ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

එකගෙයි කන්න සැමියාට බිරියන් සපයන බිරිඳක් අල්ලයි ...!!!

පහළොස් වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන තම නිවෙසට කැඳවාගෙන ගොස් තම ස්වාමියාට දූෂණය කිරීමට පෙලඹවීම හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් සහ බාල වයස්කාර දැරිය  නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයාද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු තුසිත ධම්මික උඩුවවිධාන  නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ කින්නියා කිරිඤ්ඤංකේනි පදිංචි 32 හැවිරිදි එක්දරු පියකු හා සැකකරුගේ බිරිය වන 22 හැවිරිදි කාන්තාවකි.අගතියට පත් 15 හැවිරිදි දැරියගේ  මව විදේශ ගතවී ඇති අතර පියා වෙනත් විවාහයක් කරගෙන පිට ප්‍රදේශයක පදිංචි වී ඇත. දැරිය මිත්තණිය ළඟ හැදී වැඩී ඇත. අසල නිවෙසක පදිංචි 22 හැවිරිදි කාන්තාව මේ දැරියට යෝජනා කොට ඇත්තේ තමන්ගේ නිවෙසට ගොස් තම සැමියාගේ බිරියන් ලෙසට විවාහ වී දෙදෙනාම එම නිවෙසේ එකට සතුටින් ජීවත් වෙමු යන්නය.
පසුව දැරිය රවටාගෙන තම නිවෙසට කැන්දාගෙන ගිය සැකකාරිය දැරිය සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට තම ස්වාමියාට භාරදී ඇත. සැකකරු තම බිරියගේ කැමැත්තෙන් දැරිය කීප විටක්ම දූෂණය කරන ලද බව අධිකරණයේදී අනාවරණය විය.
දැරියගේ මිත්තණිය සිද්ධිය සම්බන්ධයෙන් වාන්ඇළ පොලිසියට පැමිණිලි කොට ඇත. වාන්ඇළ පොලිස් ස්ථානාධිපති පො.ප. ඩබ්.එම්. සිරිවර්ධනගේ උපදෙස් පිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අබේකෝන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. අනෝමා කුමාරි යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ මෙහෙයවති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.