මොහු ගේ වෘත්තීයභාවය ප්‍රශ්න නො කරන්නේ ඇයි?
නම - ලසන්ත විජේසේකර
වෘත්තිය - වෛද්‍ය
සේවා ස්ථානය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
මගේ සේවා සහ වෘත්තීය ජීවිත කාලය තුළ විවිධ තක්කඩියන් සහ කෛරාටිකයන් හමු වී
ඇතත්, මේ සා දෙබිඩි ජීවිතයක් ගත කරන්නකු හමු වී තිබෙන්නේ, කලාතුරකිනි.
නමින් ලසන්ත විජේසේකර නම් වූ මොහු, වෙනත් ආකාරයකින් හඳුන්වන්නේ නම්, කලකට
ඉහත ජනප්‍රිය වූ, ‘උමා‘ ගීතය ගායනා කළ සමන් ජයනාත් ජිනදාස නම් වූ වැදගත්
පුද්ගලයා ගේ සහෝදරයා ය. සහෝදරයා එසේ වුවත්, මොහු ගේ ක්‍රියා කලාපය, සහෝදරයා
ගේ අහලකින් වත් තබන්නට නො හැකි ය.
ඒ තරමට,
අප්‍රසන්න ය.
අසික්කිත ය.
කැත ය.
හිරිකිත ය.
මට මේ පුද්ගලයා හමු වූයේ ඉතා අහම්බෙනි. ඒ, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිසා ය. ඒ හමුවීම පිළිබඳ ව අද මට ඇත්තේ, දැඩි පිළිකුලකි.
මා විසින් ඉදිරිපත් කරන ලද වස විස නැති සංකල්පයකට, ‘සම්බන්ධ වෙන්නට කැමති
බව‘ පවසමින්, මා හා වැඩ කිරීමට ආ, මොහු, අවසානයේ සියල්ල විනාශ කර දමා, පැන
ගියේ ය.
සංකල්පය මගේ බැවින්, ඊට සම්බන්ධ වූ 99%ක්, මගේ හිතවත්තු
වූ හ. නො එසේ නම්, හිතවතුන් ගේ හිතවත්තු වූ හ. එහෙයින්, සිදු කරන ලද,
අලුගුත්තේරුකම්වලින් වැඩි හානියක් වූයේ මට ය. මගේ නමට ය. මා පිළිබඳ ව දන්නා
ඒ සියල්ලෝ අදටත් මා සමඟ සියල්ල තේරුම් අරගෙන සිටීම, වෙනම කාරණයකි.
තක්කඩියා සමාජයට හෙළිකිරීම, මගේ වගකීම ය.
මෙවැනි දේ මවිසින් සිදු කරන ලද ප්‍රථම වතාව මෙය නො වේ.
මා සමඟ එක බත්පත කා ගෙන, එක බඩවැල කඩා ගෙන ආ සහෝදරයන් මෙන් සිට, මා ගේ
මාර්ගයෙන් හඳුනා ගත් විවිධ ආයතනවලට වංචා කරන්නට ගිය, මේ රටේ ප්‍රකට ගී පද
රචකයන් ගේ, ටෙලි නාට්‍ය අධ්යක්ෂවරුන් ගේ, ටෙලිවිෂන් අධ්යක්ෂවරුන් ගේ,
විකල්ප (යැයි කියා ගන්නා) පුද්ගලයන් ගේ, නම් ලැයිස්තුවක් මා සතු ය. ඒ සියලු
දෙනාට ම, මම නිසි ප්‍රතිචාර දක්වා ඇත්තෙමි.
මේ එකී ලැයිස්තුවේ තවත් එකෙකි.
මොහු වෛද්‍යවරයකු වුවත්, එක් අතකින් ලෙඩෙකි. මොහුට ඇති අමුතු ලෙඩක් නම්,
එන විට, සියලු දෙනා ‘නැගිට ආචාර කළ යුතු ය‘යි, සිතා ගෙන සිටීම ය. එසේ කළ
යුතු යයි ඔහු අනෙක් අයට කියයි. ඒ ගැන ලැජ්ජාවක් නැත.
