විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර සිය මාෆියා කරුවන් සැනසිම සදහා මහජන
මුදල් කාබාසිනීයා කරමින් අවභාවිතයේ යෙදවිමේ වංචනික මෙහෙයුමක් මේ වනවිට
අනාවරණය වි තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය සෙලින්කෝ ගොඩනැගිල්ලේ (FCID ගොඩනැගිල්ල
පිටුපස)මහල් 3 ක් කුලියට ගත්තද පසුගිය මාස 5 ම එය පරිහරණයට ගෙන නොතිබුනි.
මාස 5 ට පසුව මෙය මාධයවල පළ වූ පසු මහල් දෙකක් පරිහරණයට ගත්තද BOI
ගොඩනැගිල්ලට විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් කුලී ගෙවයි.දැනට ද සෙලින්කෝ
ගොඩනැගිල්ලේ 2 මහලට පරිහරණයක් නැතිව කුලී ගෙවයි.
2016 මැයි මාසයේ සිට මසකට රුපියල් ලක්ෂ 35 බැගින් සෙලින්කෝ ගොඩනැගිල්ලට කුලී ගෙවමින් සිටී. මේ වනවිට රුපියල් ලක්ෂ 205 ක් ගෙවා ඇත. ඒ සමග බාරොන් ජයතිලක මාවතේ BOI ගොඩනැගිල්ලට (FCIDඉදිරිපස ගොඩනැගිල්ල) ඉහත අරමුණ වෙනුවෙන්ම මසකට රුපියල් ලක්ෂ 4 බැගින් ගෙවමින් සිටී.
ඒ අනුව පසුගිය මැයිමස සිට ඒකම අරමුණක් වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 39ක් ගොඩනැගිලි දෙකකට ආයතන දෙකකට මෙරට අහිංසක ජනතාවගේ බදු මුදල් ගෙවනු ලබයි. ස්ථාන පරීක්ෂා කළ විට මෙය ඇස්වලටම දැකගත හැකිය කරැණාකර ස්ථාන පරීක්ෂා කරන්න
අකාරයක්ෂම නොසැලකිලිමත් පරිපාලන තීරණ ගැනීම මගින් සිදුවන මෙම මුල්‍ය අපරාධය පිළිබඳව නොපමාව පරික්ෂා කරන ලෙස ඉල්ලා සිටිමි.මීට වගකිව යුතු නිළධාරින්ට එරෙහිව කිසිදු විනය කටයුත්තක් අරඹා නැතිවීම පුදුමයකි.
සේවක පිරිසක්- විදේශ කටයුතු අමාත්‍යාංශය