුදලක්‌ද, කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්‍ෂයක්‌ද, ඡන්දදායකයන් වෙනුවෙන් ආසනයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්‍ෂයක දීමනාවක්‌ද හිමිවනු ඇත.

යාපනයේ සිට පැමිණි අයිසීස්‌ ක්‍රියාකාරිකයා මුම්බායි පොලිස්‌ දැලේ...!!!

යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි අයි.එස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන තිබේ. එම තරුණයන් අයි.එස්‌. සංවිධානය සඳහා පුහුණු කර ඇත.
මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී ඇත.
කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය ආයතන වල තිබෙන මාෆියාව හෙළිදරව් කරන රන්ජන් රාමනායක...!!!

හිතල බලන්න මරණ දණ්ඩනය හිමිවුණු කෙනෙක් පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීම හා විනිසුරුවරියක් පුද්ගලිකව මුන ගැහිම වගේ දෙයක් ගැන. අපේ අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන ආකාරය ගැන, එතුමාගේ වචන වලින්ම කිව්වම ‘ලැජ්ජයි... අම්මපා... මෙහෙමත් ආණ්ඩුවක්‘ කියලා පාර්ලිමේන්තුව දෙවනත් කරන්න තිබ්බා. නමුත් එහෙම වුනේ නැහැ, ඇයි ඒ ?  මේ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසාද ? නැහැ ඒකට හේතුව මේ පුද්ගලයගේ පවුල මේ රටේ ප්‍රධාන මාධ්‍ය ජාලයක හිමිකරුවන් වීම. ඕක ගැන කතා කළොත් අපේ නිව්ස් ඒ චැනල් එකේ දාන්නේ නැහැ. අපිට බලයේ චාන්ස් දෙන්නේ නැහැ, ඒක නේද හේතුව.?
මම ප්‍රධාන පක්ෂ දෙක ගැන කතාකරන්නේ නැහැ, ඒකේ ඉන්න අය ඒ ගොල්ලෝ හඳුන්වන්නේ ‘ස්මාර්ට් පොලිටිෂියන්ස්‘ ලා කියලනේ. එකනේ ඒ අය මටත් බනින්නේ ‘රන්ජන් මෝඩ වෙන්න එපා. ඇත්ත වුනාට ඕක කිව්වට පස්සේ උඹට ඒ චැනල් වලින් පබ්ලිසිටි ලැබන්නේ නැහැ‘ කියලා...
රන්ජන් රාමනායකගේ කතාවේ වීඩියෝව පහතින්

Monday, November 28, 2016

රු. එක්‌ලක්‍ෂ හතළිස්‌දහසකට එස්‌.ටී.එෆ්. හිටපු ප්‍රධානියා හිරේ දැමීම ආණ්‌ඩුව ලැඡ්ජා විය යුතු කරුණක්‌...!!!

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පවසයි
රටට විශාල සේවාවක්‌ කළ පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී කේ. එල්. එම්. සරත්චන්ද්‍ර  රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසකට හිරේ දැමීම ගැන ආණ්‌ඩුවට ලැඡ්ජාවක්‌ නැද්දැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන (28 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ස්‌ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ දිනේෂ් ගුණවර්ධන  මෙසේද කීය.
පොලිස්‌ විශේෂ කාර්යබලකායේ අණදෙන නිලධාරියාව සිටි සරත්චන්ද්‍ර  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම ගැන අගමැතිවරයා දන්නේ නැද්ද...?

ඇමැතිවරුන්ට වාහන ගන්න කෝටි 79ක්‌....!!!

