කුමන විවේචන අපවාද එල්ල වුවත් ජාතික ආරක්ෂාව පිළිබඳ තමා
අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිවිටකත් වෙනස් නොකරන බව ජනපති
මෛත්‍රිපාල සිරිසේන රණවිරුවන්ට වීර පදක්කම් ප්රදානය
කිරීමේ උත්සවයේදී අවධාරණය කර තිබිණි. රටේ විධායක ජනපතිවරයා ලෙස
ඔහු ජාතික ආරක්ෂාව ගැන වඩාත් උනන්දු විය යුතු බවට කිසිදු
සැකයක් නැත. ජාතික ආරක්ෂාව පිළිබඳ සියලු වගකීම් පැවරෙන්නේද
ඔහු මතය.
ජාතික ආරක්ෂාව ගැන මේ දිනවල නිරන්තරව කතාබහට ලක්වේ.
විශේෂයෙන්ම උතුරේ ඇතිවූ සමහර සිද්ධීන් නිසා දකුණේ ජනතාවට ද යම්
යම් සැක සංකා මතුව තිබේ. යහපාලන ආණ්ඩුවේ ප්රමුඛ අභිලාෂය වන
සංහිඳියාවට ද උතුරේ ඇතිවූ සිද්ධීන් නිසා බරපතළ ප්රතිවිරෝධයක්
මතුවන බව නොකියාම බැරිය. සංහිඳියාව පවත්වාගෙන යා හැකි වන්නේ
උතුරේ සාමය පවතින විටය. සියලු ජාතීන්ට එක්ව වාසය කළ හැකි
වටපිටාවක් නිර්මාණය වූ විටදීය. හර්තාල් පවත්වද්දී සංහිඳියාව
සුරැකෙන්නේ නැත. සංහිඳියාවට ප්රමුඛ බාධක එල්ල වන්නේ දකුණෙන්
නොව උතුරෙන් බව ප්‍රකට කරුණකි.
ප්රභාකරන් බළකාය නම් සංවිධානයක් උතුරේ සියලු දෙමළ පොලිස්
නිලධාරීන්ට සිය ධුරවලින් ඉවත් වන ලෙසට යෑවූ තර්ජනාත්මක
ලිපියක් පිළිබඳව ඊයේ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදී
තිබිණි. ප්රභාකරන් බළකාය මේ අරඅඳින්නේ කුමකටද? තර්ජනාත්මක
ලිපියක් ලැබුණු පමණින් ඕනෑවට වඩා කලබලවීම සුදුසු නැත. නමුත්
මේ ගැන විමසිලිමත් වීම වඩා නුවණට හුරුය. මීට පෙර "ආවා" කල්ලිය
විසින් චුන්නාකම්හි පොලිස් නිලධාරීන්ට කඩු පහර එල්ල කිරීම ගැන
යාපනය පුරා පත්‍රිකා බෙදාහැර තිබිණි. දැන් තවත් කල්ලියක්
කලඑළි බැස ඇත. මොවුන් සිය තර්ජනාත්මක ලිපියෙන් ප්‍රකාශ කර
ඇත්තේ දින 21 ක් ඇතුළත දෙමළ පොලිස් නිලධාරීන් සේවයෙන්
ඉවත්වීම හෝ වෙනත් ප්‍රදේශවලට මාරුවී යැම සිදු කළ යුතු බවයි. මේ
බළකාය කොටි අවතාරයක්ද? නැත්නම් උතුර අස්ථාවර කිරීමට උත්සාහ
කරන වෙනත් බලවේගයක්ද? ජාතික ආරක්ෂාව ගැන වඩාත් උනන්දු වන
ජනපතිවරයා මේ ගැන අවධානය යොමු කළ යුතුය.
උතුරේ අනාරක්ෂිතභාවය මැඬපැවැත්වීම සඳහා තමන්ට ද මැදිහත්වීමට
ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව මගින් නිල නොවන මට්ටමින් රජයෙන්
ඉල්ලීමක් කර තිබිණි. හදිසි නීතිය ක්‍රියාත්මක නොවීම නිසා
හමුදාවට සිවිල් කටයුතුවලට මැදිහත්වීමට බාධාවක් වී ඇත. කෙසේ
නමුත් උතුර අනාරක්ෂිත වෙද්දී හමුදාව කඳවුරු තුළට ගාල්කර තැබීම
සුදුසු ක්‍රියාවක් නම් නොවේ. හමුදාව සක්‍රීය සේවයට කැඳවිය
හැක්කේ ජනපතිවරයාටය. උතුරේ පොලිස් නිලධාරීන්ටත් තර්ජනාත්මක
ලිපි ලැබෙද්දී විවිධ බළකායන් හිස ඔසවද්දී කුමක් කළ යුතුද?
සිදු කළ යුත්තේ යුද හමුදාවට ද මේ අනාරක්ෂිතභාවය මැඬලීම සඳහා
අණකිරීම නොවේද?
උපුටා ගැන්ම දිවයින කතුවැකියෙන්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, October 31, 2016
සංහිඳියාව යැයි හමුදාව බාල්දු කරන අමන සිරා....!!!
Posted by
lankanews
at
October 31, 2016
Labels: ltte, LTTE agenda, meithree, ranil, tamil student attack, unp, yahapalanaya
සංහිඳියාව යැයි හමුදාව බාල්දු කරන අමන සිරා....!!!
2016-10-31T23:46:00+01:00
lankanews
ltte|LTTE agenda|meithree|ranil|tamil student attack|unp|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...