ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 30, 2016

ලන්ඩන් කෝටිපතියෙකුට එරෙහිව සිංහල කෝටිපතියෙක් වන්දි සටනක...!!!

ලන්ඩන් නුවර ඉහළ උසාවියක මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද සිය අවදානය යොමු කර තිබෙනවා.
ඒ ලන්ඩන් නගරයේ කොන්රන් හෝල්ඩින්ස් සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් ටෙරන්ස් කොන්රන්ට එරෙහිව එරට ප්‍රධාන කෝටිපතියන් සිය දෙනා අතර සිටින ඩෙස් ගුණවර්ධන නම් ලාංකිකයා පවරා  ඇති නඩු විභාගය සම්බන්ධවයි.
අවන්හල් ජාලයක් වන “ඩී ඇන්ඞ් ඩී” ජාලයේ හිමිකරු ඩෙස් ගුණවර්ධන කොන්රන් සමූහයට එරෙහිව පවුම් මිලියන 3ක වන්දියක් ඉල්ලා පවරා ඇති මෙම නඩුවේ සාක්ෂි විමසීම පසුගියදා සිදු කෙරුණු අතර සාක්ෂි ලබාදීම සඳහා කොන්රන් සමුහයේ හිමිකරු 85 හැවිරිදි ටෙරන්ස් කොන්රන් අධිකරණයට පැමිණි සිටියා.
ලන්ඩනයේ අවන්හල් රජු ලෙස හැඳින්වෙන ඩෙස් ගුණවර්ධන නඩු පවරා තිබුණේ පවුම් 1245 ක මුදලකට ගත් ව්‍යාපාර කොටස්වලට සාධාරණ වන්දි මුදලක් වන පවුම් මිලියන 3 ක් ඉල්ලමිනි.

ඩෙස් ගුණවර්ධන කොන්රන් සමුහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර 11 ක කාලයක් සේවය කළ අතර 2013 වසරේ ඔහු ඔහුගේම අවන්හල් ව්‍යාපාරයකට අතගසනු ලැබුවා.
තමා කොන්රන් සමූහයෙන් නෙරපා දැමු බවත් එහි තිබූ තම කොටස් සඳහා සාධාරණ ගෙවීමක් නොකර තම විසි වසරක කැපවීම නොසලකා හැරි බවත් ඩෙස් ගුණවර්ධන අධිකරණයේදී සඳහන් කර තිබුණා.
ඩෙස් ගුණවර්ධනට අයත් “ඩී ඇන්ඞ් ඩී” අවන්හල් ජාලය ජනප්‍රිය අවන්හල් ජාලයක් වන අතර එරට රජ පවුලේ සාමාජිකයන් ප්‍රධාන පෙළේ පුද්ගලයින් පමණක් නොව දෙස් විදෙස් ජනපතිවරු, අගමැතිවරු, තානාපතිවරු නිරන්තරයෙන් යන එන තැනක් බවට පත්ව තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.