ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 3, 2016

මුග්ධ කුහකයා නොහොත් වළත්ත වල් විදානේ....!!!

කමල් සහ සරත්...!!!

‘කමල්’ යනු මගේ දෛවය යම් පමණකින් වෙනස් කල පුද්ගල නාමයකි. ඒ මන්දයත්, මා මුහුණදුන් පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්රයට අකුරු නියැදියක සැඟවී ඇති පිරිමි පුද්ගලනාමය සොයා සටහන් කරන ලෙස ප්‍රශ්නයක් විය. ලකුණු 2ක් හෝ 3ක් ලබාගත හැකිව තිබූ එම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සොයා ගැනීමට මා හට නොහැකි වූ අතර, එයට මා නිවැරදි පිළිතුර සොයාගත්තානම් මට ආනන්ද විද්‍යාලයට ඇතුළුවන්නට අවස්ථාව තිබූ බව කියමින් අපේ අම්මා නිතර මැසිවිලි නගනු මට මතකය. නිවැරදි පිළිතුර සහ එහි සැඟව තිබූ පුද්ගලනාමය ‘කමල්’ම විය. ඒ කෙසේ වුවද වසර කිහිපයකට පසුව උසස්පෙළ පන්තිය සඳහා ආනන්ද විද්‍යාලයට ඇතුළුවීමට වරම් හිමිකර ගැනීමෙන් පහේ පන්තියේදී මගහැරුණු දෛවය යම් තරමකින් හෝ ලඟා කරගන්නට මට හැකියාව ලැබුණ අතර, මා ආනන්දියයෙකුය යන අභිමානවත් සිතිවිල්ල දරන්නටද මට වාසනාව හිමිවිය. කමල් යනු මගේ දෛවය යම්පමණකින් හෝ වෙනස් කල පුද්ගල නාමයක් වුවද එය රටේම සමස්ථ ඉරණම වෙනස් කරන්නට දායකවූද වර්තමාන ලාංකීය සමාජය කළඹන්නට සමත්වූ ශ්‍රේෂ්ඨ  පුද්ගලයෙකුගේ නාමයක් විය. මගේ කතාවේ කතානායක කමල්ද ආනන්දයේම අකුරුකළ ආදිසිසුවෙකි.

ආනන්දය පිළිඹඳව කියතොත්, එය ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වීම වරදක් නොවන බව මාගේ විශ්වාසයයි. එපමණක්ද නොව, රටට ජාතියට ඉමහත් සේවයක් ඉටුකළ සහ අදටත් ඉටුකරන විශිෂ්ඨ පුත්‍රයින් රැසකට අකුරු කියවන්නට තෝතැන්නක් වූ බවද ආනන්දය පිළිඹඳව සටහන් කිරීමේදී කිව යුතුම කාරණයකි. මෑතකාලීන ලාංකීය ඉතිහාසය පිළිඹඳව හැදෑරීමේදී ආනන්දයේ නාමය රන් අකුරින් සටහන් වන අවස්ථාවක් ලෙස අප රට වෙලාගත් කුරිරු යුද්ධය ජයග්‍රාහීව නිමා කිරීම දැක්විය හැක. එම ජයග්‍රහණය තුල ආනන්දයේ නාමය දිදුලන්නේ කෙසේදැයි කියතොත්; අවසන් සටනට නායකත්වය දුන් ගෝටාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, සරත් වීරසේකර, ජගත් ඩයස්, කමල් ගුණරත්න, නන්දන උඩවත්ත, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ යන ඉහල නායකත්වය හෙබවූ බොහෝදෙනෙකු ආනන්දයේ සිප්සතර හැදෑරූ ආදිසිසුන් වීම නිසාය. මේ සියලු දෙනා එකෙකුට අනෙක් දෙවැනි නොවන අන්දමින් මාතෘභූමිය වෙනුවෙන් වූ සිය යුතුකම් නොපිරිහෙලා ඉටුකරන ලද අතර, එය එදාමෙදාතුර ආනන්දයේ සිප්සතර හැදෑරූ සියල්ලන්ටම අභිමානයක් ගෙනදෙන්නක්ම විය.
