ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 18, 2016

මේජර් ජයමාන්න එල්ලා මරා ෆොන්සේකාට බේරෙන්න දෙමුද....?

කොටි ත්‍රස්තවාදීන් විනාශ කල ලෝව විශිෂ්ටතම හමුදා බුද්ධි අංශය විනාශ කිරිමට භාවිතා කල යහපාලන අවි දෙකක් වු මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනයන් වෙනතකට හරවා එම ඝාතනයන්ට වගකිවයුතු හිටපු යුධ හමුදාපති වත්මන් යහපාලනයේ පිනා අමාත්‍යධුරය දරණ සරත් ෆොන්සේකා මෙන්ම රටේ ඝාතන රැසකට වගකිවයුතු ප්‍රා නායකයෙකු වන අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ගලවා ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර ඇති වග අප අවස්ථා ගණනාවක්දි අනාවරණය කලා.
2015 ජනවාරි 8 වැනිද දක්වාම (2010 ජනාධිපතිවරණයට එජාපය සමග එක්ව තරග කලත් ෆොන්සේකා විරෝධින් තවමත් එජාපයේ සිටි.) සරත් ෆොන්සේකා ලසන්තගේ ඝාතකයා බව ඔහු අද ඇමතිකම් දරණ එජාපයේත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පිළිගෙන තිබු බව රටෙම ජනතාව දනී.
ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවයි.

ලසන්ත ඝාතනය මෙන්ම ප්‍රගීත් ඝාතනය රාජපක්ෂලාගේ ඇගේ ගසන්නට යහපාලනය ගත් උත්සහය අවුල් වී ගියේ පරික්ෂණ අවසානයේ එහි වරදකරුවන් වන පුද්ගලයන් අතර ෆොන්සේකාලා මෙන්ම රණවකලාත් සිටිමය.තත්ත්වය එසේ තිබියදි පසුගියදා හදිසියෙම හමුදා බුද්ධි අංශ රණවිරුවෙකු ලසනත ඝාතනය සම්බන්ධයෙන් වරද පටවා ගනිමින් සියදිවි නසා ගත්තේ පරික්ෂණ වෙනතකට හරවමින් පමණක් නොව හමුදා බුද්ධි අංශ සමාජිකයන් කුළී මිනිමරුන්ව බවට වු සංඥාවක්ද බෙදුම්වාදීන්ට නිකුත් කරමින්‍ ය.
තමන් ලසන්ත ඝාතනය කළ බවත් ඒ නිසා දැනට සැකකරුවෙකු වන සාජන් මේජර් උදුලාගම නිදහස් කරන ලෙසත් ඔහු ලිපියක් ලියා තබ තිබු බවට පොලිසිය මාධ්‍යයට අනාවරණය කළද බුද්ධි අංශ නිළධාරියෙකු ඒ අකාරයේ මොඩ ක්‍රියාවක කිසිවිටකත් නියැලෙන්නේ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වගකීම භාරගනිමින් පසුගිය (14) උදෑසන එල්ලී මිය ගොස් සිටි කෑගල්ලේ පදිංචිව සිටි විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් වූ ජයමාන්න නැමැත්තා ඝාතනය කර ලසන්ත සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ හරහා සරත් ෆොන්සේකාට එල්ල වෙමින් තිබේන චොදනා වෙනතක යැවිමට කටයුතු කර ඇති බව දැන් නොරහසකි.
අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරන ආකාරයට මෙම බුද්ධි අංශ සමාජිකයා ඝාතනය කිරිම හරහා ලසන්ත ඝාතකයන් බලාපොරොත්තු වු දෙයක් තිබේ… එනම් සරත් ෆොන්සේකා විසින් ලසන්ත ඝාතනය කිරිමට අදාළව අතිශය වැදගත් මෙන්ම තිරණාත්මක සාක්ෂියක් අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සතුව තිබි ඇති බවයි.ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යැයි කියමින් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිළධාරීන් මාස 16 තිස්සේ හිරකොට තබමින් ගන්නා ප්‍රකාශ කිහිපයකද අදාළ බුද්ධි අංශ සමාජිකයාගේ නම සදහන්ව ඇති අතර ඒ අනුව එම සාක්ෂිය අතුරුදහන් කිරිම මෙන්ම ඒ හරහා බුද්ධි අංශය කුළී මිනිමරුවන් ලෙස සමාජය හමුවේ හංවඩු ගැසිම සහ බොරු සාක්ෂි නිර්මාණය කරමින් ගෝඪාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂලාට මඩ ගැසිමට අලුත් මාවතක් නිර්මාණය කර ගැනිම යහපාලන ඝාතකයන්ගේ අරමුණ වි තිබේ.
majerකෑගල්ල කරඬුපන පදිංචි තිදරු පියෙකු වන 52 හැවිරිදි ඉලන්දරගේ ජයමාන්න බුද්ධි අංශ සමාජිකයා ඝාතනයක කළාද?
අදාළ බුද්ධි අංශ සමාජිකයා සියදිවි නසාගෙන ඇති බවට ප්‍රකාශයන් පොලිසිය නිකුත් කලද එය සැකයකින් තොරව ඔප්පු කිරිමට පොලිසිය මේ දක්වා සමත් වි නෑ.ජයමාන්න බුද්ධි අංශ සමාජිකයා 2007 වසරේදී විශ්‍රාම ගොස් ඇති නමුත් රටේ බුද්ධි අංශ සමාජිකයන් තමන් විසින් දන්නා තොරතුරු අවශ්‍ය ඔනෑම ආරක්ෂක අංශ අලට ලබාදිමට අනිවාර්යයෙන් බැදිසිටින බව නොරහසකි.
‘මිලේනියම් සිටි’ ආරක්ෂක නිවෙස්නයක ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 2002 ජනවාරි 02දා මොහු ඇතුළු හමුදා සාමාජිකයින් 05 දෙනෙකු එකල පැවති එජාප රජය විසින් අත්අඩංගුවට ගත් අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග  ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදලාගම ද එසේ අත්අඩංගුවට පත්වූවන් ගෙන් අයෙකි.
පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට ජයමාන්න නිවෙසේ බාල්කයේ එල්ලී ඇත්තේ  පෙරවරු 8.30 ට පමණය.
 (14 දා) පෙරවරුවේ ජයමාන්නගේ දෙවැනි පුත්‍රයා ක්‍රීඩා කටයුත්තකට විදේශගත වීමට නියමිතව සිටියේය. ජයමාන්න සිය දරුවා විදේශගත වීම සඳහා පාසල වෙත භාරදී නිවෙසට පැමිණ ඇති අතර ඔහුගේ වැඩිමහල් දරුවා ද ඒ වන විට රැකියාවකට ගොස්‌ සිටි අතර බාල දරුවා පාසල් ගොස්‌ තිබේ.ජයමාන්න විසින් ලියා තැබූ බවට සැක කරන ලිපිය ද එම කාමරයේ මේසයක්‌ මත තිබී පොලිසිය සොයාගත් අතර ජයමාන්නගේ පුත්‍රයා මෙම ලිපිය පරීක්‍ෂා කර ඇති අතර එහි අත් අකුරු තම පියාගේ බවට ඔහු තහවුරු කළ බවයි පොලිසිය සදහන් කලේ.
කෙසේ නමුත් ජයමාන්න විසින් භාවිතා කල ජංගම දුරකතනය මේ දක්වා අතුරුදහන් වි තිබේ.
