හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත්
කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන්
වේ.දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්දෙනකු
අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්
ලබාගැනීම යන චෝදනා මෙම ආරක්ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇ
ත.
මොවුන්ට එරෙහිව පරීක්ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස් පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.
මෙලෙස කටඋත්තර ලබාගත් එක් ආරක්ෂක ප්‍රධානියෙක් සහ හිටපු ආරක්ෂක
නිලධාරියාට රුපියල් ලක්ෂ 3 ක් වටිනා රොලෙක්ස් ස්විස් අත්ඔර්ලෝසුවක්
ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.
එම ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්ෂක නිලධාරියා රහස් පොලිසියට කටඋත්තරයක් ද ලබා දී ඇත.
මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු ද සිටින බවයි.
කටඋත්තර ලබාගත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස් පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.
මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා
සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්
කර ඇත.