යුධ ජයග්‍රහණයේ කීර්තිය මානව හිමිකම් කඩකිරීමේ අභූත චෝදනාවන් ඉදිරියේ දියවයන සමයක මේ වීරයන්ගේ නාමයන්ද ටිකෙන් ටික ජනයාගේ මතකයෙන් ගිලිහෙන්නට විය. එනමුදු ජයග්‍රහණය පිලිබඳ උද්දාමයද, වීරත්වය පිලිබඳ අභිමානයද නැවතත් ජනයාගේ සිත්සතන් තුල ජනිත කරවන කාර්යයක් ආනන්දියයෙකු අතින්ම මෑතකදී සිදුවිය. එය අන් කවරක්වත් නොව, යුද්ධයේ මුල සිට අග දක්වාම සිය අත්දැකීම් පොතකට ගොනුකොට සුවහසක් මහජනයාට දැනගැනීම සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය ජනගත කිරීමත්; එතැනින්ද නොනැවතී එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට “ර්‍ඔඅඩ් ටො ණන්ඩිකඩල්” ලෙස එළිදක්වීමත්ය. වාර්තා බිඳහෙලමින් මෙම කෘතිය භාෂා ද්විත්වයෙන්ම අලෙවිවන්නේ ලක් දෙරණේ ජනයා තවමත් සිය උත්තුංග මාතෘභූමියට කෙතරම් ආදරයදැයි කියාපාමිනි.
කමල් ගුණරත්නයන්ගේ මේ කෘතියට අපමණ ජනප්‍රසාදයක් හිමිවුවද එයට එරෙහිවද යම් නිශේධනාත්මක ප්‍රතිචාරයන්ද එල්ලනොවනවාම නොවේ. තවද එය යම් සංවිධානාත්මක මට්ටමකින් සිදුකෙරෙන බවද මාධ්‍ය ලෝකය සහ විචාර කලාව ගැන දන්නා අයටනම් පහසුවෙන් අවබෝධ කරගත හැක. ගුණරත්නයන්ගේ මේ පොතට එල්ලවන විවේචන සාමාන්‍යයෙන් පොතකට එල්ලවන විවේචනයන්ට වඩා මහත් වෙනසක් ඇති අතර පොතෙහි අන්තර්ගතයට වඩා රචකයාටද අදාළ නොවන වෙනත් කරුණු පවා උපුටාදක්වමින් සාමාන්‍ය තලයෙන් මිදී සමාජ ජාලා හරහාද විවේචන එල්ලවන තත්වයක් කරා වර්ධනය වී ඇති සෙයක්ද දක්නට ඇත. මෙම කටුක විවේචකයින් අතරින් පෙරමුණ ගත්තේ මා ඉහතින් සඳහන් කල යුධ ජයග්රහණයේ නියමුවන් අතරින් තවත් එක් ප්‍රධාන චරිතයක් වන වර්තමාන ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා . ෆීල්ඩ් මාෂල් යුධ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉතා ඉහල කීර්තියක් හිමිකරගත් අයෙකු වුවත්, ඉන්පසුව කාල පරිච්ඡේදය තුල කලකී දෑ නිසාම ලාංකීය ජනයාගේ සිත්සතන් තුලින් ඉවත්ව ඇති බවට පෙනෙන්නට තිබේ. එය මාගේ හුදු උපකල්පනයක් නොවූවත් අවසන් වරට පැවති මහා මැතිවරණයේදී ඔහුගේ පක්ෂයම ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්යාවත්, පුද්ගලිකව ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාවත් දෙස බැලීමේදී වඩාත් තහවුරු වනු ඇත. කමල්ගේ පොත පිළිබඳව සරත් දක්වන ආකල්පය ගැන කතා කිරීමට ප්‍රථම, සරත් පිළිබඳව මදක් කතා කිරීම සුදුසු හැඟුණ බැවින් ඊළඟ ඡේදය ලියන්නට කල්පනා කලෙමි.