මොහු කවර
ගනයේ පුද්ගලයකු දැයි දැන ගැනීමට, එක් උදාහරණයක් පමණක් ගෙන හැර දක්වමි.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ගේත්, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගේත්, සුවච
කීකරු ගෝලයකු මෙන් එකවර පෙනී සිටින, මොහු, ‘අද මං හවස හිටියේ පා එක්ක‘, එක
දවසක කියයි. ‘අද මම පැය දෙකක් විතර හිටියේ ඇමතිතුමත් එක්ක‘, ඊළඟ දවසේ
කියයි. (පා යනු, ඔහු වෛද්‍ය පාදෙණිය අමතන සුරතල් නාමය ය.)
මෙවැනි චරිතයක් ඇදහිය හැකි ද?
කුණු වුණු මළ මිනියක, මුලින් ම එන ගඳ, අප විසින් සැලකෙන්නේ, හූනකු හෝ
මීයකු හෝ කුණු වී එන ගඳක් ලෙස ය. අපට ද සිදු වූයේ ඒ ඇබැද්දිය ය. මුලින් ආ
ගඳ, අපි ඒ තරම් ලොකු දෙයක් ලෙස නො සැලකුවෙමු. දැන් සිදු විය යුතු සියල්ල
සිදු වී හමාර ය. කුණු ගඳ පැමිණ තිබෙන්නේ මළ මිනියකිනි.
මිනිසුන් රැවටීමේ උපන් හපනකු වන මොහු ගේ මුග්ධ තීරණ නිසා, සේවා සහ නිෂ්පාදන ලබා දුන් පුද්ගලයන් රැසකට, අද, මුදල් අහිමි වී තිබේ.
යුනික් ප්‍රින්ටර්ස් - කැලණිය
හරිත ලංකා - ඌරුබොක්ක
ජයදි ෆූඩ්ස් - මාතර
බිඟුන් සුරැකීමේ සංගමය - මහනුවර
නිව් ඊරා සංවිධානය - සූරියවැව
මිහිමව් සංවිධානය - පොල්ගස්ඕවිට
ආචාර්ය වර්ණජිත්
පේෂල
නිලූක
ප්‍රිමාල්
ඉසුරු
මෙන්ඩිස්
ගුණසීලි
....
ලැයිස්තුව තව දිග ය.
මේ සියලු දෙනා, වස විස නැති ආහාර නිෂ්පාදනයේ හෝ අලෙවියේ හෝ යෙදෙන්නෝ වෙති.
ඉතා දුෂ්කර ප්‍රදේශවල වස විස නැති ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමේ යෙදෙන ඉහත
සඳහන් ආයතනවල (මුද්‍රණාලය හැර) හිමිකරුවෝ, සමාජයට යහපතක් සිදු කරන
පුද්ගලයෝ වෙති. මේ වන විට මුදල් නො දී කෙළවා තිබෙන්නේ ඔවුන්ට ය. මෙතෙක් නො
ගෙවා තිබෙන මුදල රු. 125,000.00ක් පමණ ය.
ආචාර්ය වර්ණජිත් සඳහා උපදේශක ගාස්තු ගෙවිය යුතු ය. සෙසු අයට මුදල් නො ගෙවා හෝ අඩුවෙන් ගෙවා හෝ හිඟ තබා ඇත.
මට සිදු කළ මූල්‍ය සහ වෙනත් අකටයුතුකම්, වෙනම ලැයිස්තුවක ලිවිය යුතු ය.
ඉතා කටුක සේවා පරිසර තුළ සිට වැඩ කරමින්, ජීවිකාව සඳහා වැඩ කරන අයට,
‘මිනිහෝ‘,‘බල්ලෝ‘, ‘පරයෝ‘ ආදි වශයෙන් කතා කරමින්, ඉටු කළ නො හැකි ඉලක්ක ලබා
දෙන මේ පුද්ගලයා, අවසානයේ, ඔවුන් වැඩ නො කළ බව පවසමින්, මුදල් නො ගෙවයි.
නවාතැන් ලබා දෙන බව පවසමින් ඈත ප්‍රදේශවලින් රැකියාවට කැඳවන පුද්ගලයන්ට,
කාමර පහසුකම්, වැසිකිලි පහසුකම් නැති, සේවා ස්ථානයේ ම නවතින්නට කියයි. බොරු
පොරොන්දු දෙයි. ඒවා ප්‍රශ්න කළ විට, මුදල් නො ගෙවා එළවා දමයි.
මොහුට, හිතෙන හිතෙන විට ආයතන විවෘත කරන්නට, වසා දමන්නට, පුදුම හැකියාවක්
තිබේ. ඒවාට ඇති පදමට මුදල් දෙන්නට සැදී, පැහැදී සිටින, වෙනත් වෛද්‍යවරු
සිටිති. ඔවුන්ට එරෙහි ව විවිධ දූෂණ චෝදනා ඇතත්, ඒවා පිළිබඳ ව ඇත්ත, නැත්ත
අපි නො දනිමු.