ෆොන්සේකාගේ මිනිමරු දේශපාලනය
ෆොන්සේකා ඇමති වු විගස ඔහුගේ පළමු බිල්ල වුයේ හමුදා නීතිය කඩකරමින් දේශපාලන ඩිල් දැමිම සහ සුදු කොඩි කතාවක් කියා රණවිරුවන් පාවාදිමට කටයුතු කළ ෆොන්සේකා අත් අඩංගුවට ගැනිමට කටයුතු කල මේජර් ජනරාල් සුමිත් මානවඩු ඝාතනයි කිරිමයි.අප එම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කලද බිරිද ඇතුලු පවුලේ සමාජිකයන්ට එල්ලවු දැඩි බලපෑම් හමුවේ මානවඩුගේ රණය වෙනුවෙන් සටන් කිරිමට ඔහුන්ට හයියක් නොවිය.
නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු  (6) පෙරවරුවේ මිය ගොස් තිබේ.
සත්‍ය සොයා යැමට කියවන්න – මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මරණය ඝාතනයක්!

නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු  මිය ගොස් තිබේ.අදාළ අනතුර වාර්තා වු අවස්ථාවේ අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප  වාර්තාකරු සදහන් කලා.
මෙහි සැකය දෙගුණ කිරිමට ප්‍රබලම හේතුව බවට පත්ව ඇත්තේ අදාළ අනතුර සිදුවු අවස්ථාවේ එම සිමාවේ සිටි එකම සාක්ෂිකරු වන මේජර්වරයාගේ රියදුරු වන අතර ඔහුද ශබ්දය ඇසි ඒ දෙසට ගමන් කරන විටදි මේජර්වරයා බිම වැටි සිටිනු දැක ඇති බවයි දැනට අනාවාරණය වි ඇත්තේ.පසුව රණවිරු මේජර් ජනරාල් සුමිත් මානවඩු  හමුදා රෝහලේ රදවාගෙන නිසි ප්‍රතිකාර නොකර හමුදා නිළධාරින් කිහිප දෙනෙකු පැමිණ මේජර්වරයාගේ තත්වය විමසා පසුව ජාතික රෝහලට ගෙන යැමට කටයුතු කර තිබේ.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නොහොත් වෙල් විදානනේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු හමුදා නීතිය කඩකරමින් සරත් ෆොන්සේකා විසින් සිය ආරක්ෂාවට තබාගෙන සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසින් වන අතර එම සිද්ධිය හේතුවෙන් දැඩි වෛරයකින් ෆොන්සේකා පසුවු බව නොරහසකි.
පසුගියදා පාර්ලිමේන්තුව තුලදිද හමුදා නිළධාරීන් සම්බන්ධයෙන් වෛරී ලෙස අදහස් පලකල ෆොන්සේකා පාර්ලිමේන්තුව හමුවේද යුධ හමුදාව හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ  කෙරෙහි වෛරයෙන් කතා කල ෆොන්සේකා අවසානයේ සිය මැර කණ්ඩායම යොදවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට පහරදිමටද කටයුතු කලා. පරාලයක් හිසට වැදී මියගිය බවට ලබාදුන් මරණ සහතිකය පිලිගන්නා ලෙසත් මරණය සම්බන්ධයෙන් වෙනත් කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු නොකරන්නේ නම් මේජර් ජනරාල්වරයාට ලැබෙන වරප්‍රසාදයන් අහිමි විය හැකි බවට පසුගියදා රහසිගත හදිසි අනතුරකින් මියගිය මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ බිරිඳට හමුදා මුලස්ථානය හරහා බලපෑම් කර තිබේන බව අප  වාර්තාකරු අනාවරණය කළා.
මානවඩුගේ,වරප්‍රසාදයන් ඔනෑ නම් ස්වාභාවික මරණයක් ලෙස පිළිගන්න
මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු එසේ මෙසේ හමුදා නිලධාරියෙක්‌ නොවේ. දේශප්‍රේමී හමුදා නිලධාරීන් අතර ඔහු සුවිශේෂී චරිතයකි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ ඔහු එරට සැඟවී සිටි කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.එහෙත් අපේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ සිටි ප්‍රබල සතුරකුට මුහුණදීමට ඔහුට සිදුවිය.මේ සතුරාට හොරෙන් ඔහු මැලේසියානු පොලිස්‌පති කාලිද් අබුබකර්ගේ සහයෙන් කොටි ප්‍රබලයන් අල්ලා ගැනීමට ක්‍රියා කළේය.