සරත් ෆොන්සේකා යනු අවම මානුෂීය සංවේදීතාවක් ඇති ඉතා දැඩි පාලකයෙකු බව ඔහු යටතේ වැඩකළ අය මෙන්ම හමුදාව තුල එකල රාජකාරි කල බොහෝ අය දනිති. යුද්ධයකදී කෙසේ හෝ ජයග්‍රහණය ලබාගැනීම විනා ඉන් අත්වන ප්‍රතිඵල පිලිබඳ ඔහු කල්පනා කල වගක් හෝ අවධානය යොමුකළ වගක් දක්නට නොමැත. කෙතරම් තුවාලකරුවන් සහ මරණ අත්වුවද එය නොතකාම ඉදිරියට යායුතු බව ඔහුගේ දර්ශනය විය. තුවාලකරුවන් සහ මරණ අඩු වෙනත් ක්‍රමයක් හෝ මගක් තිබුණද ඔහු නිතරම කල්පනා කලේ හානි අවම කරගැනීමට වඩා ජයග්‍රහණය හඹා යාම වඩාත් සුදුසු බවයි. මෙය ඔහුගේ සමස්ථ හමුදා ජීවිතය පුරාම පෙනෙන්නට තිබුණු තත්වයක් වූ අතර මේ නිසාම හමුදාවේ සොල්දාදුවන් තුල “ඉස්සරහට ගියොත් ජොනී, පස්සට ආවොත් ෆොනී” යනුවෙන්ද කතාවක් පටබැදී තිබුණි. එනම් ඉදිරියට ගියොත් සතුරාගේ ජොනී බට්ටෙකුට හසුවන්නට පුළුවන් බවද, පසුපසට ආවොත් ෆොනී(ෆොන්සේකා)ගෙන් ගැලවීමක් නොලැබෙන බවය. මෙම තත්වය වඩාත්ම දරුණු ලෙස කරලියට පැමිණි අවස්ථාව වූයේ 2006 වසරේදී ත්‍රස්තවාදීන්ගේ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ල අල්ලාගැනීමට සරත්ගේ ඍජු අණදීම යටතේ මෙහෙයුමක් ක්‍රියාත්මක කල අවස්ථාවය. එම මෙහෙයුම නිසා එක් බිම් අඟලක් හෝ අල්ලාගැනීමට නොහැකිවූ අතර හමුදාවට බරපතල හානි සිදුවිය. ජීවිත 300කට වඩා අහිමිවූ මෙම සටන නිසා 800 දෙනෙක් පමණ තුවාල වූ අතර යුධ ටැංකි ඇතුළු වටිනා අවිආයුධ තොගයක්ම ත්‍රස්තවාදීන් අතට පත්විය. එම මෙහෙයුමේ වඩාත් ජුගුප්සාජනක කොටසනම්, මෙලෙස මෙහෙයුමක් සිදුකරන බව ආරක්ෂක මණ්ඩලයද අනෙකුත් හමුදාවන්ද නොදැන සිටීමයි. එමනිසාම තුවාලකරුවන් රැගෙන යෑමට ගුවන් යානා පැමිණීමට පැය 24කට වඩා ගතවීමෙන් තව තවත් මරණ වැඩිවිය. යුද්ධය පටන්ගෙන මාස තුනක් පමණක් ගතවූ තැන සිදුවූ මෙම අනපේක්ෂිත පසුබෑම ආරක්ෂක මණ්ඩලය තුල දැඩි නොසන්සුන්තාවක් ඇතිකළ අතර, යුධහමුදාපතිවරයා අත්තනෝමතික ලෙස ක්‍රියාකරන පුද්ගලයෙකුය යන මතය ඉහළපෙලේ බලධරයන් අතර පැතිරෙන්නට විය. මෙය මහඟු අවස්ථාවක් කරගත් එවකට රජයේ විදේශ ඇමති ධුරය හෙබවූ මංගල සමරවීර ප්‍රමුඛ යුධ විරෝධී කල්ලිය යුද්ධයටත් යුධ හමුදාපතිවරයාටත් එරෙහිව දැඩි මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට වූ අතර එය සමස්ථ යුධ ක්‍රියාවලිය අඩපන කරන්නට සමත් විය. ලසන්ත වික්‍රමතුංග ගේ සන්ඩේ ලීඩර් පත්‍රය  මෙම යුධ විරෝධී මෙහෙයුමේ පෙරගමන්කරුවා වූ අතර එය සරත් සහ ලසන්ත අතර නොසිඳෙන වෛරයක් බවට පත්වන්නටත් ලසන්ත හදිසියේම නොවිසඳුනු ඝාතනයකට ලක්වන්නටත් වැඩිකලක් නොගියේය. මේ අතර සරත්ගේ නොහික්මුණ සහ අත්තනෝමතික හැසිරීම පිලිබඳ නොසතුටින් පසුවූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුව එම තනතුරෙන් ඉවත්කර ඒ වෙනුවට වඩාත් විචක්ෂනශීලීභාවයකින් යුතු පුද්ගලයෙකු එම තනතුරට ගෙනආයුතු බවට දැඩි ස්ථාවරයක් දරන්නට වූ අතර ආරක්ෂක ලේකම් වූ ගොටාභය රාජපක්ෂ විසින් ඉතා ඕනෑකමින් කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව එසේ කළහොත් එය සොල්දාදුවාගේ චිත්ත ධෛර්යය අඩුවීමට හේතුවක් වියහැකි බව පවසා කෙසේ හෝ එම තීරණය වලක්වා සරත්ගේ තනතුර රැකදෙන්නට සමත් විය. කෙසේවුවද සරත් වැනි හිතක් පපුවක් නොමැති දැඩි පාලකයෙකු නොවන්නට ප්‍රභාකරන්ගේ මිනීමරු හමුදාවට එරෙහිව සටන්වදින්නට හැකියාවක් ඇති නොවන්නටද පුළුවන්කම තිබුණි. නමුත් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ජෙනරාල් විජය විමලරත්න යටතේ පන්නරය ලැබූ කීර්තිමත් සේනාංකාධිපතිවරයන් පරිසක් විසින් අවසන් සටන මෙහෙයවීම සඳහා පත්කිරීම යුද්ධයේ ගමන්මග හැරවූ සුවිශිෂ්ඨතම තීරණය ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත් ඔවුන් සියලුදෙනාම දෙවන ලුතිනන් නිලයේ සිටියදීම සටන් බිමට අවතීර්ණව එතැන් පටන් යුද්ධයේ සියලු වර්ධනයන්, හැසිරීම් පිලිබඳව මෙන්ම භුමියේ සටන් කලයුත්තේ කෙසේද යන ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධව සිටීමය. නමුත් ඔවුන් එක් අයෙකුවත් සරත් තරම් දරුණු පාලකයෙකු නොවූ අතර සෙබලාගේ හදවත් හොඳින් හඳුනාගත් ඔවුන්ගෙන් වැඩ ගතයුත්තේ කෙසේදැයි දත් වඩාත් මානුශීය හදවත් ඇත්තවුන් විය.
කමල් ද මෙම පිරිස අතර සිටි විශිෂ්ඨ සටන්කාමියෙකු වූ අතර ඔහු විවාදයකින් තොරවම 53වැනි ප්රහාරක සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා සරත්ගේ තෝරාගැනීම විය. යුධ හමුදාවේ සිටි කිසිවෙකු එවකට සරත් ලඟට යන්නට පවා බියක් දැක්වූ අතර කෙතරම් කාර්යශූරත්වයක් පෙන්නුම්කලද අවසට සටනේ සේනාංකාධිපතිවරුන්ගේ තත්වයද එයට නොදෙවෙනි විය. එය හුදෙක් බියකට වඩා සරත් මිනිසුන්ට කතා කල නොසරුප් වදනින් තමා අමතනු ඇසීමට දැක්වූ පිළිකුල්සහගත නොකැමැත්තක් බව කිව හැක. තත්වය කෙසේ වුවද චකිතයකින් තොරව සරත් අමතන්නට හැකියාව තිබුණු එකම සේනාංකාධිපතිවරයා කමල් පමණක් විය. එපමණටම කමල් විසින් සරත්ගේ විශ්වාසය දිනාගෙන තිබුණි. මගේ මතයේ හැටියට අවසන් සටනේදී කිසිදු යුධ රහසක් තිබී නැත. මන්දයත් එම කරුණ හෙළිකෙරීම නිසා සරත්ටවත්, කමල්ටවත්, අන්අයෙකුටවත්, රටටවත් කිසිදු අයුරකින් හානියක් සිදුවී නොමැති බැවිණි. කෙසේවුවත්, කමල් විසින් මෙම චෝදනාවටද ඉතා කදිම පිළිතුරක් මහත්මා ගුණයෙන් යුතුව ලබාදී ඇති අතර එය ඔහුගේම වචන වලින් කියතහොත් “යුධ රහස් ඇත්නම් ඒවා අපත් සමගම වැලලිළා යාවි” යන්නයි.
