බැඳුම්කර නිකුත් කිරීමේ සම්පූර්ණ වාර්තාව මෙම සිකුරාදා (28 වැනිදා) වන විට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කමිටුව එකඟ කර ගැනිමට එජාප හැර අනෙකුත් කණ්ඩායම් කටයුතු කලද උපක්රමිකව කෝප් කමිටු සබාපතිවරයා ඉල්ලා අස්විම හරහා නව සභාපතිවරයෙකු පත් කර ගැනිම කල්දැමිම හරහා 28 වැනිදා වන විට වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ගෙන එම් නතර කර දැමිමට අවශ්‍ය පියවර අගමැතිවරයා ප්රමුඛ යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.
“අගමැති කිව්ව දෙයයි මම කලේ” යනුවෙන් අර්පුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කියපු කතාව පාර්ලිමේන්තුවට එලිවිම වලක්වා ගැනිම මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේන අතර එම මෙහෙයුමේ ප්‍රධානියා ලෙස පත්කල රනිල්ගේ සමිපතම සගයා වු සුජිව සේමසිංහ මේ වනවිට රනිල්වද පාවාදිමකට ලක්කර ඇති බවද අනාවරණය වි තිබේ.
වාර්තාකරු අනාවරණය කළේ රනිල්ගේ ඉත්තා වු සුජිව සේමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාව මත සිරිසේනගේ න්‍යායාචාරවරයා වන ශිරාල් ලක්තිලක විසින් මෙහෙයවා ඇති බවයි.
බැදුම්කර මගඩියේ කෝප් වාර්තාව මේ සතියේ ඉදිරිපත් නොකළොත් කරන ගින්දර වැඩේ වීරකුමාර කියයි…මහ බැංකු බැදුම්කර වංචාවට අදාළ කෝප් කමිටු වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩ නොදුනහොත් එම වාර්තාව පමණක් නොව ඊට අදාළ කෝප් කමිටුව සතු සියලු ලියකියවිලි රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, කෝප් කමිටු සාමාජික වීරකුමාර දිසානායක අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති කෝප් කමිටුව විසින් නිරික්ෂණය කළ රාජ්‍ය ව්‍යවසායන් 19කට අදාළ විගණන වාර්තා පිළිබඳ විවාදයට එක්වෙමින් මෙසේ සදහන් කළේය.අදාල වීඩියෝව මෙතනින්