ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 6, 2016

බැසිල්ට දුෂණ කරන්න ඉඩ දුන් නිසා වැරදිකරු පී.බී ලු

හිටපු ඇමැතිවරයකු වන සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ ගේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව වියදම් වී තිබෙන රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය හැටතුනකට (16,300,000) අධික මුදල් සඳහා සෘජුවම වගකිව යුතු වන්නේ අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම් පී.බී. ජයසුන්දර  ඇතුළු ප්‍රධාන ගණකාධිකාරවරු බව සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු වංචා දූෂණ විමර්ශන කිරීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
බැසිල් රාජපක්ෂ ගේ සෘජු මැදිහත්වීමක් මෙම මුදල් වැය කිරීම් පිළිබඳව සිදුවී නොමැති බවත් නිලධාරින් මුදල් අනුමත කර සිදුකරන ලද වැයකිරීම් සඳහා රාජපක්ෂ ට වගකීමක් නැති බවත් නීතීඥවරයා පවසා ඇත. නිලධාරින් අනුමත කරන ලද වැය කිරීම්වලට අදාළව කටයුතු සිදුකිරීම පමණක් ඇමැතිවරයකු ලෙස සාටක සුණඛයා හෙවත් බැසිල් රාජපක්ෂ  කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  කොමිසම ඉදිරි‍යේ ප්‍රකාශ කර තිබේ.

ගම නැඟුම ප්‍රාග්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ එක්දහස් පන්සිය පනස් හතරක (රු. 155,400,000) මුදලක් වැය කර ගුවන් හමුදාවේ ගුවන් යානාවලින් අභ්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීම. රුපියල් මිලියන තුන්දහස් හත්සිය හතළිස් හතරක් (රු. 3,744,000,000) වටිනා වාහන දාහතරක් පරිහරණය කරමින් රුපියල් කෝටි ගණනක් රජයේ මුදල් ඉන්ධන සඳහා වැය කිරීම ඇතුළුව යුද හා නාවික සෙබළුන් එකසිය පනස් එක් දෙනකුගේ ආරක්ෂාව රාජපක්ෂ පවුල වෙනුවෙන් ලබාගැනීම යනාදී කාරණා පිළිබඳව ජනාධිපති කොමිසම විමර්ශනයක් සිදුකර මූලික පරීක්ෂණ පවත්වා ඇත.
මෙම කාරණා සියල්ලම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර  කොමිසම හමුවේ ඉකුත්දා අනාවරණය කර තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ ගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක හේරත්  සිදුකළ දීර්ඝ විමර්ශනයකදී හෙළිකරගත් ලිඛිත සාක්ෂි පදනම් කරගෙන ය.
කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග, විශ්‍රාමලත් විගණකාධිපති පී. ඒ. පේමතිලක  හමුවේ බැසිල් රාජපක්ෂ ගේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  ඉකුත්දා කරුණු ඉදිරිපත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.