එනමුත්, පැණි වරකෙට හෙණ ගැසුවාක් මෙන් කමල් විසින් සිය පොත එළිදැක්වූ දින සිටම මාඪ්‍ය ඉදිරියේත්, පාර්ලිමේන්තුවේදීත්, යන එන හැම තැනකදීමත් සරත්ගේ දෝෂදර්ශනයට ලක්වන්නට කමල්ට සිදුවිය. එය එලෙස සිදුවූයේ ඇයි යන්න සිතාගැනීම තරමක් අපහසුය. ඒ මන්දයත් සරත්ව ඇගයීමට අවශ්ය සෑම තැනකම ඉතා ඉහලින් කමල් විසින් එය සිදුකර ඇති අතර පොතේ කිසිදු තැනකවත් සරත් ගැන අහිතක් ජනිතවන අන්දමේ යමක් ප්‍රකාශ  කර නැත. මැයි 18 වනදා සවස අවසන් කඩොලාන තීරුවේදී ප්‍රබාකරන්ව මගහැරීම සම්බන්ධයෙන් සරත් විසින් තමන්ට දැඩිව දෝෂාරෝපණය කල බව පමණක් සටහන් කර ඇති කමල් එයද තමාගේ අතින් සිදුවූ වරදක් ලෙස ඉතා නිහතමානීව පිළිගෙන ඇත. එහෙදී ඉතා දැඩි කලකිරීමක් ඇතිවූ බවද කමල් එහිදී පවසා ඇත. සරත්ට අනුව මෙය යුධ රහස් හෙලිකිරීමක් නම්;
පොදුවේ ගත්කළ සරත්ට මෙම පොත මගින් කිසිදු ආකාරයේ අවැඩක් සිදුවී නැතිමුත්, පොත මුද්‍රණද්වාරයෙන්  පිටවූදා පටන්ම මේ ගැන ඔහුට ඇත්තේ අමුතුම රුදාවකි. ඔහුට විරුද්ධව යම් අපහාසයක් හෝ අසාධාරණ විවේචනයක් හෝ එයින් එල්ලවී ඇත්නම් සරත් හට අධිකරණයට යෑමේ කිසිදු බාධාවක්ද නොමැත. සරත්ට මෙම පොතෙන් අවැඩක් නොවූවත් වර්තමානයේ ඔහු නියෝජනය කරනා දේශපාලන ධාරාවටත්, යුධ ජයග්රහණය පහත්කොට සලකමින් රණවිරුවන් යුධ අධිකරණයට සහ අවසානයේ දංගෙඩියට ගෙනයන්නට දරන උත්සාහයට නම් මෙම පොතෙන් ඉතා දරුණු පහරක් එල්ලකර ඇත. එමනිසා ඔහු මෙයට විරුද්ධව කතා කරනවාද, නැත්නම් ඔහු එම දේශපාලන කඳවුරේ ඉත්තෙක්ව කාගේ හෝ උවමනාවක් ඉටුකරනවාද යන්න දන්නේනම් ඔහුම පමණි. ෆීල්ඩ් මාෂල්කම ලැබීම තමාගේ තනි ජයග්රහණයක ප්රතිඵලයක් බව ඔහු ඉඳුරාම විශ්වාස කරන බව පෙනීයන අතර එය තමාට එය ලැබීම කරණකොටගෙන තමා අණදුන් දහස් ගණනක් වූ සොල්දාදුවන්ගේත් නිලධාරීන්ගේත් ජීවිතයටත් අනාගතයටත් එල්ලවී ඇති තර්ජනයට විරිද්ධව එකදු වචනයක් හෝ ප්රකාශ කරන්නට තරම් උවමනාවක් හෝ නොමැති බව ඔහු සිතනා බවද පෙනීයයි. එය ඉතාමත් පැහැදිලි ලෙසම විද්යාමාන වූ කරුණක් වූයේ මෑතකදී එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහලේකම් බෑන් කී මූන්  මෙරට සංචාරය කල අවස්තාවේදී සිදුවිය. එනම් මහලේකම් වරයා විසින් ලංකාවේ සිදුවූයේ බොස්නියාවේ සහ රුවන්ඩාවේ සිදුවූ ආකාරයේ සමූල ඝාතනයක් බව ෆීල්ඩ් මාෂල් සරත්ද අසුන්ගෙන සිටි සභාවකදී පැවසීය. ඔහු වැනි තරු පහේ ඇමතිවරයෙකුගෙන් අප බලාපොරොත්තු වන්නේ එම අවස්ථාවේදීම නැගිට එම ප්‍රකාශයට විරෝධතාවය දක්වා එය නිවැරදි කිරීම වුවත්, ඔහු මේ දක්වා කිසිදු අවස්ථාවක එම ප්‍රකාශය හෙලාදකීමක් සිදුකිරීම හෝ එය වැරදිසහගත ප්‍රකාශයක් බවට ප්‍රකාශ කිරීම හෝ සිදුකර නොමැත. “සුදුකොඩි අරගෙන යටත් වෙන්නට ආ ත්‍රස්තවාදීන්ට වෙඩිතියන්න කියල ගොටාභය අණදුන්නා, මම ඒ ගැන දන්නේ නැහැ”යි කියා කිහිපවරක්ම පැවසූ සරත්ගෙන් අප මීට වඩා යමක් බලාපොරොත්තු වේනම් එය මහත් වූ අනුවණකමකි. එම කුප්‍රකට සුදුකොඩි කතාව සරත්ගේ දෙවන පාර්ලිමේන්තු ආගමනයේ පළමු කතාවේදීමද නැවතත් පුනරුච්චාරණය කරන ලදී.
එදා ප්‍රබාකරන් නමැති මිනීමරුවාගේ නිල ඇඳුම ගලවන්නැයි තරු දෙකේ කමල්ට අණදුන් තරු තුනේ නිලධාරී සරත්; අද එම මිනීමරුවාට මරණය කැඳවන්නට කටයුතු කල කමල්ගේ නිල ඇඳුම ගලවනවා යැයි වහසිබස් දොඩයි. අද පමණක් නොව එදවසද සටන්බිමේ සිටි දක්ෂ නිලධාරීන් බොහෝමයකගේ නිල ඇඳුම ගලවන්නට සරත්ට උවමනාව තිබූ බව තතු දන්නෝ දනිති. එයට එකම හේතුව වූයේ ඔවුන් කෙදිනක හෝ තමන්ට වඩා ඉහලට යාදෝයි යන ඉරිසියාසහගත සිතිවිල්ල මිස වෙන් අන් යමක් නොවේ. නමුත් ඒ බොහෝ අවස්තාවන්හිදී ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් එම නිලධාරීන්ගේ ඉරණම වෙනස් වුවද, සරත් සහ ගොටාභය අතර සිත් නොහොඳකම් ආරම්භ වූයේ මෙවැනි සිද්ධීන් මුල්කරගෙන් බව දන්නෝ දනිති. තවද කමල්ට විරුද්ධව විනය පියවර ගතයුතු බවද ඔහු අවධාරණය කරයි. නමුත් විනය පියවර ගන්නේ යුධ හමුදා පනතේ කිනම් වගන්තිය උල්ලංඝනය කල නිසාද? සරත් එය නොදනී
- දැනටත් ක්‍රියාකාරී හමුදා සේවයේ යෙදෙන රණවිරුවෙකු විසින් ලියන ලදී. ඒ නිසා නම සඳහන් නොකරේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.