ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 26, 2016

නිවට සංහිඳියාව අතරින් මතුවන රටේ අරාජිකත්වය....!!!


අද අත් පත්‍රිකා බෙදා හර්තාල් සිදුකරයි. එක්‌ එක්‌ කල්ලි කණ්‌ඩායම්වල දේශපාලන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුරේ හර්තාල් පවත්වන්නට ඉඩදීම සංහිඳියාවද? යහ පාලන ආණ්‌ඩුව උතුර අස්‌ථාවර කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේගයන් ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්නේ ද? සංහිඳියාවට බාධාවක්‌ වන්නේ යෑයි සිතමින් මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම වුවමනාවෙන් මඟහරින්නේද...?

චුන්නාක්‌කම්හිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්‌වීමේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුත්තක්‌ නොවන බව බුද්ධි අංශ දැනටමත් අනතුරු අඟවා ඇත. මෙය මහා විපතක ආරම්භයක්‌ ද? එක්‌ පැත්තකින් උතුරු පළාත අඩපණ කරමින් හර්තාල් පැවැත්වීමටත්, අනෙක්‌ පැත්තෙන් 'ආවා' කණ්‌ඩායමේ කඩු ප්‍රහාරවලට පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බවත් පැහැදිලිව සටහන් කළ යුතුය.

මීට මාස ගණනාවකට පෙර සමස්‌ත ඉන්දියාවේ අවධානය යොමු වූ එක්‌ තරුණයෙක්‌ විය. ඔහු නමින් හර්දීක්‌ පටෙල් ය. හර්දීක්‌ ගුජරාටයේ පටෙල් කුලයේ අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් සිදුකළ උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, හර්තාල් නිසා ජනතාව අතර වීරයෙක්‌ විය. මේ උද්ඝෝෂණ හේතුවෙන් හර්දීක්‌ට බන්ධනාගාරගත වන්නට ද සිදුවිය. පටෙල් කුලය වෙනුවෙන් ගුජරාටයේ සංවිධානය කළ හර්තාල් සිහි කරන විට පෙරේදා (25) උතුරු පළාතේ පැවැති හර්තාලය අමතක කළ නොහැක. එහෙත් මේවා අතර සමතාවයක්‌ නම් නැත.

දෙමළ සන්ධානයේ පූර්ණ ආශිර්වාදයෙන් පෙරේදා (25) පැවැති මේ හර්තාලය නිසා සමස්‌ත උතුරු පළාතම අඩපණ විය. රජයේ කාර්යාල' බැංකු වසා දමා තිබුණු අතර, දෙමළ හා මුස්‌ලිම් පාසල්වල ගේට්‌ටු විවෘත වූයේ නැත. වව්නියාවේ සිංහල පාසල් පමණක්‌ විවෘත විය. යාපනය නගරය පුරා වේගයෙන් ඇදෙන විශේෂ කාර්ය බළකායේ ජීප් රථ සුලභ දසුනක්‌ විය.

ඉකුත් සිකුරාදා යාපනය කොකාවිල්හිදී පොලිස්‌ වෙඩි පහරින් මරණයට පත් වූ සුන්දිරාජා සුලක්‍ෂන් හා නඩරාජා ගජන් වෙනුවෙන් මේ හර්තාලය පැවැත් වූ බව රහසක්‌ නොවේ. ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට සිංහල පොලිසියේ වෙඩි පහරින් මියගිය යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතනයට එරෙහිව මෙම හර්තාලය සංවිධානය වී තිබිණි.

පසුගිය කාලය පුරාම උතුරු පළාතෙන් ලැබෙන්නේ සතුටුදායක පුවත් නම් නොවේ. ඒ ලැබෙන පුවත්වලින් ප්‍රකාශ වන්නේ කුමක්‌ද? ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන යම් සිද්ධි ජාලයක්‌ උතුරේ සිදුවෙමින් පවතින බව නොවේද? පොලිස්‌ අණ නොතකා ගිය යතුරු පැදියකට දකුණේ නගරයකදී වෙඩි තැබීමක්‌ සිදු වූයේ නම් හර්තාල් පැවැත්වෙන්නේ නැත. නමුත් උතුරේ පමණක්‌ මේ වෙනස කුමක්‌ද? අධික බීමතින් සිටි මේ සිසුන් දෙදෙනා පොලිස්‌ අණ නොතකා සිය අධිබලැති යතුරු පැදිය පදවා ඇත. "ආවා" කල්ලිය පිළිබඳ අවධානයෙන් සිටි පොලිසියට මේ යතුරු පැදියට එරෙහිව ද අවම බලය ක්‍රියාත්මක විය යුතුය. එදා ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේදීත් උතුරේ හර්තාල් සිදු කෙරුණේ තුවක්‌කුවේ බලයෙනි. අද අත් පත්‍රිකා බෙදා හර්තාල් සිදුකරයි. එක්‌ එක්‌ කල්ලි කණ්‌ඩායම්වල දේශපාලන අරමුණු සාක්‌ෂාත් කර ගැනීම වෙනුවෙන් උතුරේ හර්තාල් පවත්වන්නට ඉඩදීම සංහිඳියාවද? යහ පාලන ආණ්‌ඩුව උතුර අස්‌ථාවර කිරීම උදෙසා ක්‍රියාත්මක වන බලවේගයන් ගැන හොඳින් නිරීක්‍ෂණය කරන්නේ ද? සංහිඳියාවට බාධාවක්‌ වන්නේ යෑයි සිතමින් මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම වුවමනාවෙන් මඟහරින්නේද?

චුන්නාක්‌කම්හිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කඩු ප්‍රහාරයට ලක්‌වීමේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුත්තක්‌ නොවන බව බුද්ධි අංශ දැනටමත් අනතුරු අඟවා ඇත. මෙය මහා විපතක ආරම්භයක්‌ ද? එක්‌ පැත්තකින් උතුරු පළාත අඩපණ කරමින් හර්තාල් පැවැත්වීමටත්, අනෙක්‌ පැත්තෙන් 'ආවා' කණ්‌ඩායමේ කඩු ප්‍රහාරවලට පොලිස්‌ නිලධාරීන් බිලිදී සංහිඳියාව උදා කළ නොහැකි බවත් පැහැදිලිව සටහන් කළ යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.