(මෝඩ මිනිස්‌සුන්ට මේවා තේරෙන්නේ නැත)
බළලා මල්ලෙන් එළියට පැන තිබේ. තේරෙන භාෂාවෙන් කීවොත් ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කජු ඇට කොස්‌ ඇට නොව රුපියල් කෝටි 79 කි. මේ ඇස්‌තමේන්තුව මීට පෙරද ඉදිරිපත් කළ එකකි. ඒ 2016 වර්ෂයේ ජුනි මාසයේදීය. එවර ඇමැතිවරු 30 දෙනෙක්‌ සඳහා කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. එම පරිපූරික ඇස්‌තමේන්තුව එදා ඉදිරිපත් කළේ ලක්‍ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාය. මෙවර ඇමැතිවරු 27 දෙනකු සඳහා කෝටි 79 ක්‌ ඉල්ලා තිබේ. මුලින් ඉදිරිපත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් අත්හිටුවූයේ පසුගිය මැයි මාසයේ සිට ගංවතුරෙන් ආපදාවන්ට ලක්‌වූවන්ටත්, සාලාව - කොස්‌ගම පිපිරීම නිසා අවතැන් වූ ජනතාවටත් සහන සැලසීමෙන් පසු එම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කරන ලෙස කියමිනි. ආණ්‌ඩුවේ මේ සද්ක්‍රියාව මේ වනවිට සාලාව ප්‍රදේශයේ ඉන්නා ගුණමකු මිනිසුන්ද, අරණායක රාමසර කන්දේ පදිංචිව සිට අවතැන්වූ මිනිසුන්ද කෝචොක්‌ කරමින් සිටිති. ඒ අනුව මේ කමකට නැති මිනිස්‌සු තැන් තැන්වල කූඩාරම්වල (තවමත්) ළඟිමින් සහන ලැබුණේ නැතැයි ආණ්‌ඩුවට බැන වදිමින් සිටිති. සාලාව ප්‍රදේශයේ විපතට පත්වූවා යෑයි කියන පිරිසක්‌ පිටකොටුවේදී ද අඩව්වක්‌ අල්ලන්නට සූදානම් විය. මේවා රටේ ජනතාව පිළිගන්නවා යෑයි ඒ ගුණමකු මිනිසුන් කල්පනා කරනවා විය යුතුය. සහන සැලසුවේ නැත්නම් මේ පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කරන්නට තරම් ආණ්‌ඩුව මෝඩවේදැයි අප අසන්නට කැමතිය.
පටිත් තද කරගෙන, සොච්චම් වැටුපකුත් ගෙන හිඟා නොකා හිඟා කමින් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට යවා උන්ටම බනින රටේ මෝඩ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැත

නෙගටිව් එක තුන් පාරක්‌ සවුත්තු වුණා ට්‍රම්ප් ආයිආයි රගපෑවා...!!!

ඇමරිකානු ජනාධිපතිව චිත්‍රපටයකට ගත්ත චන්ද්‍රන් රත්නම් කියයි...!!!
ට්‍රම්ප් චිත්‍රපට සමාගම 1990 වසරේදී නිෂ්පාදනය කළ ගොස්‌ට්‌ කාන්ට්‌ ඩු ඉට්‌ (Ghosts Can't do it) චිත්‍රපටය මෑතකදී වඩාත් අවධානයට පාත්‍ර වූයේ ඉදිරියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී සිටින ඩොනල් ට්‍රම්ප් එහි කළ රංගනනය හේතුවෙනි. ලාංකික අපට එහි ඇති වැදගත්කම වනුයේ ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සුවිශේෂ භූමිකාවක්‌ නිරුපණය කිරීමයි. මේ එම සුවිශේෂී අවස්‌ථාව හා චන්ද්‍රන් රත්නම්ගේ අන්තර්ජාතික සිනමා අත්දැකීම් පිළිබඳ ඔහු සමග අප කළ සාකච්ඡාවකි.

අසූවෙ දශකයේ තිරගත වූ ඇමරිකාවේ නිෂ්පාදිත "ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌" චිත්‍රපටය පිළිබඳ නැවතත් කතාබහක්‌ ඇතිවෙලා තිබෙනවා. ඊට හේතුව ඇමරිකාවේ මීළඟ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් එහි රංගනයේ නියෑලීමත්, ඔබ එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්‌ඩායමේ සාමාජිකයකු වීමත් නිසා. මුලින්ම කියන්න ලාංකිකයකු වන ඔබට ගෝස්‌ට්‌ කාන්ට්‌ ඩූ ඉට්‌ චිත්‍රපටයට සම්බන්ධ වීමට පසුබිම හැදෙන්නෙ කොහොමද...?

චීන්නු ගුවන්තොටුපළින් එළියට ආපු ගමන් CASINO...!!!