සත්‍ය සොයා යැමට කියවන්න –ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු-අපගේ උත්තමාචාරය
ලසන්ත සහ ප්‍රගීත් ඝාතකයන් ගැන ගිටපු ජනපති කල අනාවරණය …..
බීබීසී සංදේශය ‘සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති හින්ද රාජපක්ෂ  ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.
“දැන් මේ රනිල් වික්‍රමසිංහ ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,” ඔහු ප්‍රශ්න කරයි.“මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල.” ඔහු පැවසිය.
2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පැවසීය.“දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල.”

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නඩරාජා රවිරාජ් ඝාතනය කල මෙහෙයුම
යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය විය. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝධය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්විය. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය. රවිරාජ් මහින්දගේ අතිශය සමීප මිත්‍රයකු විය. ඔහු කිසිවිටෙකත් මහින්ද විවෙචනය නොකල අතර පහර ගැසුවේ සරත් ෆොන්සෙකා වෙතය.
මරා දැමීමට පෙර උදෑසන වූ රූපවාහිනී වැඩසටහන
මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කිකව අභියෝගයට ලක් කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු 400 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන අයුරු හෙලි කලේය. ෆොන්සේකාගේ බිස්නස් එක අසාධාරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු ෆොන්සේකාට අභියෝග කලේය. ආකර්ශනීය ලෙස සිංහල බස හසුරවමින් දකුනේ ජනතාව වෙත ගෙන එන පනිවිඩය ෆොන්සේකාට මරු පහරක් විය.
උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර
උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. නමුත් රවිරාජ් ඝාතනයේ න්‍යාය කවරෙකුගේද යන්න නොරහසකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය. යහ පාලන රජය බලයට පැමිනි පසු රවිරාජ් ඝාතනයට සැක පිට යයි අත් අඩංගුවට ගත් නාවික හමුදාවේ පිරිස ඊට වගකිව යුත්තන් නොව එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමනි.එ පමනක් නොව ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල බවය. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා පුලුස්සා දැමුවේ චම්පික රණවක බවට සාක්ෂි පරීක්ෂණ කන්ඩායම් සතුය. චූදිතයන් සියල්ල අද යහපාලන ආන්ඩුව සමගය.
බලලත් නිලධාරි ප්‍රේමානන්ද උදලාගම අල්ලා ගැනිම හේවත් ලසන්ත ඝාතකයෝ කරටි කඩා ගැනිම 
රුපියල් ශත හමුවේ කොටි ත්‍රස්‌තවාදීන්ට පොලිස්‌ සහතික දී විදේශගත කරමින් රට පාවා දුන් පොලිස්‌කාරයෝ අද යළිත් මහ තැන්වල උපදේශකයෝ වී සිටියදී මෙවන් දේ සිදු නොවේ නම් එය පුදුමයක්‌ම වන්නාහ. එදා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටි කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් තුවාන් මීඩින් ඝාතනය කළ අයිස්‌ මංජුව අතටම අල්ලාගෙන තමන්ගේ නිරුවත වසාගනු පිණිස අතහැර දැමුවේ මේ අපතයෝ නොවේද?

ෆොන්සේකාට වැඩ වැරදුන දිනය….
ලසන්ත වික‍්‍රමතුංග  ඝාතනයට ලක් වූයේ ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටි 2009 වසරේ ජනවාරි මාසයේ දී වන අතර ඔහු ඝාතනයට ලක් වූ රත්මලාන ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට එවකට නම් කර තිබිණි. එය භාරව සිටි හමුදා නිලධාරියා වූයේ එවකට බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලානය. ඔහු ෆොන්සේකාගේ අතිශය සමීපතම නිලධාරියෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.