ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 3, 2016

ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට අවමංගල්‍ය චාරිත්‍ර...!!!

සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ.
ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ  සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ.

වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  පැවැසීය. ඒ අතර මැටි මෙවලම්, වීදුරු, පබළු, කානේලියන් පබළු වැනි ද්‍රව්‍ය වන බවත් පැවැසීය.

මේ අතර නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් පබළු අනූවකට වැඩි සංඛ්‍යාවක්‌ එම භරණය තුළ තිබී හමුවී ඇත.

ක්‍රි.පු. අටසියය පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන් පබළු නිෂ්පාදනය කිරීමේ තාක්‌ෂණික ක්‍රියාවලිය පිළිබඳව මනා දැනුමකින් සිට ඇති බවට කැණීම්වලදී හමු වූ වීදුරු පබළුවලින් පැහැදිලි වන බවද පැවසූ ආචාර්ය තුසිත මෙන්ඩිස්‌  කැණීම් වලදී හමු වූ පුරා වස්‌තු සාම්පල කාල නිර්ණය කිරීම සඳහා යොමු කළ බවත් එම වාර්තාවට අනුව කොක්‌ඇබේ සුසාන සංකීර්ණය වසර දෙදහස්‌ අටසියයකට පමණ පෙර සකස්‌ කොට ඇති බවට සනාථ වී ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ අතර එම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ ඉපැරණිතම මෙගලිsතික සුසානය බවත් පවසන ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඉතාමත් හොඳ සංස්‌කෘතික ලක්‌ෂණ වලින් පොහොසත් පිරිසක්‌ අතීතයේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ බවට මෙම සුසානයේදී හමුවූ සාධකවලින් පැහැදිලි වන බවත් කීය.

මෙය විජය කතා පුවතට එහා යන ශ්‍රී ලාංකික ජනතාවගේ අනන්‍යතාවන් පිළිබිඹු කරන සංස්‌කෘතික ප්‍රවාහයක්‌ ලෙසට හැඳින්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.