වෙලාව අලුයම 2.30 ට පමණ ඇත. අපි කොළඹ නගරයේ පිහිටි සුපිරි කැසිනෝ සමාජ ශාලාවකට පිවිසියෙමු. ජීවිතයේ පළමු වරට කැසිනෝ සමාජ ශාලාවකට ගොඩවදින මා තුළ කිසියම් චකිතයක්‌ද ඇතිවිය. නමුත් මා සමග ගිය මාගේ විදේශ මිතුරන් දෙදෙනා එම කැසිනෝ සමාජ ශාලාවේ සාමාජිකයන් බැවින් මට ඉතා පහසුවෙන්ම කැසිනෝ සමාජ ශාලාව තුළට ඇතුළු වීමට හැකිවිය. අලුයම් කාලය යනු කැසිනෝ සමාජ ශාලාවල උණුසුම් කාල පරිච්ඡේදයක්‌ බව මගේ විදේශ මිතුරන් දෙදෙනා පැහැදිලි කළේය. කැසිනෝ ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් මුදල් ඔට්‌ටු වැඩිපුර දැමීම සහ ඉතා සක්‍රියව ක්‍රීඩාවේ නිරත වීම සිදුවන්නේ අලුයම් කාලයේදී බව ඔවුන් පැවසූ වදන් සත්‍ය බව වැටහුණේ මා එහි සැරිසරද්දීය.
කැසිනෝ සමාජ ශාලාවේ ක්‍රීඩාවන් කිහිපයක්‌ ඇත. කාඩ් කුට්‌ටම භාවිතයෙන් ක්‍රීඩා කිරීම සහ අප කවුරුත් කැසිනෝ යෑයි පැවසූ විට දන්නා කැරකෙන රවුමක ඇති ඉලක්‌කම් මත වැටෙන බෝලයක්‌ ඇසුරින් ඔට්‌ටු දැමීමේ ක්‍රීඩාවට ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි.

කරදියන්ආරු පුදබිමේ බොදු උරුමය වනසන වසලයන්...?


ඉස්‌සර රජවරු ලෙන් හැදුවේ ඉරහඳ පවතින තුරු සිව්දෙසින් එන භික්‌ෂූන් වහන්සේලා හට වැඩසිටින්නය. නමුත් පුරාවිද්‍යා පනත අනුව එය අයිතිවන්නේ පුරාවිද්‍යාවටය. එනිසා දැන් සිදුව ඇත්තේ පුරාවිද්‍යාව සිටින තුර භික්‌ෂූන් වහන්සේලාහට එම ලෙන්වල වසන්නට බැරිවීමය. එයට හොඳම උදාහරණය වන්නේ 2013 වසරේ සිට කුඩුම්බිගල වන සෙනසුනේ ලෙන් කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට කුඩුම්බිගල නාහිමියන් පුරාවිද්‍යාවෙන් උපදෙස්‌ ඉල්ලු කළ වසර 03 ක්‌ යනතෙක්‌ පුරාවිද්‍යා ලොක්‌කෝ ඒ සඳහා උපදෙස්‌වත් අවසරවත් ලබා නොදෙන ලදී. අවසානයේදී පැරණි බිත්ති දිරා වේයන් ගසා දිරාපත්ව හුඹස්‌ බැඳ තිබීම නිසා එම පැරණි බිත්ති බැඳ ප්‍රතිසංස්‌කරණය කළවිට කුඩුම්බිගල හිමි පොලිසියට ගෙන ගොස්‌ කටයුතු කරන්නට පුරාවිද්‍යාව සිංහයන්සේ නිර්භීත වෙති.නැගෙනහිර යනු එදා හෙළ දරුවන්ගේ ලෙයින් දහඩියෙන් පෝෂණය වූ පුරයකි. ඒ බව කියාපාන්නට මහා උරුමයන් රැසක්‌ අදටද නැගෙනහිර පළාත පුරාවටම ගව්වෙන් ගව්වට වන වදුළට යටව මිනිසුන්ගේ නොපනත්කම් හමුවේ අවසානය කරා ළංවෙමින් සිටිති. එම වසර දහස්‌ ගණනක ඉතිහාසය දිනපතාම වාගෙ අකාමකා දමා නැගෙනහිර අලුත් ඉතිහාසයක්‌ ලියවෙමින් තිබේ. ඒ අනුව තව වසර කිහිපයක්‌ ගතවුණ කළ ඉපැරණි බොදු උරුමය යටපත්ව ඒ මත ඉදිවන පල්ලි කෝවිල් නැගෙනහිර පුරාම දක්‌නට ලැබෙනු ඇත.

මහ දවල් මෙහෙමත් කෑමක්‌...!!!

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක
 අලුත්වැඩියාවට කෝටි 25යි ...
මහ දවල් මෙහෙමත් කෑමක්‌...

* එඑෆ්.සී.අයි.ඩීයට හසුනොවු තවත් කතාවක්‌
* තවමත් නොගිය ගොඩනැගිල්ලකට කුලිය මාසයකට කෝටි 1.5
* අවුරුදු පහකට කෝටි 96යි...
* ටෙන්ඩර් නෑ...  මිල කැදවීම් නෑ...

