ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 7, 2016

තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..

දුම්වැටි බද්දෙන් 4-5%ක් දුම්පානයෙන් මිදුනා.. තෙල්, ලුණු, සීනි බදුත් ඉහල දැමිය යුතුයි..මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා 314 දෙනෙකු හට පත්වීම් ලිපි ප‍්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විය.
මෙම මහජන සෞඛ්‍ය ක්ෂේත‍්‍ර පුහුණුව සදහා පත්වීම් ලබාදෙන ලද්දේ වසර 16 කට පසු වීම ද විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මුහුණ දී ඇති බරපතලම ගැටළුව තමයි බෝ නොවන රෝග. ඩෙංගු සහ එචි.අයි.වී රෝගීන්ගේ ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සවිධානයේ නිර්දේශවලට අනුව දුම්කොළ භාවිතය අවම කිරිම සදහා ලක් රජය නිර්නායක 03 ක් භාවිත කර තිබෙනවා. ඉදිරියේ දී රූපරාමු නොමැති හිස් සිගරට් පැකට්ටුව හදුන්වා දෙනවා. අපි සිගරට් සදහා බදු වැඩි කළා. දැන් සිගරට් එකක මිල රුපියල් 07 කින් වැඩිකර තිබෙනවා. සිගරට් මිල වැඩි කිරීමෙන් සියයට 4 ත් 5 ත් ප‍්‍රමාණයක් දුම්පානය කිරිම අඩු වෙනවා.
වර්තමාන රජය මධ්‍යසාර අලෙවි කිරීෙමි බලපත‍්‍ර කාටවත් ලබාදී නැහැ. පැණිබීම සදහා වර්ණ සංකේත ක‍්‍රමයක් හදුන්වා දුන්නා. බෝනොවන රෝග පාලනය කිරීමට නම් සීනි, ලුණු, ෙමිදයට අය කරන බදු ඉහළ දැමිය යුතු වෙනවා. දැඩි පාලනයක් කළ යුතු වෙනවා. ජනතාව නීරෝගීව තැබිය යුතුයි.
මැලේරියා වසංගතය තුලින් තමයි වෙමි ව්‍යාපාර බිහි වුනේ. රෝග හේතුවෙන් දේශපාලන ව්‍යාපාර පවා බිහි වූ යුගයක් තිබුනා. බරවා රෝගය අපි තුරන් කර තිබෙනවා. රෝග තුරන්වෙලා තිබෙනවා නම් අලුතෙන් කාර්ය මණ්ඩල බදවා ගන්නේ ඇයි ද කියා ඔබ සිතන්න පුළුවන්. රෝග පාලනය කිරිම සදහා මානව සම්පත අවශ්‍ය වනවා. නව රජය නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරනවා.
ඩෙංගු රෝගය තුරන් කිරීම සදහා ක්ෂේත‍්‍ර සහකාර නිලධාරීන් 1500 ක් ඉදිරියේ දී බඳවා ගන්නවා. ආයුර්ෙවිද වෛද්‍යවරුන් 900 ක් බඳවා ගන්නවා. ඒ සදහා මුදල් වෙන් කර තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.