මොහු ගේ ඇතැම් කටයුතු, සායිබබා ගේ විස්කම් වැන්න.
කාර්යාලයීය අවශ්‍යතාවක් සඳහා සිංගර් සමාගමෙන් බොට්ල් කූලරයක් මිලට ගෙන, ඒ
වෙනුවට, නිවසේ ශීතකරණය ඉදිරිපත් කිරීම වැනි දේ ඒ අතර වෙයි.
කෙසේ
වෙතත්, මගේ දැනීමේ හැටියට, මෑත කාලය තුළ, ඔහු අතින් ආයතන දෙකක් ගොඩ නැඟීම
සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක්, යෙද වී තිබෙන අතර, ඒ මුදල් කවර පදනම්
මත ලැබුණු ඒවාදැයි නො දනිමු. කාගේ ගිණුම්වලට මාරු වුණු ඒවාදැයි නො දනිමු.
ආයතන දෙක ම අසාර්ථක විණි. වැය වුණු මුදල් කජුඇට ගාණ ය.
එහි ඛේදවාචකය නම්, සේවය කළ, සේවා සහ නිෂ්පාදන සැපයූ අයට, ඒ අතර, මුදල් නො ගෙවීම ය.
අද වන විට, තමන්ට ලැබිය යුතු මුදල් ඉල්ලා සිටින සැපයුම්කරුවන්ට, පමිල
නමැත්තකු ලවා අසභ්‍ය වචනයෙන් බැණ වද්දන්නට තරම් සාහසික වී සිටින මොහු,
ඇත්තටම කවර මට්ටමේ පුද්ගලයකු දැයි, කිය නො හැකි ය.
සම්බෝධි
විහාරයේ වස විස නැති පොළ, ආරම්භ කරන ලද්දේ තමන් විසින් යයි, වහසි බස් දොඩන
මොහු, පමිල නමැත්තා ලවා, එයට ම ප්‍රමිතියෙන් තොර බඩු සපයා, කැන්සල් වී
සිටින්නෙකි.
මොහු ගේ මිතුරකු වන මෙවැනි තවත් වෛද්‍යවරයකු විසින්
විවිධ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ අසූවක් පමණ වංචා කෙරී තිබේ. ඒ පිළිබඳ ව
සියලු තොරතුරු සහිත ඊ-මේල් පණිවිඩයක්, පරිසරවේදී ලසන්ත වරුසවිතාන, අප අැතුඵ
සියල්ලන්ට සපයා තිබේ.
මොවුන්, මානව හිතවාදයෙන් යුක්ත, වෛද්‍ය වෘත්තියට යොමු වූයේ කෙසේදැයි නො දනිමු.
පසුගිය සතියේ සිවුරු හළ පුද්ගලයකු ලෙස හැසිරෙන මොහුට, අප දන්නා තරමින්, ප්‍රකට සහ අප්‍රකට ජීවිත දෙකක් තිබේ.
ප්‍රකට ජීවිතය පියකරු ය. අප්‍රකට ජීවිතය බියකරු ය.
වෛද්‍ය වෘත්තියට අමතර ව, වස විස නැති කෘෂි ක්ෂේත්රය තුළ වැඩිපුර හැසිරෙන,
මොහු සමඟ වසර දෙකක පමණ කාලයක් වැඩ කළ අත්දැකීම්වලින් පසු, සියලු අයට
දන්වන්නට තිබෙන්නේ එකම එක දෙයකි.
පරෙස්සම් වන්න!
සර්පයා කොයි වේලේ හෝ දෂ්ඨ කරනු ඇත.
- කුමාර ලියනගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, October 26, 2016
මෙන්න තවත් කම්බා හොරෙක්...!!! ප්‍රවේශම් වන්න....!!!
Posted by
lankanews
at
October 26, 2016
Labels: dr lasantha, fake doctors, fake person, kumara liyanage, lankanews, lasantha wijesekara
මෙන්න තවත් කම්බා හොරෙක්...!!! ප්‍රවේශම් වන්න....!!!
2016-10-26T14:53:00+02:00
lankanews
dr lasantha|fake doctors|fake person|kumara liyanage|lankanews|lasantha wijesekara|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