 පරණ කතා නිතර නිතර කීමත්, පරණ කතා නිතර නිතර ඇසීමත් මෝඩකමකි. එහෙත් යහපාලනය සම්බන්ධයෙන් කියෑවෙන සමහර පරණ කතා වුවමනාවෙන්ම ඇසිය යුතු වන්නේ එම කතා රටේ ජනතාවගේ "අං" කොතරම් දුරට වැවී ඇත්දැයි සිහිපත් කරන බැවිනි. දැන් "ජනවාරි අට වෙනස" සමරන්නට ඇත්තේ ඉතා කෙටි කලකි. හරියටම කීවොත් මාසයකුත් දින පහළොවකි. යහපාලන ආණ්‌ඩුවට ද අවුරුදු දෙකකි. මේ කාලය අතරතුර යහපාලන ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් ගැන අහන්නත් සනීපය, සුවදායකය. ඒ නිසාම කොතරම් පරණ කතාවක්‌ වුවද මෝඩකම ගැන අමතක කර මේ කතාව නැවත අසන මෙන් අපි ඉල්ලා සිටිමු.

ජිනීවා යෝජනාව එපා සිංහල ඩයස්‌පෝරාව ට්‍රම්ප්ගෙන් ඉල්ලයි...!!!

යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට්‌ සභාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට්‌ සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇත. ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාව ඇතුළත් ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ ස්‌විට්‌සර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සුසෑන් ලෙවින් ජනවාරි 20 දා සිට ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත.

ඝාතන සැලසුම් 638 කින් දිවි ගලවා ගත් පිදෙල් කස්‌ත්‍රො...!!!


ලෝක ඉතිහාසයේ ප්‍රබලම යුග පුරුෂයකුවූ කියුබාවේ අසහාය නායකයාව සිටි පිදෙල් ඇල්පෙන්dro කස්‌ත්‍රො රූස්‌ හෙවත් පිදෙල් කස්‌ත්‍රො පසුගිය සිකුරාදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය. ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයට හිස නොනැමූ යුග පුරුෂයන්ගෙන් ඔහු ප්‍රමුඛයකු විය.

පිදෙල් කස්‌ත්‍රො ඝාතනය කිරීම සඳහා ඇමරිකානු සී.අයි.ඒ. බුද්ධි සේවාව උත්සාහයන් රැසක්‌ දැරූ නමුත් ඒ සියලු උත්සාහයන්වලින් ඔහු ගැලවුණි.
වරක්‌ කස්‌ත්‍රො නිව්යෝර්ක්‌ නුවරට පැමිණි අවස්‌ථාවේ කියුබාවේ නිපදවූ සුරුට්‌ටුවකට සමාන සුරුට්‌ටුවක්‌ නිපදවා ඊට විෂ ඇතුළත් කර කස්‌ත්‍රොව මරා දැමීමට සී.අයි.ඒ. සංවිධානය උත්සාහ කළේය.
එහෙත් අවසාන මොහොතේ සුරුට්‌ටුව දීමට නොහැකි විය. තවත් වරක්‌ කස්‌ත්‍රො මුහුදේ ස්‌නානය කරමින් සිටි අවස්‌ථාවේ ඝාතකයකු එවා ඔහුව ඝාතනය කිරීමට සී.අයි.ඒ. ඔත්තු සේවාව දියත් කළ මෙහෙයුමද අසාර්ථක වේ.
එම ඝාතන උත්සාහවලින් පසු කස්‌ත්‍රො පැවසුවේ "අපි සියලු දෙනාටම වේලාව එනවා - ඒ වෙලාව එනකම් සිටිය යුතුයි" යන්නයි.

සිනහව පිටුපස කතාව...!!!

2013 වසරේදී වරක්‌ මම ටොරොන්ටෝහි දමිළ කඩයකට ගියේ කරවල, තුන පහ කුඩු වැනි ලංකාවට ආවේණික පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. මෙය කඩයක්‌ කීවද සුපර් මාර්කට්‌ එකකි. එහි නම එස්‌. පී. සුපර්මාර්කට්‌ ය. එස්‌. පී. සුපර්මාකට්‌ එකේ භාණ්‌ඩ මිලදී ගනිමින් සිටිය දී තමිල් සෙල්වන් අණ්‌නා..... .. කියා ද්‍රවිඩ ගීතයක්‌ වාදනය විය. මෙය එල්.ටී.ටී.ඊ.විරු ගීතයක්‌ බව මම අනුමාන කළෙමි. පසුව ටොරොන්ටෝහි ද්‍රවිඩ ප්‍රජාව ගැන තොරතුරු දන්නා මා මිත්‍ර විරාඡ් ප්‍රනාන්දුගෙන් මෙම එස්‌. පී. සුපර්මාකට්‌ එක ගැන ඇසුවෙමි. විරාඡ් කී තොරතුරු අනුව මෙම සුපිරි වෙළඳසල එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන නායක ලෙස 12 වසරක්‌ කටයුතු කළ තමිල් සෙල්වන්ට අයත් වූ එකකි. දැන් එහි අයිතිය ඇත්තේ ඔහුගේ ඥාතීන්ටය.

