ඒ අනුව ලේක්හවුස් ආයතනයට රිවිර පුවත්පත මිල දී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එම උපදෙස් අනුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට කිසිදු කර්තෘ මණ්ඩලයකට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට රිවිර පුවත්පත නොසැපයෙන අතර කර්තෘ මණ්ඩල පුස්තකාලයේ පමණක් එක් පිටපතක් කියවීමට තබා ඇත.
රිවිර මිල දී නොගැනීමට හේතු දක්වා නැතත් ආරංචි මාර්ග සඳහන් කළේ රිවිර මහින්දවාදී පුවත්පතක් ලෙස හඳුන්වා දෙමින් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.
මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම් ගැන ජනාධිපතිවරයා පසුගිය රජයට ඇඟිලි දිගු කරමින් සිටියදී ලේක්හවුස් පාලකයන් මෙවැනි දෑ කිරීම ජනාධිපතිවරයාගේ රෙදි ගැලවීමක් බව මාධ්‍යවේදීන් අතර කථාබහට ලක්ව තිබේ.