කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ
- ශිරාණි කෞෂල්‍යා‘‘මලට නොඑන බමරැු’’, ‘‘මහගෙදර’’, ‘‘දඩයම’’ හා ‘‘දොළොස් මහේ පහණ’’ වැනි චිත්‍රපටවල සුවිශේෂී රංගනයන් හරහා තම දක්ෂතා මැනවින් පිළිබිඹු කළ ශිරාණි කෞෂල්‍යා වසර 35කට පමණ පසු නැවතත් සිනමා රංගනයට පිවිස සිටිනවා. මීට වසර 35කට පෙර සිනමාවෙන් ඈත් වුවද, ඇය සැමදා ජනතා ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙමින් ඔවුන්ගේ හදවත් තුළ ජීවත් වූවාය.
ලිංගිකත්වය ඉස්මතු කළ ආන්දෝලනාත්මක චරිතයක් හරහා සිනමාවට පා තැබූ අන්දම පිළිබඳව දොඩමළු වෙමින් ඇය කියා සිටියේ රංගනයෙන් දායක වූ චිත්‍රපටවල තිර පිටපත් පවා ඇය කියවා නොතිබූ බවය.
ඔබ සිනමාවට පිවිසෙන්නේ සුරූපී නව යොවුන් තරැුණියක ලෙස. ඔබට ලැබුණු ආන්දෝලනාත්මක චරිත නිසා ඔබට බියක් හෝ චකිතයක් දැනුණෙ නැද්ද..?
එහෙම බියක් හෝ චකිතයක් නම් මා තුළ තිබුණෙ නැහැ. ඒකට හේතුව මා ගැන මට තිබුණ දැඩි විශ්වාසය කියලයි මට හිතෙන්නෙ. මගේ මුල්ම චිත්‍රපටය වන ‘‘මලට නොඑන බඹරූ’’ හි මගේ චරිතයේ ආන්දෝලනාත්මක බවක් මම නම් දැක්කෙ නැහැ. අපේ රටේ කාන්තාවක් කොට කලිසමක් ඇන්දත් විශාල ආන්දෝලනයකට තුඩු දෙනවනෙ.
ඔබ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වර්ණළුත් කළේ නව යොවුන් වියේදී. ඔබ රූප සුන්දරී තරගවලින්ද ජයග්‍රහණය කරලා තිබෙනවා. සිනමාවේදී අනිසි බලපෑම්වලට ඔබ ලක්වූයේ නැද්ද?
එවැනි බලපෑම් නොතිබුණායැයි කියන්නත් බැහැ. මගේ මුල්ම අධ්යක්ෂවරයා ෂෙල්ටන් පයාගල නම් එවැනි දේවල්වලට නොපෙළඹුණු මහත්මයෙක්. ඒත් චිත්‍රපටයට සම්බන්ධ ඇතමුන්ගේ ක්‍රියාකලාප නිසා මගේ දර්ශන මා විසින්ම අධ්‍යක්ෂණය කරන තැනට පත්වුණා. චරිතය ලිංගිකත්වය පසුබිම් කරගෙන නිරූපණය වුවත්, එවැනි නිරැුවත් දර්ශන එහි අඩංගු වුණේ නැහැ. ඇතැම් නිදන කාමර දර්ශන සියුම් ලෙස රූපගත කළත් ඒවා සංයමය ඉක්මවා ගොඩනැගෙනවාට මම විරැුද්ධ වුණා. මගේ සහෝදර ශිල්පී අජිත් ජිනදාස මගේම සහෝදරයෙක් ලෙස කටයුතු කළා.
ඔබ චිත්‍රපට කිහිපයක් හරහා නොමැකෙන මතක සටහන් ඉතිරි කර හිටි හැටියේ අතුරැුදන් වුණා?
ඔව්.දෛවය විසින් මාව එවැනි දේකට යොමු කළා. දෛවය පිටුපාන්න කිසිම ජගතෙකුට බැහැනෙ. ඒත් මම අතීතිය ගැන කිසි දිනක පසුතැවෙන්නෙ නැහැ.
ඔබ රඟපෑ චිත්‍රපටවල තිබූ ආන්දෝලනාත්මක අන්තර්ගතය නිසා ඔබ රට හැර ගියා කියලත් සමහරැු හිතුවා නේද?