ජංගම දුරකථන හිමියන්ගේ ගිණුම් තොරතුරු ඉල්ලා සිදුකරන මූල්‍ය ජාවාරමක්‌....!!!


පොලිස්‌ පරීක්‌ෂණ ඇරඹේ
ජංගම දුරකථන සමාගම් වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්‌ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව  වාර්තා වේ.
මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන්ව දැනුවත් කර ඇතත් සමහරක්‌ දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැන ගන්නට තිබේ.
දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම දුරකථන ඇමතුම් ලබා දෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මාධ්‍ය මට ගැහුවොත් මාත් මාධ්‍යට ගහනවා.. – අගමැති පාර්ලිමේන්තුවේදී..

මාධ්‍යය විසින් තමන්ට පහර දුනහොත් තමන්ද මාධ්‍යයට පහරදෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිිංහ  පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
තමන් පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවද යයිද කී අගමැති වික‍්‍රමසිංහ එසේ වුවත් මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම, මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම තමා හෝ ජනපතිවරයා නොකරන පැවසීය.

ආණ්ඩුවේ ඇමතිලාට ගම්වැසියෝ හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති.. !!!

මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග‍්‍රහයද භුක්ති වින්දහ. හිටපු මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්‍ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප‍්‍රමාද කරන ලද්දක් බවත්ය. එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.[Video]

සිංහල සමගිය වනසන ආණ්ඩුවේ ෆේස්බුක් උගුලට අහුවෙන්න එපා..!!!

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මේ දිනවල පළාත් වශයෙන් බෙදී ඇති කරගන්නා වාද විවාද ජාතික සමගිය විනාශ කිරීම සදහා වූ ආණ්ඩුවේ උගුලක් යයි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  පවසයි.

Saturday, November 26, 2016

පඩි ගෙවන්න සල්ලි නෑ රූපවාහිනි සංස්ථාව බංකොලොත්..!!!


රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ගේ මේ මස මාසික වැටුප ගෙවා ගැනීමට.. නොහැකිව එහි පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බවයි.. එහි අභ්‍යන්තර
ආරංචි මාර්ග කියා සිටින්නේ. මෙම මස වැටුප ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු අයිරාවක් ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.

උතුරු මැද මහ ඇමතිට මිලියන 42 වාහනයක් ගෙන්වයි...!!!


ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී - එයිට් වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථයක්

ඇණවුම්කර තිබෙන බව උතුරුමැද පළාත් සභාවෙන් වාර්තා වෙයි. උතුරුමැද පළාත් සභාවේ නිල කාලසීමාව අවසන් අදියරේ තිබියදී මෙතරම් විශාල මුදලක් වැයකර ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී ජීප් රථයක් මෙරටට ආනයනය කිරීමට පළාත් සභාවේ ඉහළ රජ්‍ය නිලධාරියෙකු පසුගියදා අනුමැතිය ලබාදෙමින් ඊට අත්සන් යොදා තිබෙන බව උතුරු මැද පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

Friday, November 25, 2016

හැඳුනුම්පතින් ගසා කෑ යහපාලන බල්ලෝ…

රුපියල් 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රුපියල් 80ට දෙන්නැයි එල්ලකල දේශපාලන බලපෑම්වලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර  දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.මෙම ගැටුමේ ප්‍රතිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  නිකුත් කළ නිවේදනය පහතින්,
රු. 40 විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය රු. 80 ට දෙන්නට බෑ කියූ පුද්ගලයින් ලියපාදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර සංචිතයට....?

fedreal_counstion_lnw ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවටවත් නැතුව රට බෙදන හැටි මෙන්න….!!!

අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලය හරහා ජනමත විචාරණ තියා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට උත්සහයක් ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා සවිස්තරාත්මකව අනාවරණය කළා.

සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක...!!!

කවුරුන් මොනවා කිවත්..කුමණ බාධක එල්ල වුවද දෙමළ ජනයාට සාධාරණ ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමට තමන් කටයුතු කරන බවත් ඒ සදහා උපරීම විධායක බලය භාවිතා කිරිමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්‍යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.

අඳෝමැයි...!!! නැවත අපේ උන් සාටක සුණඛයාට රැවටෙති...!!!

