මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ කතුවරියක් හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ගොල්රොක් එබ්රාහිමී අරායි (Golrokh Ebrahimi Iraee) නැමැත්තියටය. වීඩියෝ
පසුගිය අඟහරුවාදා දිනයේදී අරායි හට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉරාන බලධාරීන් නියෝග කර තිබුණේ ඇය විසින් ඉස්ලාම් දහමට නිගරු කිරීම සම්බන්ධයෙන් වරදකාරියක් සිදුව ඇති බැවින් එයට පස් වසරක් සිරදඩුවමක් හා එරට නීතියේ ආධිපත්‍යය විවේචනය කිරීම හේතුවෙන් තවත් අවුරුද්දක් සිර දඩුවම් නියම කර ඇති බැවින් ටෙහෙරාන් අගනුවර පිහිටි Evin නම් බන්ධනාගාරයට පැමිණ භාර වන ලෙසයි.
ඉරාන නීතියට අනුව අවශ්‍ය පරිදි ලිඛිත සිතාසි ද නොමැතිව තමාව කැඳවා ඇතැයි ඉරායි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ඇය විසින් ලියා ඇත්තේ වසර 2008 දී තැනුනු “The Stoning of Soraya M” නම් චිත්‍රපටය නරඹා කෝපයට පත්වන තරුණියක් කුරාණයේ පිටපතක් ගිනි තබන අයුරු දැක්වෙන කතාපුවතකි. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර නැත.
“The Stoning of Soraya M” ද ගල්ගසා මරණ ලද කාන්තාවකගේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි.
වසර 2014 දී ඉරාන බලධාරීන් විසින් මෙම කතාපුවතේ පිටපතක් සොයාගත් අතර, ඉන්පසුව ඉරායි හා ඇගේ සැමියා වන අරාෂ් සාදෙගි ව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කාලයේදී බලධාරීන් විසින් ඉරායි ගේ දෑස් බැඳ ඇගෙන් ප්‍රශ්ණ කර ඇති අතර, ඔවන් පවසා ඇත්තේ ඉස්ලාම් ආගමට නිග්‍රහ කළ ඇයට මරණ දණ්ඩණය හිමිවිය හැකි බවයි.
මේ වන විටත්, ඇගේ සැමියා වන සාදෙගි යසර 15ක සිරදඬුවමක් විඳිමින් පවතියි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සිය දැඩි විරෝධය පළ කර තිබේ.