ඒවගේ කතාවක් හැදෙන්න කිසිම පදනමක් තිබුණෙ නැහැ. මම කිසි දවසක නිරැුවත්ව රඟපාලා නැහැ. ඇතැම් සියුම් දර්ශනවලට මා වෙනුවට *ඩබල්ස් පාවිච්චි කරලා තිබුණා. සමහරූ ඇතැම් දේවල් දිහා බලන අසැබි කෝණ නිසා එහෙම හිතනවා ඇති. වෘත්තීය නිළියක හැටියට මගේ කොටස ගෞරවාන්විතව මම ඉටු කරලා තියෙනවා. රවින්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ශ්‍රියානි අමරසේන, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි, සොමී රත්නායක, විජේරත්න වරකාගොඩ වැනි ක්ෂේත්රයේ ප්‍රබලයින් සමඟ මම වැඩ කරලා තියෙනවා. ඔවුන්ගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ ගෞරවය අදටත් මා රුකගෙන තිබෙනවා. එවැනි ප්‍රවීණයින් සමඟ වැඩ කරන්නට ලැබීම විශාල භාග්‍යයක් හැටියටයි මම සලකන්නෙ. විශේෂයෙන්ම සනත් ගැන කියනවනම් අපි කුඩා දරැුවන් හැටියට නුවර ඔහුගේ ගෙවල් අසල සෙල්ලම් කරලත් තියෙනවා. මගේ මාමා කෙනෙක් ඔහුගේ නිවෙසට යාබදව හිටියෙ. අපි පොඩි කාලේ නිතර එහෙ ගියා. අජිත් තාමත් මට සලකන්නෙ සහෝදරියකට වගේ. ඒ වගේමයි රවී අයියා ඇතුළු අනිකුත් ප්‍රවීණ ශීල්පීන්.
අපි මෙතෙක් කතා කළේ ඔබේ රංගනය ගැන විතරයි. ඔබ ගායනයට හා නර්තනයටත් ඉතා දක්ෂයි නේද?
ඔව් මම නැටුමට, ගැයුමට යොමුවුණේ මාතලේ සාන්ත ඇග්නස් කන්‍යාරාමයේ ඉගෙනුම ලබන කාලෙදිමයි. පසුකලෙක මම ගායන ක්ෂේත්රයේ දිගු කලක් රුඳී සිටියා. මා සහභාගි වූ ඕනෑම නර්තන තරගයකදී මුල් තැන දිනාගත්තා. (නිතර සහභගි නොවුණට* ඒ වගේමයි මම ?ප සුන්දරී තරග හා 1980 මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කළා. හෝටල් ක්ෂේත්රයේ රුකියාවක් කළා. ඒ වගේම කලක් එයාර් ලංකා සමාගමේ ගුවන් සේවිකාවක් හැටියටත් සේවය කළා.
පවුල් ජීවිතේ ගැනත් අපි කතාකරමු?
මගේ සැමියා හා දරැුවන් තිදෙනා වෙනුවෙන් මගේ ජීවිතයේ හොඳම කාලය කැප කළා. අද ඔවුන් ඉන්න තැන් ගැන මට හරිම සතුටුයි. මම නැවත රංගනයට යොමු වන්නට අදහස් කළේ ඔවුන්ගේ ඉල්ලීම නිසයි. ඉතිං ඔවුන්ට මා ගැන අභිමානයෙන් කතා කළ හැකි යමක් කරන්න මම දැන් සූදානම්.
ඔබ මෑතකදී චිත්‍රපටයක චරිතයක් නි?පණය කළා නේද?
ඔව් චන්ද්‍රන් රත්නම් ප්‍රවීණ සිනමාකරැුවාගේ ”එකෝඩිං ටු මැතිව්” චිත්‍රපටයේ ඉතා සුලූ කොටසක් කළා. ඒ වගේම ඊඊක් මගින් බි්රතාන්ය, ඉන්දියාව ඇතුළු රටවල් කීපයක දායකත්වයෙන් නිර්මාණය වුණු ?පවාහිනි ටෙලි මාලාවක මම මෑතකදී රඟපෑවා. ඉදිරියේදී රංගනයට ආරාධනා කීපයක් ලැබී තිබෙනවා.
ඔබේ ජීවිත කතාව හොඳ සිනමා පටයකට වස්තු බීජයක් වෙයි කියලා ඔබ හිතනවද?
චිත්‍රපටයකට කෙසේ වෙතත් මගේ ජීවිත කතාව ලියන්න නම් මගේ හිතේ ලොකු උවමනාවක් තියෙනවා. ඒක මම නුදුරේම කරනවා. ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ නිළියක ලෙස මා ලැබූ අත්දැකීම් ඊට ඇතුළත් වෙයි. අපි මොනතරම් ප්‍රසිද්ධව හිටියත් ඉහළම නිලතල දැරැුවත් අපි මිනිස් ගුණාංගවලින් පිරිපුන් දයාන්විත මිනිසුන් නොවුණොත් ඒ කිසිම දේකින් වැඩක් වෙන්නෙ නැහැ. මම හොඳින්, සතුටින්, කිසි කෙනෙකුට කරදරයක් දුකක් නොදී ජීවත් වෙන කෙනෙක්. ඒත් මගේ දෛවය මාව කුමන දිසාවට යොමු කරයිද කියන්න මම දන්නෙ නැහැ. ජීවිතය හරි පුදුමයි. දෛවයත් මාව පුදුම කරවන තැනකට රුගෙන යාවිද කියන්න බැහැ.
Gossip Lanka - Gossip99 ඇසුරෙනී
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 20, 2016
කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ...!!!
Posted by
lankanews
at
October 20, 2016
Labels: shirani kaushalya, sinhala films
කිසි දවසක නිරුවත්ව රඟපාලා නැහැ...!!!
2016-10-20T20:41:00+02:00
lankanews
shirani kaushalya|sinhala films|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