රටම රවටා බිලියන ගණනක් කොමිස් මුදල් සහ වෙනත් මහජන මුදල් කොල්ල කෑ පාහරයෙකු වන සාටක සුණඛයා පසුගිය රජය පරාජයවූ වහාම සිය බිරිඳද සමග සිය සාටක ගලවා හොර රහසේ ඌ සතුව ඇති විසල් මැදුරු කරා ගොස් කල්‍  යල් බලා නැවත ලංකාවට ඵන්නේ නැවත දේශපාලනයට පිවිස රට කොල්ල කෑමටය. මේ පැහැදිලි සත්‍යය අපරටේ ඇතැම් ගවයනට නොතේරීම පුදුමයකී.ඵසේම සිරගත කළ සැණින් ඇප ලැබෙන මොහුට මේ යහපාළු දේශපාළුවන්ද සහය දක්වති...!!!
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයෝ (24 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්‌ව එහි සාමාජිකත්වය ලබාගත්හ.
එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන නියෝජිතයන් අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කළ හිටපු නගරාධිපතිවරු, උප නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු බහුතරයක්‌ වූහ.

මහ කුඩ්ඩෝ තාම ඵළියේ....!!!

මෙසේ මත්ද්‍රව්‍යය ගෙන ඒම පසුපස සිටින දේශපාළුවන් සහ තක්කඩි පාහරයන් අල්ලා නොගන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කරති.

සීනි කන්ටේනරයේ කෝටි 200ක කොකේන්
* ගෙන්වූයේ බ්‍රසීලයෙන්
* ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අල්ලයි...!!!

බ්‍රසීලයෙන් ආනයන කරන ලද සීනි කන්ටේනරයක්‌ තුළ සඟවා තිබූ රුපියල් කෝටි දෙසියයකට අධික වටිනාකමකින් යුත් කොකේන් තොගයක්‌ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රේගුව විසින්  (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කොකේන් තොගය කිලෝ 200 කට වැඩි බරකින් යුක්‌ත බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ආරංචි මාර්ග පවසයි.
බ්‍රසීලයේ සිට ආනයනය කරන සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් තොග පිටින් රැගෙන එන බවට හෙළිවීමත් සමග මෙරටට ගෙන්වන ලද සීනි කන්ටේනර් 50 ක්‌ දැඩි පරික්‍ෂාවට ලක්‌ කිරීම සඳහා රේගුව සහ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් රඳවා ගෙන තිබිණි.

Thursday, November 24, 2016

අන්තර්ජාල බදු සියයට 49 කළේ ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන පාඩුව පියවගන්න - මුදල් ඇමති

අන්තර්ජාල බදු සියයට 49 කළේ
ස්කයිප් වයිබර් වට්ස් ඇප් ෆෙස්බුක් වලින් කතාකරන
පාඩුව පියවගන්න - මුදල් ඇමති


  (24) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය කරුපයියා පවසා ඇත්තේ දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්,ස්කයිප්, ෆේස්බුක් ආදියෙන්
ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවයි.
මේ දක්වා පැවති සියයට 27 බද්දට සියයට 22 ක් එක්කර දැන් සියයට 49 ක බද්දක් අන්තර්ජාල සේවා සඳහා පනවා ඇත.

වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි ශ්‍රී ලාංකිකයෙක් නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා...!!!

තමාගෙන් වැඩක් නොගෙන ඩොලර් ලක්ෂයක් පඩි ගෙවුවැයි
ශ්‍රී ලාංකික සරසවි කාර්ය මාණ්ඩලිකයෙක්
නිව්යෝර්ක් සරසවියට එරෙහිව පැමිණිලි කරලා

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තම සේවා කාලය නිස්සාර කර දැමූවේ යයි එම විශ්ව විද්‍යාලයට එරෙහිව නීති මගට එළැඹෙන්නට සූදානමින් සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත හෙළි කර තිබේ.ඔහු පවසන්නේ එම විශ්ව විද්‍යාල සේවය වෙනුවෙන් වසරකට ඩොලර් ලක්ෂයකට ආසන්න හොඳ වැටුපක් තමාට ලැබුණ නමුත් කළු සමක් ඇති නිසා තමන් තනතුරින් පහත හෙළා වැඩක් නොගෙන පඩි පමණක් ගෙවමින්  දිගු කලක් තිස්සේ කොන් කර දමා තිබෙන බවයි.
ලංකාවේ උපත ලද හරේන්ද්‍ර
සිරිසේන (හැරල්ඩ්) යන නමින් හැඳින්වෙන 72 හැවිරිදි ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ MA උපාධිධාරයෙකි.
ඔහු වයස 51 දී (1995) මෙම විශ්ව විද්‍යාලයට බැ‍ඳී ඇත්තේ
ලේඛකාධිකාරී කාර්යාල සේවයටය.

