මහා නායක හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා බෞද්ධ විහාර
දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ථෙරවාදී භික්ෂු
කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය
අවලංගු කර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමටද
රජය (03 දා) තීරණය කර ඇත.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී
අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මේ බව
දැනුම් දී ඇත.මෙම පනත් දෙක පිළිබඳ විවාදය (04 දා) පාර්ලිමේන්තුවේදී
සිදු කිරීමට නියමිතව තිබූ අතර ඒ බව පාර්ලිමේන්තු න්‍යාය
පත්‍රයෙන්ද දැනුම් දී තිබේ.
එහෙත් ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ සිටින
එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදහස් දක්වමින්
ප්‍රකාශ කර තිබෙන්නේ මෙම පනත නිසි සාකච්ඡාවකින් තොරව ගෙන
එන බවට මහානායක හිමිවරුන් සිවු නමක් පෙන්වාදී ඇති බවයි.
මෙම අවස්ථාවේදී ඇමැති චම්පික රණවක අදහස දක්වමින්
අදාළ පනත මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව හමුවට නොගෙන මහානායක
හිමිවරුන් සමඟ සාකච්ඡා කර පසුව ගෙන ආ යුතු බව පවසා තිබේ.
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ රජය
වෙනුවෙන් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ 1956 දී බුද්ධ
ශාසන කොමිසම් පවා මෙම පනත් කෙටුම්පතේ කරුණු නිර්දේශ කර ඇති
බවය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සහ චන්දිකා
බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පවා මෙම පනත ගෙන ආ යුතු
බව පෙන්වා දී තිබෙන බව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ
ඇමැති විජයදාස රාජපක්ෂ පසුගිය රජය මෙම සංශෝධන පනත්
කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය පවා ලබා දී ඇති බවද සඳහන්
කර ඇත.
රජයට මෙම පනත ගෙන ඒමට හදිසියක් නොමැති බවත්
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත යළි මහානායක
හිමිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර අදාළ පනත්
නැවත ගෙන එනතුරු න්‍යාය පත්‍රයෙන් එය ඉවත් කර ගන්නා බවත්
ඇමැති විජයදාස රාජපක්ෂ පක්ෂ නායක රැස්විමේදී
දැනුම් දුන් බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසුවේය.බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධිත) පනත් කෙටුම්පත සහ ථෙරවාදී
භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත අද
දිනයේ විවාද නොකරන බැවින්. ඒ වෙනුවට අපරාධ නඩු විධාන
සංග්‍රහ (සංශෝධන පනත් කෙටුම්පත) සහ නීති කොමිෂන් සභා
(සංශෝධිත) පනත් කෙටුම්පත විවාද කිරීමට පක්ෂ නායකයන් එකඟවී
ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, October 4, 2016
මහනායක හිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් බෞද්ධ විහාර දේවාලගම් පනත හකුලා ගනී ...!!!
Posted by
lankanews
at
October 04, 2016
Labels: act of buddhist, against srilanka, Buddhist civilization, lankanews, parliment, yahapalanaya
මහනායක හිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් බෞද්ධ විහාර දේවාලගම් පනත හකුලා ගනී ...!!!
2016-10-04T20:58:00+02:00
lankanews
act of buddhist|against srilanka|Buddhist civilization|lankanews|parliment|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
