හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි
බවත්,එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ
මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන නොවැම්බර් 18 වැනිදා සලකා බැලීමට
ශ්‍රේෂ්ඨාධිකරණය පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ (14) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ විනිසුරු උපාලි අබේරත්න හමුවේ පෙත්ම කැඳවිණි.
කැළණිය, ගල්බොරැල්ලේ විතානගේ සංජීව සුදත් පෙරේරා , පෑලියගොඩ ප්‍රදීප්
ආසිරි සොයිසා සහ කැළණියේ දොන් ප්‍රේමරත්න වගඋත්තරකරුවෝ වෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්,
සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ඔවුහු ඉල්ලති.