සියලූ‍ සැප සම්පත් අතහැර සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි ...!!!

මියුසියස් විද්‍යාලයෙන් සහ
මොරටුව විශ්ව විද්‍යාලයන් අධ්‍යාපනය හදාරා

සියලූ‍ සැප සම්පත් අතහැර
සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි
...!!!
සංසාරයේ අනියතබව අවබෝධ කරගෙන නිවන් දකින්න පාරමී පුරන්නටත් පින් කරලා තියෙන්න  ඕන.ඉතින් අන්න ඒ පින පිහිටලා තියෙන තරුණියක් ගැනයි මේ කියන්න හදන්නේ.

ඇය නමින් ‘‘චතු’’ කියලයි බොහෝ දෙනෙක් ඇයට ආදරේට කිව්වේ.

බණ භාවනා කිරීම වැනි ආගමික කටයුතු වලට කුඩා කාලයේ සිටම දැක්වූයේ ලොකු කැමැත්තක්.ඇය කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලූ‍ම් සම්බන්ධ උපාධියක් ලබාගෙන පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක්ද කළා.මේ නිසා ඇය ජීවිතයේ ලැබිය හැකි හොඳ තැනකට ඇවිත් කියල කියන්න පුළුවන්.ඒ හින්දම ඇය ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන සසර කතරින් එතෙරවීමට තීරණය කරලා.අතුරුගිරියේ ‘‘ධම්ම සුඛිතා’’ අනගාරිකා මෑණියන් ලෙස සියලූ‍ බැඳීම් අත්හැරලා සසුන්ගතවෙලා.මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ දෙනෙක් ඇය කරනලද පරිත්‍යාගය අගය කරලා තිබුණා.
එවැනි සටහනක් පහතින්.

Wednesday, November 23, 2016

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000...යි !!!

මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 1000ක (බිලියන එකක්) මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විපක්ෂය  (23දා) පැමිණිලි ඉදිරිපත් කළේය.
මීට පෙර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති මහපොළ භාරකාර අරමුදල සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට පවරාගෙන එම අරමුදල පරිහරණය කිරීමේ සභාපතිවරයා ලෙස වික්‍රම වීරසූරිය  පත්කරගෙන තිබෙන බවත්, ඒ ඔහුගේ පුතුන් දෙදෙනෙකු අධ්‍යක්ෂ ධුර දරන සමාගමකට බැඳුම්කර නිකුතුවක් මගින් මහපොළ භාරකාර අරමුදලේ මුදල් ලබාදී තිබෙන බවත් පැමිණිල්ල මගින් කරුණු සඳහන් කර තිබේ.

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

එදා චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා වගේ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජය’ උපන්ගෙයිම වල දැමීමට පෙරට එන්න කියා අපි මේ රටේ සුජාත දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”
2017 මුල් මාස කිහිපය තුළ ජනතා අවධානය වෙනතකට හරවා සම්මතකර ගැනීමට සැරසෙන ‘රනිල් – සම්බන්ධන් පැකේජයේ’ ඒකීයභාවය පමණක් නොව ඒකීය රාජ්‍යය දෙපලු කිරීමට අවශ්‍ය සියලු අංග ලක්‍ෂණ ඇතුළත්ව ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ  පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී  මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  මෙසේ ද සඳහන් කළේය.වීඩීයෝ සහිතයි

රටට හෙටක් නැති නිවට ව‍යවස්ථාව ගැන ටී.ඵන්.ඒ සතුටු කඳුළු....!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පූජනීය කාර්යයක් බැවින් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන්  පවසයි.
ඔහු මෙසේ පැවසූයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය (19) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනිවාර්යයෙන්ම සම්මත කර ගැනීමට අගමැති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී (19) තීරණය කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිය.
මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුදල්, මහජන ආරක්ෂාව නීතිය හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම හා රාජ්‍ය පර්යන්ත යන අනුකාරක සභා හයේ වාර්තා මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය.

