විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යායතනයේ තැන්පත් කර තිබූ අස්ථි
කොටස් තොගයක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
විසින් රැගෙන ගියා. අධිකරණ නියෝගයක් අනුව ඒවා රැගෙන
යැමේදී එම අස්ථි බහාලුම් සයිටම් ආයතනය ලවා මුද්‍රා තැබුවේ
නෑ. එනිසා එම අස්ථිවල ඉදිරි තත්ත්වය අපට භාරගන්න බැහැ
යෑයි දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ
(සයිටම්) සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ
නිර්මාතෘ සහ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පැවසීය.එම රෝහලේ ශ්‍රවණාගාරයේ (20 දා) පැවති මාධ්‍ය හමුවකදී
හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මෙසේද කීය.
අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූයේ යෑයි කියන රගර් ක්‍රීඩක
වසීම් තාජුඩීන්ගේ බවට සැක සහිත අස්ථි කොටස් අප වෛද්‍ය
විද්‍යාලයේ ඇති බවට අධිකරණ නියෝග සහිතව අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු පාර්ශ්වයන් ගණනාවක්
පැමිණ මෙහි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තැන්පත් කර තිබූ
අස්ථි කොටස් පෙට්ටිවලට අසුරා රැගෙන ගියා. ඒවා රැගෙන ගිය
ආකාරය සම්බන්ධයෙන් අපට සෑහීමකට පත්වීමට හැකියාවක් නෑ.
සාමාන්‍යයෙන් සැක සහිතව පරීක්ෂණ කිරීමට එම කොටස් අපෙන්
රැගෙන යැමේදී එහි බහාලුම් මනාව මුද්‍රා කර අපගේ මුද්‍රව
තබන්න ඕනෑ. එහෙත් එම අස්ථි කොටස් පෙට්ටිවල දමා එම අයගේ මුද්‍රාව පමණක් තබා රැගෙන ගියා. එම කටයුත්ත අපට ගැටලු
සහගතයි. ඒවා රැගෙන ගොස් එම බහාලුම් විවෘත කර සිද්ධියට
සම්බන්ධ දේ එයාලාට ඇතුළත් කළ හැකියි.
අපි එදා සිට අද දක්වා පරීක්ෂණවලට සහාය දක්වනවා. එහෙත්
ඔය අස්ථි සම්බන්ධයෙන් වගකීම අපි ගන්නේ නෑ. ඒවා
නීත්‍යනුකූලව රැගෙන ගියා නම් අපිට ගැටලුවක් නෑ. එයාලා අපේ
මුද්‍රdව ලබා ගත්තේ නෑ. ඒක ලොකු හිඩැසක්.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 20, 2016
අස්ථිවල ඉදිරි තත්ත්වය ගැන සයිටම් එකට වගකීම භාරගන්න බෑ...!!!
Posted by
lankanews
at
October 20, 2016
Labels: lankanews, mahinda family, murder of thajudeen, namal murders, namal rajapaksha, thajudin, waseem, yahapalanaya
අස්ථිවල ඉදිරි තත්ත්වය ගැන සයිටම් එකට වගකීම භාරගන්න බෑ...!!!
2016-10-20T21:39:00+02:00
lankanews
lankanews|mahinda family|murder of thajudeen|namal murders|namal rajapaksha|thajudin|waseem|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