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

පළාත්සභාවලට අධික බලතල ලබා දෙමින්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරමින්, රටේ ඒකීයභාවයට හානිකරන බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරගැනීමට ඉඩ නොතබන බවත්,  ජනතා විරෝධය නොතකා ව්‍යවස්ථාව සම්මත කරගැනීමට උත්සහා කළහොත් දහස් ගණනක් දේශප්‍රේමී පිරිස් සමග පාර්ලිමේන්තුව වටලන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.
උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරේ බෞද්ධ සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටවූ “ශාසනාරක්ෂක සභාව“ මඩකලපුවේ පීඩාවට ලක්ව සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ගැටළු සොයාබැලීම වෙනුවෙන් ලබන 3 වනදා සංවිධානය කර ඇති වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේදී අදහස් දක්වමිනි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය වෙනතක යොමු කිරීම සදහා “ශාසනාරක්ෂක සභාව“ ක්‍රියාකාරීව සිටින බවට ඇතැමුන් දුර්මත ප්‍රචාරය කරන බවත් ඥාණසාර හිමියෝ පැවසූහ.වීඩියෝ සහිතයි

16 ට අඩු වයස් ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට සිදු වෙනවා..!!!

කළුතර දිස්‌ත්‍රික්‌කය තුළ සතියකට ස්‌ත්‍රී දූෂණ 5 ක්‌ 6 ක්‌ සිදු වෙනවා; සියලු දෙනා 16 ට අඩු අය..
 කළුතර දිස්‌ත්‍රික්‌කයේ සතියකට ස්‌ත්‍රී දූෂණ පහක්‌ හෝ හයක්‌ සිදු වන බවත් කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු 14 ක දැරියක්‌ මේ වන විට මාස අටක ගැබිනියක්‌. මේ වගේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින්, ඇතැම් බාලිකාවන් වැඩිවියට පත්වෙනවා කියන්නේ මොකක්‌ද කියාවත් දන්නේ නෑ.
 එසේ අතවරයට ලක්‌ වන්නේ අවුරුදු 16 ට අඩු ළමයින් බවත් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා  පවසයි.
"හිංසනයෙන් තොර ප්‍රීතිමත් සංචාරයක්‌ හිසින් බ්‍රිතාන්‍ය කොමසාරිස්‌ කාර්යාලය කාන්තා පිහිට සංවිධානයේ දායකත්ව ඇතිව වාද්දුව පොලිස්‌ කොට්‌ඨාසයේ සංචාරක මහ පෙන්වන්නන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සඳහා පැවැත් වූ එක්‌ දින වැඩමුළුවේදී කළුතර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ බව කීවේය.

කණ්නාඩිය කුඩු කොට මුහුණට ඔරවන සිරිසේන...!!!

අප රටේ පුවත්පත්වල මුල්පිටුව රට නැති කරන පිටුව බවට පත්වෙලා
-ජනපති මෛත්‍රිපාල සිරිසේන පත්තරෙන් තම රටේ තොරතුරු දැනගන්නා ලොව ප්‍රථම ජනාධිපති

අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව රට නැති කරන පිටුව බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  (22 වැනිදා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී ඊයේ සවස පැවැති තාක්‍ෂණ හා විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

දෘෂ්‍ය හා කලා විශ්වවිද්‍යාලයේ කුලපති සනත්...!!!

ලංකා දෘෂ්‍ය හා කලා විශ්වවිද්‍යාලයේ කුලපති වරයා ලෙසින්  විශාරද සනත් නන්දසිරි  ජනාධිපති සිරිසේන අතින් පත්වීම් ලබන ලදී.
President Maithripala Sirisena today (23rd November) appointed Visharada H.M. Sanath Nandasiri as the Chancellor of the University of the Visual & Performing Arts.
Mr. Nandasiri was handed the appointment letter at the Presidential Secretariat, today.

ලංකාවේ කළාකරුවන්ට මියගිය විමල් කුමාර ද කොස්තා අමතක වෙයි, මළගෙදරට කවුරුත් ගිහින් නෑ

අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තාගේ මරණයට කිසිදු කළාකරුවෙක් මේ වන විටත් සහභාගී වී නැති බව ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසා තිබෙනවා.
'මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා' ඇය පවසා තිබුණේ ඒ ආකාරයෙනුයි.
විමල් කුමාර ද කොස්තාගේ පුතණුවන් වන වෙනුර කවීන් කුමාර ද කොස්තා ....

Tuesday, November 22, 2016

කරුපයියාගේ බේගල් සජීවීව මාට්ටුවූ අමරණීය අවස්ථාවක්....!!!

මුදල් ඇමතිගේ ගල් බේගලයක් හිරු සලකුණේදී සැනෙකින් මාට්ටුයි.. දිවේකටේ නොගෑවී අන්තිමේ බේගලය පිලිගනී.. !!!
 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක  විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ නිවේදකයන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිළිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.

Monday, November 21, 2016

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන මූලික කෙටුම්පත් 3/2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ජනමත විචාරණයක් කැදවා එයිනුත් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ  පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.